‘පෙම්වතා දාලා ගියාට මට ලොකු දුකක් නෑ මම දැන් ජොලියේ ඉන්නවා’ ජනප්‍රිය නිලි සංජානා කියන කතාව

දඟකාර යොවුන් චරිත වලට පණ පොවමින් මේ දින වල බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් තුළින් හමුවන ඇය ඔනාලි සංජනා ගමාරච්චි. ඇය මේ වන විට බොහෝ තරුන පරපුර අතර කතා බහට ලක්වන චරිතයක්. කාලයක් වැඩි ජනප්‍රියත්වයක් නැතුව සිටි සංජානා ලංකාවේ ප්‍රේක්ෂකයන් තුල කතාබහට ලක්වන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වුන වැඩසටහනක සිදුකල කතාවක් හේතුවෙන්. ඒ සංජානා කැමති වෙන්නේ BMW එකක් තියෙන කොල්ලෙකුට කියපු නිසා. කොහොම වුනත් මේ ප්‍රකශය නිසා සංජානා ජනප්‍රිය වුනා විතරක් නෙවෙයි ඇයට ගොඩක් අයගෙන් බැනුම් අහන්නත් වුනා. ඒ විතරක් නෙවෙයි BMW තියෙන තරුණයන් රැසක් ඇයට ආදර යෝජනා ගෙනාවා කියලත් සංජානා පසුව මාධ්‍යට කියලා තිබුනා, කොහොම වුනත් මේ වනවිට ලංකාවම ආදරේ කරන ඇය ගැනයි මේ කතාබහ.

දැඩි සෞඛ්‍ය නිති රීති මැද දිවිතුරා ටෙලිනාට්‍යයේ රංගන කටයුතු කරන ඇය, ඉදිරියේදි තව ටෙලිනාට්‍ය කිහිපයකින් ඔබේ ආලින්දයට පැමිනෙන්න බලාපොරොත්තු වනවාලු. සංජානා කියන්නේ මේ වනවිට ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් ඇය ලැබෙන චරිත පිලිබඳ තීරණ ගන්නේ එම චරිතයට අදාළ තිර පිටපත හොඳට කියවලා ඒ පිලිබඳ ඇයගේ ගෙදර වැඩිහිටියන් දැනුවත් කරලා ඒ අයගේ කැමැත්ත අකමැත්ත අනුව කියලයි සංජානා අපිට කිවුවේ. එයට හේතුව විදියට සංජානා කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම කෙල්ලෙක් ඉතින් මට තනි තීරණ ගන්න බෑ. මොකද මම මගේ පවුල එක්ක බැඳිලා ඉන්නේ. ඉතින් මට නිර්මාණයක් ලැබුනම මම ඒක මගේ ගෙදර අයට පෙන්වනවා. එයාලා ඒ චරිතය ගැන කියන්නේ මොකද්ද කියන එක මට ගොඩක් වැදගත්. අනිත් කාරණය එයාලා ගොඩක් උදවු වෙනවා මගේ රංගනයේ සිදුවන අඩුපාඩු මගහරවා ගන්න” කියලයි.

සංජානා කියන්නේ ගොඩක් සුන්දර රුවකට හිමිකම් කියන තරුණියක්. ඉතින් ඇයට ආදරයෝජනා ගලාගෙන එනවා ඇති කියලා හැමොම වගේ කියනවා, ඉතින් අපි ඇගෙන් ⁣ප්‍රේමය ගැන අහද්දි ඇය කිවුවේ මෙවැනි කතාවක්. “ඇත්තම කියනවනම් මට පෙම්තෙක් නෑ තාම. කට කතා ගැනනම් මම දන්නේ නෑ, හැබැයි මට සාමාන්‍ය විදිහට විවාහ යෝජනවා ඇවිත් තියෙනවා. ඒ එකකටවත් මගේ ලොකු උනන්දුවක් ඇති වුනේ නෑ. අනික හදිසියේ ආදරයක් මට එපා. හරිම කෙනා හරි කාලයේදි මගේ ජිවිතයට එකතු වෙයි. අනික මමදැන් ආදරේ ගැන ලොකුවට හිතන්නේ නෑ. මම ආදරේ කරලා තියෙනවා මගේ පළමු පෙම මට නැතිවුනා ඇත්තටම ඒ වෙලාවේ මම ගොඩක් දුක් වුනා. හැබැයි මම නැවත ආදරවන්තියක් වුනේ නැත්තේ ඒ නිසා නෙවෙයි. මගේ හිතට හරියන කෙනා තවම මුණගැහුනේ නෑ ඒකයි. කොහොම වුනත් මම දැන් පරණ කතා අතීතෙට බාරදීලා ජොලියේ ඉන්නවා. ” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.