පුංචි මෙයිලි එක්ක හුරතල් වෙන ජනප්‍රිය නිලි නෙහාරා දැන් තවත් හැඩවෙලා

අපේ කළා ලෝකයේ හැමෝම වගේ ගොඩක් ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. පුංචි තිරයේ පෙම්වතිය වුන මේනකා කාලයක් ලංකාවේ බොහොමයක් තරුණයන්ගේ සිහින කුමරිය බවට පත්වෙලා හිටියා. හැමදාම පෙම්වතිය වුන නෙහාරා පසුගිය කාලයේ ස්වර්ණවාහිනියේ විකාශනය වුන ‘හේලි’ ටෙලිනාට්‍යයේ දුෂ්ට චරිතයකට පන පෙවුවා. මේනකා ප්‍රථම වතාවට තමයි ඒ වගේ චරිතයකට පන පෙවුවේ ඉතින් ඒ අභියෝගය බාරගත්ත ආකාරය පිලිබඳ මේනකා අපට කිවුවේ මේ වගේ කතාවක් ”ඒ චරිතය මට ලොකු අභියෝයක් වුනේ නෑ එකට හේතුව තමයි ඒ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන ධනුෂ්ක රත්නායකගෙන් මට ලොකු සහයෝගයක් ලැබුනා. හැබැයි මම පුද්ගලිකව කැමති කලින් වගේ අහිංසක ආදරවන්තියගේ චරිතය කරන්න” කියලයි.

නෙහාරා මේ වනවිට විවාහකයි ඇය විවාහ වෙලා ඉන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමග ඉතින් කාලයක් විදෙස් ගතවෙලා හිටපු මේ යුවල ලංකාවට පැමිණි පසු දෙමාපියන් බවට පත්වුනා. මේ දෙදෙනාගේ පුංචි දියණිය තමයි ‘මෙයිලි’ ලංකාවේ හැමෝම වගේ නෙහාරගේ සහ මෙනකගේ මේ පුංචි දෝනිට ගොඩක් ආදරෙයි. ඒ වගේම මෙයිලිගේ හුරතල්ම වයස තමයි මේ. ඉතින් මේ දවස්වල වැඩිය එලියට යන්න බැරි නිසා මෙයිලිගේ හුරතල් වැඩ බල බල ඉන්නවා කියලයි මේනක නෙහාරා යුවල අපි එක්ක කිවුවේ. ඉතින් මේ පුංචි දෝනිට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතරේ මේ පුංචි කැදැල්ලට ආදරෙන් සන්තෝසෙන් ඉන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.