පිරිසක් ඉදිරියේ ලජ්ජා නොවී ඉන්න ක්‍රම 8ක් මෙනන්

ඇතැම් අවස්ථාවලට මුහුණ දීමේදි සිතට යම් ආතතියක් අපහසුතාවක් දැනෙන මොහොතවල් අපි හැමෝටම තිබෙනවා. කලබලය නිසාම අපේ කාර්ය හරියාකාරව සිදුකරගත නොහැකි විය හැකියි. ඇතැම් පුද්ගලයින් ඉදිරියේදි කතාව පැටලෙන තරම් නොසන්සුන්කමකට පත් විය හැකියි. නමුත්, මේ අපහසුතා නිසා  ඔබට ලැබී ඇති වටිනා අවස්ථාව මගහැර ගැනීම එතරම් නුවණට හුරු නැහැ අද අපි බලමු යම් පුද්ගලයෙකු හෝ පිරිසක් ඉදිරියේ ඔබට දැනෙන තැතිගැන්ම , නොසන්සුන්කම සහ ආතතිය මගහැරගනිමින් ඊට සාර්ථකව මුහුණ දීමට අනුගමනය කල හැකි සරල උපක්‍රම කිහිපයක් ගැන. ඔබව අපහසුතාවට පත්වන අවස්ථාවලදි ඔබට පහසුව සලසන උපක්‍රම තමයි මේ.

උගුරේ අපැහැදිලි ගතිය නැති කරගන්න කන කැසීම සිදුකරන්න.

උගුරේ කිතිකවන සුලු ගතියක් ඇති වීම කතාකිරීමේදි දැඩි අපහසුතාවක් ඇති කරවයි. එය මහත් කරදරයකි.  මෙසේ සිදුවීමට පටන්ගත් විටම ඔබේ කනක් කැසීම සිදුකරන්න. එමඟින් උගුරේ එවැනි අපහසුතාවක් උද්දීපනය වීම නතර වී යයි. මෙමඟින් කිතිය ඇත්කරවන සුලු මාංශ පේශියට යම් ගැස්මක් ඇතිකරමින් (muscle spasm)එය සමනය කරයි.

පිරිසක් ඉදිරියේදි කිවිසුම් යාම නතර කරගැනීමට  ඔබේ දිව දත් වලර එරෙහිව තද කරගන්න.

වේදිකාවක හෝ යම් පිරිසක් සමඟ වැදගත් හමුවක යෙදී සිටින විට ක්ෂණිකව කිවිසුමක් පිටකිරීමට යම් අවශ්‍යතාවක් මතුවිය හැකියි. නමුත්, ඔබට ඉන් අනවශ්‍ය අවධානයක් යොමුවීම  සහ අන් අයගේ අවධානය බිඳීමට ඔබේ කිවිසුම හේතුවක් නොවීමට ඔබේ දිව එසේ දත් වලට තබා තද කරමින් කිවිසුම මැඩගත හැකියි. නැතිනම් තත්පර 5-10 ක් පමණ උඩු තල්ල දිවෙන් කිතිකැවීමට ලක්කරන්න. කිවිසුම ක්‍රමයෙන් නැතිවී යයි. එසේත් නැතිනම් දිව උඩු හනුවේ ඉදිරි දත් 2 කට තබා තද කරගෙන සිටින්න. නමුත්, හැමවිටම කිවිසුම් යාම වළක්වන්න එපා! කිවිසුම් මඟින් සිදුකරන්නේ සිරුරේ ඇති බැක්ටිරියා වෛරස, වැනි අහිතකර ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමයි. එය නිතරම වැළැක්වීම අහිතකරය.

ඔබට ඔබ කෙරෙහි ආත්මවිශ්වාසයක් නොමැති නම් තත්පර තුනේ ඇසට ඇස සම්බන්ධතාව පවත්වාගන්න. (3 seconds of eye contact rule)

පිරිසක් ඉදිරියේදි ඔබේ ලැජ්ජාශිලි බව,සබකෝලය සහ නොසන්සුන්කම නිසා ඇතිවන අමුතු බව ආත්ම විශ්වාස ලෙසට පරිවර්තනය කරගන්නේ මෙහෙමයි. මේ සඳහා ඔබේ ශරීර භාෂාව (body language) නැතිනම් අභින භාවිතා කල යුතුයි. ඔබට කෙනෙකු දෙස ඇසට ඇස සම්බන්ධතාව පවත්වාගෙන කතා කිරීම එතරම් අපහසු නම්, පැත්තක් බලා හෝ පහළ බලාගෙන කතාකිරීම වෙනුවට ‍රැස්ව සිටින සියලු දෙනා දෙසම අවම තත්පර 3 ක් පමණ ඇසට ඇස බලා සිටීමට උත්සහ කරන්න. යම් කෙනෙකු ඔබට යමක් පැහැදිලි කරන විට තත්පර 3 කට වඩා ඔහු/ඇය ගේ ඇස් දෙස බලාසිටීමට උත්සාහ කරන්න. ඒමඟින් ඔබ සාවධානව අසා සිටින බව ඔවුන්ට ඒත්තු යාවි. එය ඔවුන් ඔබ කෙරෙහි පැහැදීමටත් එක් විශේෂිත හේතුවක් වේවි.

ඔබට ක්ලාන්ත ගතියක් දැනේ නම් ඔබේ අල්ලේ මද තදකිරීමකට ලක්කරන්න.

ඔබට ක්ලාන්තය, කැරකිල්ල ගතියක් , තිගැස්මක් හෝ කාංසාව නැතිනම් භීතියක් දැනේ නම් මේ උපක්‍රමය භාවිතා කරන්න. මෙම පීඩන ලක්ෂ්‍යය තෙරපවීම ඔබේ අපහසුව සමනය කරවයි.

ඉක්කා වැටීම නතර කරගැනීමට

ඔබේ කන් දෙකට ඇඟිලි ගසාගනිමින් වතුර බෝතලයකි පින්තුරයේ ආකාරයෙන් වතුර බොන්න. තවත් ක්‍රමයක් ලෙස, ඔබේ දණහිස් පපුව දෙසට ගේ එමින් මිනිත්තු 2 ක් පුරාවට තදින් බදාගෙන සිටින්න. නාසයේ පැත්තකට බැගින් මෘදු පීඩනයක් ලබාදෙන අතරේ ගිලීම සිදුකරන්න.

පිරිසක් ඉදිරියේ කතාකිරීමට හෝ වැදගත් ඉදිරිපත් කිරීමක් සිදුකිරීමට පෙර ඔබට භීතියක් දැනේ නම් ඔබේ සිරුරේ සියලු මාංශ පේශීන් හැකිළීමකට/තද කිරීමකට ලක්කරන්න.

වැදගත් ඉදිරිපත් කිරීමකට පෙර අපි සියලු දෙනාටම මෙය පොදුවේ ඇතිවන්නකි. නමුත්, අනවශ්‍ය ලෙස බියට සහ ආතතියට පත්වීම නිසා ඔබේ සිහියට බලපෑම් ඇතිවිය හැකියි. ඔබේ මුහුණේ ඇති මාංශ පේශීන් ,උරහිස් සහ අත් හකුළුවමින් ,තද කිරීමකට ලක් කිරීම සිදුකරන්න. අත් මිට මොලවා තදකරන්න. ඉන්පසුව, සැහැල්ලු වෙන්න. ඉදිරිපත් කිරීමට පෙර ගැඹුරින් හුස්මක් ගන්න.

කඳුලු ගැලීම නතර කරගැනීමට උඩු අතට බලා හුස්ම මද වේලාවක් සිරකරගෙන සිටින්න.

ඔබේ සංවේදී බව අන් අය දැනගන්නවාට ඇතැම් විට ඔබ අකමැති ඇති. කඳුලු නතර කිරීමට උඩු අතට බලාගෙන සිටිමින් තත්පර කිහිපයක් හුස්ම සිරකරගෙන සිට සෙමින් හුස්ම පිටකරන්න. ඔබට ඉන් සැහැල්ලුවක් දැනේවි.

කාංසාව නැතිනම් භීතිය දුරුකරගැනීමට උත්සාහ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට පෙර මිනිත්තු 15 ක් පමණ කල් ලබාගන්න.

මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ දිනපතාම මිනිත්තු 15 ක් බැගින් වෙන්කර ඔබේ සිතේ ඇති ලතැවුල් , ඔබ නිතරම වද වන දේවල් සහ භිතිය දැනෙන දේවල් ගැන සිතමින් ඒවා දුරු කරගැනීමට උත්සාහ කිරීම පුරුද්දක් කරගැනීම ඉතා උචිත දෙයක් බවයි. එමඟින් එම පුද්ගලයා තුල හොඳ සූදානමක් ක්‍රමයෙන් ගොඩනැගෙනු ඇත. නමුත්, රාත්‍රි නින්දට ගිය විට හෝ ඊට ආසන්න වෙලාවක නම් මේවා ගැන සිතීම කිසිසේත්ම නොකල යුතුයි. එය ඔබේ නින්දට බාධාවක් වගේම ඔබේ මානසික සෞඛ්‍යයට සුදුසු නොවන පුරුද්දක්. එබැවින් දවසේ වෙනත් වේලාවක් ඒ සඳහා ‍තෝරාගන්න මතක තබාගන්න!