පිරිමි අවලස්සන කරන වැරදි විලාසිතා 13 ක්

කාන්තාවන් වගේම පිරිමි උදවියත් විලාසිතා අනුගමනය කිරීමට ප්රිපයතාවක් දක්වනවා. අප භාවිතා කරන ඇතැම් විලාසිතා නිසා අපේ පෙනුමට බාධා ඇති වියහැකියි. විශේෂයෙන්ම නොගැලපෙන විලාසිතා අනුගමනය කිරීමට යාම නිසා. මේ කියන්න යන්නේ පිරිමි පාර්ශවය විලාසිතා අනුගමනය කිරීමේදි සිදුකරන එවැනි පොදු වැරදි කිහිපයක් ගැනයි.

1 බඳපටි සමඟ කරපටි එකවර පැලඳීම

බටන් ඩවුන් වර්ගයේ කමිස වලට වඩාත් සුදුසු වෙන්නේ කරපටියක් (suspenders) හෝ බඳ බඳපටියක් (belt)භාවිතා කිරීමෙනි. මේ දෙක අතරින් එකක් ඔබ කැමති ලෙස ‍තෝරාගන්න පුලුවන්. නමුත්, දෙකම එකවර පලඳින්න එපා. එයා විලාසිතානුකූල දෙයක් නොවෙයි.

2 කෝට් එකට වඩා කොට ජැකට්ටුනවක් හැඳ සිටීම

කෝට් එකකින් පිරිමි ඇඳුමකට හොඳ පෙනුමක් ලැබෙනවා. නමුත්, ඔබ ඊට යටින් උඩින් ජැකට් එකක් අඳිනවානම් එය ඔබේ කෝට් එකට වඩා කොට නොවිය යුතුයි. එය ඔබට අවලස්සන පෙනුමක් එක් කරාවි.

3 ක්ලැසික් වර්ගයේ ජැකට්ටුවක් සමඟ පි‍ටුපසින් එල්ලා ගෙන යන බෑගයක් භාවිතා කිරීම

21 වන සියවසේ විලාසිතා මිශ්රට කර භාවිතා කිරීම තමයි නවීන ශෛලිය වෙලා තිබෙන්නේ. ඒ කොහොම වුණත් එකිනෙක නොගැලපෙන විලාසිතා නොකර ඉන්න තරමට ඔබේ පෙනුම ආරක්ෂා කරගත හැකියි. උදාහරණයක් විදියට ඔබ අඳිනක්ලැසික් ජැකට්ටුේවට උඩින් බැක්පැක් වර්ගයේ බෑගයක් පලඳින්න එපා. ඒ වෙනුවට ලැප්ටොප් බෑගයක් වැනි පැත්තකින් ගෙන යන බෑගයක් පලඳින්න.

4 බිඳුණු ඔරලෝසු පැලඳීම

වැදගත් ‍රැස්වීමක් හෝ උත්සව අවස්ථා ආදී ඔබ පිළිවෙලකට සහභාගී විය යුතු අවස්ථා එදිනෙදා ජීවිතයේදී යෙදෙනවා. කොතරම් මිල අධික ඔරලෝසුවක් වුණත් වෙලාව වැඩ නොකරනවා නම් එය පැලඳීම ප්රඋයෝජනයක් නැහැ වගේම ඔබේ පෙනුමටත් උචිත නැහැ. ඒ වගේ අවස්ථා වලදි ඔබ අපහසුතාවට පත් වීමට ඉඩ තිබෙනවා.

5 කොට ටයි පටි පැලඳීම

ටයි පටි පැලඳීමේදී ඒවා වඩාත් කොට ලෙස හෝ වඩාත් දිගුව පලඳින්න එපා. ටයි පටි පැලඳීමේදී පොදු නීතියක් සේ සැලකෙන මේ කරුණ මතකයේ තබාගන්න: ඔබ පලඳින ටයි පටියේ තුඩ ඔබේ බඳ පටියේ බකලය ආවරණය වීම ප්රනමාණවත් බව.

6 අව් කණ්නාඩිය හිසේ රඳවාගෙන සිටීම

මෙය නරක දෙයක් ලෙස කියන්න බැහැ. නමුත්, මේ පුරුද්ද ඔබේ විලාසිතාව විනාශ කිරීමට ඉඩතිබෙනවා. ඔබේ හිස ප්රවමාණයෙන් විශාල නම් මේ නිසා තවත් එය ඉස්මතු වී අන් අයට පෙනීමට ඉඩ තිබෙනවා. අව් කණ්නාඩි නොපලඳින විට කමිස සාක්කුවේ හෝ කමිසයේ එල්ලා රඳවාගැනීම සුදුසුයි.

7 ‘තර්මල් පෑන්ට්ස්’ ක්රීාඩා ඇඳුමට උඩින් වෙනත් ආවරණ ඇඳුමක් නො ඇඳීම

සම මත සෘජුව සම්බන්ධ වන සහා උලුප්පවා පෙන්වන ඇඳුමක් නිසා මේවා භාවිතා කිරීමේදි ඊට උඩින් කොට කලිසමක් ඇඳීම සිදුකල හැකියි. විලාසිතාවකට වඩා ශිෂ්ට බවක් තමයි ඉන් බලාපොරොත්තු වෙන්නේ.

8 කාසි සහා නෝට්ටුත සාක්කු වල දමාගෙන සිටීම

කාසි වල මුදල් පුරවා ගෙන සිටීම උචිත නැහැ. ඒ වෙනුවට මුදල් පසුබියක් භාවිතා කිරීම විලාසිතානුකූල දෙයක් වෙනවා. එහි මුදල් වගේම හරපත් බැරපත් වැනි කාඩ් රඳවා තබාගත හැකිවීම ඔබට පහසුවක් වේවි.

9 කමිසයේ උඩම බොත්තම පියවීම

කමිසයේ මිනී බොත්තම නැතිනම් ඉහළින්ම පිහිටන බොත්තම පියවන්නේ නැතිව විවෘතව තබා ගැනීමෙන් ඔබට හොඳ පෙනුමක් ලැබෙනවා. මේ පෙනුමට කාන්තාවන් බොහෝ ප්රිාය කරනවා කියලයි කියන්නේ. නමුත්, අනෙක් බොත්තම් එසේ විවෘත කරගෙන සිටින්න එපා. එය ඔබට එතරම් ආකර්ෂණීය බවක් ලබා දෙන්නේ නැහැ. ටයි පටියක් පැලඳීමේදි වැනි අවස්ථා ඇතුලි ඇතැම් අවස්ථා වලඩී ඉහළ බොත්තම පියවීම සිදුකලයුතුයි.

10 ජීන්ස් කලිසම තුල දේවල් පුරවාගෙන සිටීම

ඔබේ පෞද්ගලික භාවිතයට ගන්නා දේවල් ඔබේ බෑගයේ තබාගන්න. පසුම්බි,යතුරු කැරලි,දුරකථනය, ඉයර් ෆෝන් එක වැනි දේවල් කලිසම් සාක්කුවේ පුරවා ගෙන සිටීම නොකරන්න. ඔබ තද කලිසමක් ඇඳ සිටින්නේ නම් මේ පුරුද්ද නිසා ඔබව අපිළිවෙලට පෙනීමට ඉඩ තිබෙනවා

11 කලිසම් අත ගැන අවධානය යොමුනොකිරීම

ජැකට්ටුවක හෝ ඔබේ කමිසයේ හෝ කමිස අතේ දිග මැණික්ක‍ටුවට ඉහළින් අවසන් විය යුතුයි.ඔබ කමිස මිලඳි ගැනිමේදී මේ පිලිබඳව විමසිලිමත් වීම වැදගත්.

12 ටී-ෂර්ට් කලිසමට යට කිරීම

ඔබ ටී-ෂර්ට් අඳින විටදී කලිසමට යට නොකල යුතු වන්නේ එමඟින් ඔබගෙන් අපිළිවෙල ආකාරයක් දිස්විය හැකි නිසයි. ඒවගේම ටී-ෂර්ට් එක මේ නිසා හැකිලුණු ස්වභාවයක් ගන්නවා. ටී-ෂර්ට් එකක උස ප්ර මාණය කෙසේ විය යුතුද කියාත් ඔබ දැන සිටිය යුතුයි. අත් පහළට දමා සිටින විට ඔබේ ට්-ෂර්ට් එකේ යට දාරය පිහිටන්නේ ඔබේ බාහු වල මැද සීමාවට කෙලින් නම් ඔබේ තේරීම නිවැරදියි.

13 ප්‍රමාණයෙන් සිරුරට වඩා විශාල කමිස භාවිතා කිරීම

විශාල කමිස හැඳීමත් එක් විලාසිතාවක්. නමුත්, කමිස වල ප්ර මාණය ඔබේ සිරුරට ගැලපෙන ලෙස තිබීමෙන් ඔබට වඩාත් හොඳ පෙනුමක් ලැබෙනවා. ඔබේ සිරුරේ මිම්ම මැනගනිමින් ඊට ගැලපෙන කමිස මිලදී ගැනීම වඩාත් උචිතයි. ඔබට ගැලපෙන වර්ගයේ කමිස භාවිතා කිරීම මඟින් ඔබේ පෙනුම වගේම පෞරුෂයේ වැදගත්කම ආරක්ෂා කරගැනීමටත් ඔබට හැකි වේවි.