පිරිමින් වඩාත් ප්‍රිය කරන කාන්තා ගතිලක්ෂණ 05 මෙන්න

කාන්තාවගේ ආකර්ෂණීය බව යනු ලිපි,සටහන්,චිත්‍රපටි,නාට්‍යය,නවකතා වැනි සාහිත්‍යයමය වටිනාකමක් සහිත නිර්මාණ වලට පවා විෂය වන සහා දැඩි ලෙස කතාබහට ලක්වන ප්‍රචලිත මාතෘකාවකි. කෙසේ හෝ වේවා,ආකර්ෂණීයබව යනු මැනීමට හෝ ලේබල් ගැන්වීමට අවශ්‍යය වන දෙයක් නොවෙයි. ඇත්තෙන්ම ආකර්ෂණීයබව කියන්නේ කෙනෙක් අත්විඳිය යුතු සහා ඔහු/ඇය තුලින් අන් අයට නිරූපණය වියයුතු දෙයකි. මේ කියන්න යන්නේ ඒ ආකාරයේ ආකර්ෂණීය කාන්තා ගති ස්වභාවයන් 5 ක් ගැනයි.

01. ආකර්ෂණීයබව කාන්තාවකගේ දෙවන ස්වරූපයයි.

කාන්තාවක් නිතරම තම පෙනුම ගැන සැලකිලිමත් වෙනවා. අන් අයට තමන්ව පෙනෙන්නේ කොයි ආකාරයෙන්ද යැයි හැමවිටම වදවෙමින් ඔබවම පීඩාවට පත්කරනොගන්න. සෑම විටම සිනාසී ලෝකයාට මුහුණ දියයුතු වන්නේ නැහැ. ඔබ ඔබට ආවේණික ලෙස ජීවත්වීමෙන් ඔබ තුලින් පියකරු බවක් වගේම තේජාන්විත බවක් පිලිබිඹු කෙරෙනවා. ආකර්ෂණය යනු මිනිසුන් ඉදිරියේ යහපත් අයෙක් ලෙස පෙනීසිටීම පමණක් නොවන බව මතකතබාගන්න. ඔබ විසින් ඔබට ලබාදෙන වටිනාකම සහා තමන් කෙරෙහි ඔබට ඇති ආදරය තමයි සැබෑ ආකර්ෂණීයබවට හේතුව වෙන්නේ.

02. කාන්තාවකට තමන් කෙරෙහි ඇති ආදරය

කිසිම කාන්තාවක් දුෂ්කර හා ක‍ටුක ජීවිතයකට කැමති නැහැ. ඒ නිසා කුමන දේ සිදුකරත් කිසිදා ඇය දැරිය නොහැකි මට්ටමකදී තවදුරටත් තමන්වම පීඩාවට පත්කරගන්න උත්සාහ කරන්නේ නැහැ.සාර්ථකත්වය වෙනුවෙන් ඔබවම ආතතියකට පත්කරගෙන කටයුතු කිරීම සහා පවුලේ අය සතු‍ටු කිරීම වෙනුවෙන් පමණක් වෙහෙස මහන්සිවීම කිසිදු විටක ඵලදායි නොවෙයි.  බොහෝවිට ඔබ සිටින්නේ සැහැල්ලුවෙන් නම් , නිදහස් බවකින් නම් ජීවිතය ජයගන්නට වගේම ඔබට දියුණුව කරායාමට ඇති අවස්ථා ගණන ඊට වඩා වැඩියි. ඔබ සතුටින් සිටීමට ප්‍රමුඛතාව දෙන්න. ඒ හරහා ඔබ තුල ඇතිවන ශක්තිය සහා විශ්වාසය තුලින් අන් අයගේ ජීවිතවලටත් ආලෝකයක් වෙන්නට ඔබට හැකිවේවි.

03. කාන්තාවක විසින් අන් සැමදේට වඩා ආධ්‍යාත්මික සුවතාවයට ප්‍රමුඛස්ථානය ලබාදීම.

එවන් කාන්තාවක් කිසිවිටෙක ලෝකයාට විරුද්ධ වීමට කටයුතු නොකරයි. ඒ වගේම ජීවිතයේ ක‍ටුක බව සහා දුෂ්කරතා ගැන නිතරම පැමිණිලි නොකරයි. දෛවය විසින් සියල්ල තීරණය කරන බව සිතීම නුවණක්කාර දෙයක් නොවෙයි. සියලු දෙනාටම ගැහැණු පිරිමි බේදයකින් තොරව දවස අවසානයේ තමන් කෙරෙහිම් අනුකම්පාවක් ඇතිවෙන ආකාරයේ විවිධ වෙහෙසකර අත්දැකීම් සහා අවස්ථාවන්ට මුහුණපෑමට සිදුවෙනවා. සිතේ සතුට ඇති කරගැනීමට නම් උත්සාහය වැදගත්. ඉතින්, ඒ නිසාම ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ලබාගන්නවාද නැති නම් ඒවා මඟහැරගනිමින් විඳවනවාද කියා ඔබම තීරණය කරන්න!

04. තමන්ව වර්ණනා කරන විට සහා අගයන විට ඒවා සුහදව පිළිගැනීමට කාන්තාවකගේ ඇති දැනුවත්කම.

විලාසිතා ප්‍රියකරන කාන්තාවන් අවධානයට පාත්‍ර වීමේ කේන්ද්‍රස්ථානය යැයි කීම වඩාත් උචිත වේවි.බොහෝ දෙනා විසින් ඇයගේ සුන්දරත්වය වර්ණනා කිරීමට පෙලඹෙයි. එම වර්ණනා සහා ඇගයුම් වලට සුහදව ප්‍රතිචාර දැක්වීමට කාන්තාවකගේ ආකර්ෂණීය ලක්ෂණයකි. එසේ නොමැතිව වර්ණනා කරන විට ලැජ්ජාශීලීව ඉවත්වීම හෝ ඒවාගෙන් උද්ධාමයට පත්වීම කිසිසේත්ම නොකළයුතු දෙයකි. කාන්තාවක් තමන්ට ආදරය කිරීමේ වැදගත්කම ගැන මෙහිදි යලිත් පිලිබිඹු කෙරේ. ඇය තමන්ගේ වටිනාකම ගැන හොඳින් දැනසිටීම වඩාත් වැදගත්ය. ඒ හරහා ඇයට හොඳ ආත්මවිශ්වාසයක් ගොඩනැගේ. ඔබේ පෙනුම ලස්සන බව යම් අයෙක් පවසයි නම් ඔබ එසේ නොමැති බව කියමින් ඊට ප්‍රතිචාර දැක්වීම කිසිසේත් උචිත නැත. ඒ වෙනුවට ඔහුට/ඇයට සරලව “ස්තූතියි” කියමින් සුහදව ප්‍රතිචාර දක්වන්න පුරුදුවන්න.

05. කාන්තාවකට තමන්ට හිමි ශරීර ස්වභාවය ගැන ඇති තෘප්තිමත්බව.

සුන්දර හැඩැති කාන්තා සිරුරක් යැයි කී විට ඔබේ සිහියට නැගෙන්නේත් සිහින් ඉන පෙදෙසක් සහා පළල් උකුල් සහිත කාන්තා රුවක් නම් එය හුදෙක් ඒකාකිතික අදහසක් (stereotype) පමණි. සුන්දරත්වය මෙසේ විය යුතුයි නිශ්චිත අදහසකින් කීමට හෝ ලේබල් ගැන්වීමට කිසිවෙකුටත් නොහැකියි. ඔබේ ශරීර ස්වභාවය සාපේක්ෂ දෙයක් නොව ඔබටම පමණක් ආවේණික වූ දෙයකි. එම නිසා එවැනි මත දෙස උපහාසයෙන් බලා අමතක කරදැමීම වඩාත් උචිත වේවි. මෘදු, සිහින්, මහත, කෙට්‍ටු වැනි විවිධ ශරීර ස්වභාවයන් ඇති කාන්තාවන් ඉතා ආකර්ෂණීය බවට ඕන තරම් උදාහරණ ඇත. වඩාත් ආකර්ෂණීය වන දේ තමයි සාර්ථකත්වය කෙරෙහි ඔවුන්ගේ ඇති උනන්දුව. ආකර්ෂණීය බව ලැබීමට හිර කලිසම් හෝ කොට සාය විලාසිතාම අවශ්‍යය නැහැ. ඔබේ සිරුරට ගැලපෙන විලාසිතා භාවිතයෙන් ඔබට හොඳ පෙනුමක් ලබාගැනීමට හැකියි. විලාසිතා ලෝකයේ බිහි වන විවිධාකාරයේ විලාසිතා ‍රැලි නිසා ඔබේ ශරීර ස්වභාවය කෙරෙහි කලකිරීම අනුවණකමක්.