පින්තූරයේ ඇති ඇස් අතරින් එකක් ‍තෝරා ගන්න ඉන් ඔබ ගැන කියවෙන දේ මෙන්න

මිනිස් උපවිඥානය යනු වසර ගණනාවක් ගත කරමින් අද්‍යයනය කලත් තේරුම් ගැනීමට ඉතා අපහසු අඳුරු ප්‍රදේශයක් යැයි කීම වඩාත් නිවැරදි වේවි. උපවිඥානය හරහා මිනිසාගේ ගැඹුරු සිතුවිලි, භීතිකාවන්, රහසිගත ආශාවන් සහා යටපත් කල හැඟීම් ආදිය පිලිඹිබු කිරීමට සමත් ය. ඒවා යම් පුද්ගලයෙකුගේ පෞරුෂ ලක්ෂණ කෙරෙහි බලපෑම් සිදුකරනු ලබයි.
ඔබගේ පෞරුෂ ලක්ෂණ මොනවාදැයි දැනගැනීමට ඔබටත් කුතුහලයක් ඇති වී තිබෙන්නට පුලුවන්. අද දවසේදී අපි ඔබට ගෙන ආවේ ඉතා සරල පෞරුෂත්ව පරීක්ෂණයක්. මෙමඟින් ඔබේ මනසේ මනෝවිද්‍යාත්මක සහා චිත්තවේග පිලිබඳව පැතිකඩ අඛ්‍යනය කරමින් ඔබ කෙබඳු ආකාරයේ පුද්ගලයෙකු දැයි ඔබට පවසාවි. විනෝදය පිණිස ඔබත් මෙය උත්සාහ කර බලන්න.

මෙම රූප අතරින් කැමති රූපයක් තෝරා ගන්න,

1. ඔබ ඉතා විවෘත පුද්ගලයෙකි

ඔබ ඕනෑම කෙනෙක් හදවතට ලංකරගන්නා ආකාරයේ ඉතා මෘදු සහා සානුකම්පිත ගතිගුණ ඇති පුද්ගලයෙකි. ඔබ අත්දැකීම ලැබීමට වඩාත් කැමති අයෙකි. හැඟිමක් දැනීමක් නැති අයෙකු මෙන් නොව ඔබ වේදනාව සහා සිත් රිදුම් වලට ලක්වීමට හෝ ඔබේ හැඟීම් ප්‍රකාශ කරයි. ඔබ ඔබේ පීඩාවන් හා ගැටළු හැකිතාක් ලෝකයාගෙන් සැඟවීමට කටයුතු කරන අතර ඔබේ ප්‍රශ්න අන් අය සමඟ බෙදාගැනීමට අකමැතිය. පෞද්ගලික ප්‍රශ්න තමන් විසින්ම විසඳාගත යුතු වන දේවල් ලෙස ඔබ දැඩිව විශ්වාස කරයි. ඔබ බොහෝ වේදනාවට හා ගැටළුවලට පත් වී සිටියත් අන් අයගේ උපකාරයට සැම විටම ඉදිරිපත් වන ආකාරයේ පුද්ගලයෙකි. අන් අයට උපකාර කිරිමේ ගුණය ඔබ තුල දැකිය හැකි ආකර්ෂණීය පෞරුෂ ලක්ෂණයකි.

2. හෘදයසාක්ෂියකට අනුව කටයුතු කරන සවිඥානික පුද්ගලයෙකි

ඔබ ඉතා සාධාරණ සහා නිවැරදි දේ සිදුකරන පුද්ගලයෙකු බව ඔබ සිතයි. ඒ නිසාම එම ගුණය ඔබේ ජීවිතයේ හර වටිනාකමක් සේ සලකා කටයුතු කරයි. යම් කෙනෙකු ඔබ කෙරෙහි ආකර්ෂණව වන ආකාරයෙන් කටයුතු කිරීමට ඔබ ඉතා කැමතිය. ප්‍රායෝගිකව එසේ ජීවත්වීමට උත්සාහ නොකලත් ඔබ ගැන සර්වසම්පූර්ණ ප්‍රතිරූපයක් (ideal self) ඔබේ මනසේ නිර්මාණය වී ඇත. ඔබ සිදුකරන යහපත් හෝ අයහපත් ක්‍රියාකාරකම් ඔබ අවට සිටින අයගේ ජීවිත වලට ද බලපෑම් ඇතිකරන බව ඔබට හොඳ අවබෝධයක් ඇත. ඔබ වටා දුක්ඛිත වාතාවරණ හා අසාධාරණයන් ඇති වීම ඔබව නොසන්සුන් කරවයි. එහිදී, ඔබ සක්‍රීව මැදිහත් වීමට පෙලඹෙමින් තත්වය සාමදාන කිරීමට උත්සාහ කරයි. “ඔබ විසින් ලෝකයේ දැකීමට අපේක්ෂා කරන වෙනස ඔබම වෙන්න (‘be the change you want to see in the world’)” යන්න ඔබේ ජීවිතයේ ආදර්ශ පාඨයයි. ඔබ එය නිතරම අනුගමනය කරයි.

3. ඔබ ඔබේම අතීතය තුල සිරවී සිටින පුද්ගලයෙකි.

ඔබේ ඇතුලාන්තය තුලින් ඔබ සිරවූ පුද්ගලයෙකු බව ඔබට නිතරම හැඟුණත් එසේ හැඟීමට හේතුව ඔබට අපැහැදිලිය. ඇතැම් විට ඔබගේ අතීතය ඉතා අමිහිරි හා ක‍ටුක අත්දැකීම් වලින් පිරුණු එකක් වන්නට ඇති අතර එහි බලපෑම් අදටත් ඔබේ ජීවිතයේ හොල්මන් කරමින් සිටිනවා විය හැකියි. ජීවිතය කෙරෙහි කලකිරුණු ස්වභාවය හා ඔබේ ජීවිතයම විහිළුවක් බවට පත් වී ඇතැයි නිතර හැඟීයාම ඔබට පාලනය කරගත නොහැකි වී ඇත. නමුත්, ඔබ ඉතා ශක්තිමත් ලෙස ලැබෙන සෑම අවස්ථාවකම සැනසීමෙන් ජීවත් වීමට උපරිම උත්සාහයන් දරයි.
ඔබ ඔබේ ගැටළු අන් අය සමඟ පැවසීම සිදුනොකරන අයෙක් වන අතර ඔබ විසින්ම අවස්ථාවන් හා ගැටළු වලට තනිවම මුහුණ දෙන ආකාරය ඔබ හඳුනයි. ඔබ අසීමිතව පීඩාවට හා දුකට පත් වී සිටියත් ඔබ එය තනිව විඳදරා ගනියි. ඔබට පුද්ගලයින්ගේ චරිතය කෙබඳු දැයි හඳුනාගැනිමේ හොඳ හැකියාවක් ඇත. ජීවිතයේ වැ‍ටුණු තැනින් නැගිටීමට කටයුතු කරන පුද්ගලයෙකි.

4. ඔබ දාර්ශණික අදහස් ඇති පුද්ගලයෙකි

දේවල් නිරීක්ෂණය කරමින් විශ්ලේෂණය කිරීමට ඔබ වඩාත් පරියකරයි (විශේෂයෙන්ම වචන සහා අවට ඡායාවන් තුලින් ලෝකය ගැන විභාග කරමින් අද්‍යයනය කිරීමට ඔබේ ඇති කැමැත්ත). වගන්තියක් වුවද ප්‍රේහේලිකාවක් ලෙස සිතමින් එය කොටස් වශයෙන් ගෙන එහි සත්‍ය අරුත වටහා ගැනීමට උත්සාහ කරයි. ඔබ අධිකව සිතන සහා අධිකව විශ්ලේෂණය කිරීමෙහි යෙදෙන පුද්ගලයෙකි. බොහෝ දෙනෙකුට මෙබඳු විශ්ලේෂණ හැකියාවක් පිහිටන්නේ නැත. එමඟින් විවිධ දේවල් සම්බන්ධ ගැඹුරු අරුත් වටහා ගැනීමට ඔබ සමත් වේ.
ඔබ ඉතා පහසුවෙන් ඔබේ සිතුවිලි තුලම අතරමං වන පුද්ගලයෙකි. හරි දේ සහා වැරදි දේ වෙන් කර හඳුනාගැනීමට ඔබ යම් අවස්ථාවලදී අපොහොසත් වේ. නමුත්, ඔබේ එම අවිනිශ්චිත හැඟීම් ලෝකයා විසින් දැනගන්නවාට ඔබ අකමැතිය. මිනිසුන් ඉදිරියේ ඔබ ඉහළ ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙකු මෙන් පෙනී සිටීමට කටයුතු කරයි. ඔබ ජීවිතය දකින්නේ ප්‍රේහේලිකාවක් ලෙසයි. ඔබ බොහෝ කාලයක් ගත කරන්නේ එහි අග මුල කෙසේ දැයි සිතීමටය.ඇතැම් දේවල් ඔබට අවබෝධ කරගැනීමට ඉතා අපහසු වුවත් ඔබ ඉන් ගැටළුවට පත් නොවෙයි.

5. ඔබ ගුප්ත පුදගලයෙකි

ඔබට ඔබේ සැබෑ ස්වරූපය කෙසේදැයි තවමත් හඳුනාගැනීමට නොහැකිය. නමුත්, කවුරුන් හෝ ඔබව යම් ලෙසකින් ලේබල් කරනවාට හෝ සිරකරනවාට අකමැතිය.ඔබ වෙනසට ඉතා කැමති පුද්ගලයෙකු වන අතර කුඩා දේකින් හෝ පහසුවෙන් සිත් රිදවා ගන්නා පුද්ගලයෙකි. අන් අය ඔබව යම් ඒකාකාරි ස්වරූපයකින් හඳුනාගන්නවාට අකමැති නිසාම ඔබ ඔබගේ පෞද්ගලික තොරතුරු අන් අය සමඟ බෙදාහදා ගැනීමට සිදුනොකරයි. ඔබ කතා කරන්නේ ඉතා අල්ප වශයෙනි. ඔබේ ඇතැම් ක්‍රියාකාරකම් අන් අයට ප්‍රෙහේලිකාවක් බඳුය. ඔබ නිරීක්ෂකයෙක් ලෙස සමාජය ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි දැකීමට ඉතා කැමතිය. ඔබේ අදහස් දක්වනවාට වඩා මිනිසුන් ක්‍රියාකරන ආකාරය දෙස බලාසිටීම හා ඔවුන්ගේ අදහස් අසාසිටීමට ඔබ වඩාත් කැමතිය. ඔබට හොඳින් විශ්වාස දේවල් පමණක් අන් අයට පැවසීම ඔබේ ලක්ෂණයකි.

6. ඔබ ඉතා සංවේදී මෘදු හදවතක් ඇති පුද්ගලයෙකි

ඔබ දේවල් නිරීක්ෂණය කිරීමට ඉතා කැමතිය. ඔබට පහසුවෙන්ම මිනිසුන් සහා සිදුවීම් වටහාගැනීමට පහසු වි ඇති නිසා ලෝකය ගැන ඔබට හොඳ අවබෝධයක් තිබේ.ඔබට හැඟීම් දැනීම් වඩාත් සංවේදී හා ගැඹුරු ලෙස දැනෙන නිසා ඉතා ඉක්මනින් සුලු දේටත් ඔබ ඉක්මනින් කම්පාවෙයි. අධිකව සිනහාවෙන විට පවා ඔබ පහසුවෙන් ඇඬීමට ඉඩ ඇති අතර එසේ වන්නේ ඔබේ ත්‍රීවුර වූ චිත්තාවේග නිසයි. ඔබේ දුර්වලතා සහා ඇතුලතින් ඔබ කොතරම් සංවේදී පුද්ගලයෙකු දැයි අන් අය දැනගැනීම ඔබට ගැටළුවක් නැත. එම නිසා ඔබ ලෝකයෙන් ඔබේ සත්‍ය වසන් කිරීමට උත්සාහ නොකරයි. අවස්ථාවන් හොඳින් තේරුම් ගැනීමට ඔබේ ඇති විශේෂ හැකියාව නිසා අනාගතයේ සිදුවීමට ඉඩ ඇති දේවල් පිලිබඳව පවා ඔබට හැඟීයයි.

7. ඔබ දැඩි පුද්ගලයෙකි

ඔබ ඉතා ශක්තිමත්, බලවත් සහා හොඳ උනන්දුවකින් යුත් පුද්ගලයෙකි. ඔබ ඉතා ආදර්ශමත් පුද්ගලයෙකු නිසාම ඔබව නිතරම පුද්ගලයින්ගේ වර්ණනාවට පාත්‍ර වේ. ඔබේ පෞරුෂය ඉතා කැපීපෙනෙන එකකි. ඔබට අවංක නම් ඔබ මුලු හදවතින්ම ඒ අයට ආදරය කරන පුද්ගලයෙකු වන අතර ඔබට එරෙහි වන්නන්ට මුලු බලයම භාවිතා කරමින් වෛර කිරීමටත් ඔබට හැකියාව ඇත. සරලවම හොඳට හොඳයි -නරකට නරකයි යන කියමන ඔබ ගැන හොඳ පැහැදිලිකිරීමක් ලබාදෙයි. ඔබට ඉතා හොඳ දැක්මක් ඇත. ඔබේ සිත පහසුවෙන් හදාගැනීමේ හැකියාවක් ඔබට ඇත. නමුත්, ඇතුලාන්තයෙන් ගැඹුරින් බලන කල ඔබ යම් සාංකාවකින් සිටින පුද්ගලයෙකු බව කිව හැකිය. ඔබ ඒ ගැන දැනුවත්ව සිටියත් ලෝකය ඔබේ අනාරක්ෂිත හැඟීම් දැනගන්නවාට ඔබ අකමැතිය. ඇතැම් අවස්ථාවල ඔබ මනසින් දුක්ඛාන්ත මවාගන්නා අතර ඔබ ඉන් විනෝදයක් ලබයි.

8. ඔබ යම් ආකාරයකින් අසාමාන්‍ය පුද්ගලයෙකි

ඔබට ඇත්තේ අමුතු ආශාවන්, විනෝදාංශ සහා පුරුදු වීම විශේෂත්වයකි. සරලවම පැවසුවහොත් ඔබ අන් අයට වඩා වෙනස් (unique) පුද්ගලයෙකි. අන් අය ඔබ විකාර අදහස් ඇති අයෙකු ලෙස හැඳින්වුවත් ඔවුන් ඔබ ගැන සිතන ආකාරය ඔබට වැදගත් නැත. ඔබ නීති වලට සීමා වන අයෙකු නොවන අතර තරාතිරම හෝ සමාජ තත්වය ගැන තැකීමක් නැත. ඔබ ඔබටම ආවේණික වූ ක්‍රමයකට කටයුතු කරන අතර ඔබ ඔබේ සිත කැමති දේ ගැන හොඳ විශ්වාසයකින් පසුවෙයි. ඔබ ඉතා විවෘත ලෙස කටයුතු කරන නිසා ඔබේ සැබෑ ස්වරූපය ගැන මිනිසුන්ගෙන් සැඟවීමට කටයුතු නොකරයි. අන් අය ඔබව විවේඡනය කිරීම් ඔබ විසින් නොසලකාහරිනු ලබයි. ඔබ අන් අයට උදාහරණයක් වීමට සහා ගෞරවාන්විතව ජීවත් වීමට ද උත්සාහ කරයි. ඔබ අන් අයගේ සිහින සැබෑ කිරීමට හැකි සෑම ලෙසකින්ම උපකාර කරන අතර ජීවිතයේ සැබෑ සතුට ‍රැඳී ඇත්තේ එතන බව ඔබ විශ්වාස කරයි. ඔබ විප්ලවකාරි චරිතයක් ලෙස ජීවිතය විඳිමින් සිටින අයෙකි.

9. ඔබ ජීවයෙන් පිරුණු සුහදශීලී පුද්ගලයෙකි

ඔබ උද්‍යෝගීමත්, මිත්‍රශීලී සහා හැඟීම් බර විවෘත පුද්ගලයෙකි. ඔබ තුල හොඳ නායකත්ව ලක්ෂණ ඇත. ජනකාන්ත භාවය, දැඩි උනන්දුව සහා මනා හැසිරීමකින් යුත් විනය නිසාම ඔබ වඩාත් කැපී පෙනෙන පුද්ගලයෙකු වේ. අන් අයට උදව් අවශ්‍ය සෑම අවස්ථාවකම ඔබ ඔවුන්ගේ පිහිටට පැමිණෙයි. එම අවස්ථාවලදී අන් අය සැනසිය යුතු ආකාරය මෙන්ම දෙවරක් නොසිතා කටයුතු කලයුතු ආකාරය පිලිබඳව ඔබ මැනවින් හඳුනයි. ඔබට ඇත්තේ ඉතා සාර්ථක වෘත්තීය ගමනකි. ඔබට ඉතා හොඳ පවුල් පසුබිමක් ඇත. නමුත්, දුක යනු ඔබට ආධුනික දෙයක් නොවෙයි. ඔබ ඔබේ සිතුවිලි හා අදහස් ප්‍රකාශ කිරීමට පෙලඹෙන්නේ එසේ නොකල විට ඔබව පීඩාවට පත්වන බව ඔබ හොඳින් දන්නා නිසාය. ඔබට අගෞරව කල පුද්ගලයින් තුල පවා යහපත් පැත්ත දැකීමට තරම් ඔබ නිහතමානී අයෙකි.