පිටරටක දී ඔබ නොකලයුතු දේවල් 8ක්

අපිරට යනවා උනත් සමහර වෙලාවට එහෙ සංස්කෘතිය හෝ සිරිත්විරිත් දන්නේනෑ. ඉතින් අපේ රටේ සිරිත් විරිත් වගේම වෙන රටවල් කිහිපයක කල නොකලයුතු දෑ කීපයක් අපි බලමු.

රැසියාව –

ඔබ එහිදී කාටහරි මල් කළඹක් දෙනවා නම් සාමාන අංක තියෙන ගණනකින් (උදා – 11 – 22) මල් දෙන්න එපා. එයාල එහෙම දෙන්නේ අවමගුල් කටයුතු වගේ අවස්ථාවලදි විතරයි.

චිලීරට –

කෑම කනකොට ඇඟිලි සූප්පුකරන්නම එපා.

සිංගප්පූරුව –

පොදු ස්ථානවල (බස්වල) ආහාරගැනීම, කුරුල්ලන්ට කෑම දිම , තව පාරෙ කුණුදාන එකත් මෙහේ සපුරා තහනම්.

ඉන්දියාව –

ඔබ එහෙදී පොදු තැන්වලදි සිපගැනිම් සිදුකලොත් ඔබට හිරේයන්නත් වෙයි.

ජපානය-

අවන්හල් සේවකයන්ට හෝ මොනම සේවකයෙක්ටත් “ටිප් ” දීම තහනම්. එය ඔවුන්ට කරන අගෞරවයක් ලෙසයි සලකන්නේ.

මෙක්සිකෝව –

එහි මිනිසුන් ඉතාවිනෝදකාමී, විහිළු කරන්න අවස්ථාව ආවොත් අතඅරින්නෙම නෑ. ඔවුන්ගේ සිරිත් විරිත් හාභාෂාව ඔබ පාවිච්චි කරනවාන්ම් ඔව්න්ඔබ ටවඩාත් කැමති වේවි.

නවසීලන්තය –

බැරි වෙලාවත් ඕස්ට්රේලියාවයි කැන්ගරුවොයි එක්ක පටලෝගන්න එපා. ඒවගේ මරග්බි ,ලෝඩ් ඔෆ්ද රින්ග්ස් චිත්රපටය ගැනත් ඒ වගේම එංගලන්ත රැජන ගැනත් විහිලු නම් කරන්න එපා.

නෝර්වේරාජ්ය –

මෙහේ ගොඩක් අය පල්ලි යන්නේ නෑ. ඒ නිසා ඒ ගැන අහන්න එපා. ඒ වගේම ඔබට ගරුනොකර ඔබේ මුල්නමින් ඔබට ඇමතුවොත් අමනාප ගන්නත් එපා. මොකද ඒ එහේ අයගේ සාමාන්ය විදියයි.