‘පාසල් කාලයේ මම ගොඩක් දඟයි’ මලක් වගේ සුන්දර ජනප්‍රිය නිලි අනුරාධා කියන කතාව

ලංකාවේ කළා ලෝකයට අලුත් මුහුණක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. නමුත් ඇය රියැලිටි වේදිකාවේත් දකින්න ලැබුන නිසා ලංකාවේ ප්‍රේක්ෂකයන් ඇය හොඳින් හඳුනනවා. පසුගිය කාලයේ ඇය ‘රාවනා’ටෙලිනාට්‍යයේ රංගනයේ නියැලුනා අනුරාධා මුලින්ම ඉතිහාස කතාවක රංගනයෙන් දායක වුනේ ‘රාවණා’ ටෙලිනට්‍යයෙයි. එහි ඇය නිරූපණය කලේ රාවණාගේ මවගේ චරිතය. එය ලොකු වගකීමක් තිබෙන චරිතයක්. ඇය එම චරිතයට උපරිම සාදාරණයක් ඉටුකලා.

අනුරාධා ජීවිතේ පටන් ගන්නේ පවුලේ බාල දරුවා විදිහට. ඇයට එක අයියා කෙනෙක් ඉන්නවා, නිලියක් වීම පිලිබඳ අනුරාධා කියන්නේ මේ වගේ කතාවක් ”අදටත් මට මම නිලියක් කියලා හිතිලා නැහැ. අදටත් මම ගෙදරට, නෑදෑයින්ට චූටි මැණිකේ. ෂූටිං කරද්දී කැමරාව ඉදිරියේ මම ඒ චරිත රඟපෑවත් ඉන් එහාට මම අනුරාධාම තමයි. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක් වෙනවා.” කියලයි. අනුරාධා මුලින්ම පාසල් යන්නේ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට, අනුරාධා පාසල් කාලයේ ගොඩක් දඟ ළමයෙක්ලු. අනුරාධා ඒ මතකයන් අවදිකළේ මෙහෙමයි, ” මම එකටම ගිය පාසල මිශ්‍ර පාසලක්. පිරිමි ළමයි මොකක් හරි දඟ වැඩක් කළොත් මං ඒකෙ කොණක හරි ඉන්නවා. ගොඩක්වෙලාවට අපි හැමෝම ක්ලාස් කට් කරලා පිට්ටනියට ගිහින් සෙල්ලම් කරනවා. දවසක් අපි ඩෙස්ක් වලට ගගහ සිංදු කිව්වා. එහා පන්තියෙ හිටිය විද්‍යා ටීචර්. ඒ ටීචර් හරිම වසයි. මමයි තව සිංදු කියපු කොල්ලෙකුයි පන්තිය මැද පුටුවක් තියල ඒකේ අපි දෙන්නටම පීරියඩ් එකක් වාඩිවෙලා ඉන්න කිව්වා. ඒ වෙලාවේ මට හොඳටම හිනාගියා. ටීචර්ට තවත් තරහ ගිහින් එකම පුටුවේ අපි දෙන්නම පීරියඩ් දෙක්ක වාඩි කරවලා තිබ්බා හෙල්ලෙන්නවත් බැරුව හිටියේ. අම්මෝ ඒකනම් මාරම දඬුවමක්” ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක වන අනුරාධා එදිරිසිංහගේ අපූරු පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.