‘ප්‍රොපෝසල් එකෙන් පස්සේ අපි ගොඩක් සමීපව ආශ්‍රය කලා’ ජනප්‍රිය නිලි හෂිනි ගෝනගල කියන කතාව

අපේ කළා ලෝකයේ කාලයක් ඉතාම ජනප්‍රියව හිටපු තරු දැන් වැඩිය පේන්න නෑ, බොහෝවේලාවට ඔවුන් විවාහ වෙලා විදෙස්ගතවනවා. ඉතින් ඒ වගේ විවාහයෙන් පස්සේ වෙනත් රටක පදිංචි වුන රංගන ශිල්පිනියක් තමයි හෂිනි ගෝනගල කියන්නේ. හෂිනි ගෝනගල වැඩිපුරම ජනප්‍රිය වුනේ Dancing Star තරන්ගාවලියෙන් පස්සේ ඉන්පසු ඇය ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්වන දුෂ්‍යන්ත සමග සම්බන්දවී ජනප්‍රිය ගීත කිහිපයකම මියුසික් වීඩියෝ සඳහා දායක වුනා. පසුව ඇය ‘උත්තරා’ සිනමාපටයට සම්බන්ද වුනා. ඇය රඟපෑ පළමු සිනමාපටය එයයි.

හෂිනි විවාහ වෙන්නේ අර්ජුන සමග ඉතින්, හෂිනි සහ අර්ජුනගේ ආදර කතාව පටන්ගත්ත ආකාරය පිලිබඳ ඇය කිවුවේ මේවගේ කතාවක්, ” ඇත්තටම ඒක මුලින් ආදර කතාවක් නෙවෙයි, අර්ජුන මට හමුවෙන්නේ විවාහ යෝජනාවකින්. අර්ජුනගේ තාත්තා මගේ තාත්තාගේ ගොඩක් හොඳ යාලුවෙක්. ඉතින් විවාහ යෝජනාවක් ගෙනාවම මට එයාට අකමැති වෙන්න හේතුවක් තිබුණෙ නැහැ. ඒ යෝජනාවෙන් පස්සේ අපි පෙම්වතුන් විදිහට ගොඩක් සමීපව ආශ්‍රය කරලා විවාහ වුණා. පුංචි කාලෙදිත් මම අර්ජුන සමග කතාබහ කරලා තියෙනවා. ඒත් ඒ කාලේ අර්ජුන පිලිබඳ මට කිසිම විශේෂ හැගීමක් තිබුණෙ නැහැ. ඇත්තටම ලොකු අවධානයකින් මම අර්ජුන දිහා බලලා තිබුණෙත් නැහැ.” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.