‘ප්‍රෙග්නට් වෙලා ඉඳගෙනත් මම ඒ කාලේ රඟපෑවා’ හින්දි නිලියක් වගේ හැඩකාර අශිකා කියන කතාව

කාලයක් ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන සිටිය රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංග කියන්නේ. ටෙලිනාට්‍ය ගණනාවකින් වගේම වෙළඳ දැන්වීම් රැසක් හරහා ලංකාවේ ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගත් ඇය පසුව සිනමා රංගනයට පිවිසෙනවා. ඉන්පසු ඇය රඟපෑ ‘කොළඹ සන්නිය රිටන්ස්’ ‘ෆෙස්ටු ෆේස්’ ‘ඇලඩින්ගේ පුදුම පහන’ වගේම ‘හොරා අංකල්’ කියන සිනමාපයත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙනවා. කාලයක් අශිකා ටෙලිනාට්‍ය වලට සම්බන්ද වෙලා හිටියා නමුත් පසුකාලෙ ඇය සම්බන්ද වුනේ සිනමාපට වලට පමණයි ඉතින් ඇය ඒ සම්බන්දව කිවුවේ මේ වගේ කතාවක් ”ඔව් මම පස්සේ සම්බන්ද වුනේ සිනමාපට වලට විතරයි මොකද මට ඒක ගොඩක් පහසුයි කියලා හිතුනා. ටෙලිනාට්‍ය කරද්දී ගොඩක් කාලය යනවා. අම්මාකෙනෙක් බිරිඳක් වශයෙන් මගේ මුළු කාලයම ඒ වෙනුවෙන් කැපකරන්න මට අමාරුයි. ඉතින් මම දැන් තෝරාගන්නේ සිනමාපට විතරයි” කියලයි.

කොහොම වුනත් කාලෙකින් අශිකා නිර්මාණ හරහා වැඩිය දකින්න ලැබුනේ නෑ. ඉතින් එයට හේතුව පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මේ රටේ තියෙන තත්වේ එක්ක කොහොමත් වැඩිය වැඩ බාර අරන් බෑ. අනික මම දැන් අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් වෙනකොට ශරීරයේ වෙනස්කම් ඇතිවෙනවා. දෙවෙනි බබාගෙන් පස්සේ මම ටිකක් මහත් වුනා. ඒ අතරෙත් මම ටෙලිනාට්‍යක රඟපෑවා ඒ අවුරුදු 25ක විතර පුතෙක්ගේ අමා කෙනෙක් විදියට. ප්‍රෙග්නට් වෙලා ඉද්දිත් මම ඒ වගේ කැපකිරීම් කළා රංගනය වෙනුවෙන්. මට ඕන මාව ප්‍රසිද්ද වෙනවට වැඩිය මිනිස්සු මට ආදරේ කරනවට. ඇත්තටම මම නිතරම නිර්මාණ හරහා නොදැක්කත් මට ආදරේ කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා ගොඩක් සතුටුයි මට ඒ ගැන” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ශිකාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.