ප්‍රෙග්නට් කියලා කතා පතුරවලා තියෙන්නේ යූ ටියුබ් හිඟන්නු

ඇත්තටම මට හිතාගන්න බෑ මේක මගේ වාසනාවද එහෙමත් නැත්නම් අවාසනාවද කියලා. මොනවා උනත් මට හිතෙනවා යූ ටියුබ් චැනල් කරන අය කොල්ලොනම් මට පට්ට ආදරෙයි කියලා. ඒ අය අනවශ්‍ය විදියට මටත් වැඩිය මගේ ප්‍රයිවට් ලයිෆ් එක ගැන හිතනවා. විශේෂයෙන් මම මේ වැඩිපුරම කියන්නේ අලූතෙන් යූ ටියුබ් හදාගන්න පොඩි පොඩි නංගිලා මල්ලිලා හරි අයියලා අක්කලා හරි නැන්දලා මාමලා හරි ඒ ඕනෑ කෙනෙක් අපේ කලාකරුවෙක් හැරුණත් වැරදි විදියට හැරුණ කියලා තමයි දාන්නේ මාර ගොසිප් ඒවා අනේ මම හරි කැමැතියි ඒකට

පුවත්පත් සාකච්ඡවල යන කරුණු පවා යූ ටියුබ් නාලිකාවල හඬ කවලා එකට පොටෝ ටිකක් දාලා පළ කරනවා. ඔයා මොකද ඒ ගැන හිතන්නේ?

මම නිළියක් විදිහට තදින් විරුද්ධයි ඒකට ඇත්ත කතාව පුවත්පත්වල අය මට කතා කරලා සෑහෙන්න මහන්සිවෙලා සල්ලිත් කපාගෙන කෝල් තුන හතරක් අරගෙන ඉන්ටර්වීව් එක ගන්නවා හැබැයි ඒ ඉන්ටර්වීව් එක ගන්න මාධ්‍යවේදියාගේ නම විතරයි ඊට පස්සේ යූ ටියුබ් එකේ අය බොරු මාතෘකාවක් දාලා වීව්ස් වැඩි කරන්න ඒක හඬ කවලා දානවා ඒ වැඩේ අනුමත කරන්න බෑ ඇත්තම කිවුවොත් පුවත්පත්වල මාධ්‍යවේදීන් සහ අපි අතරේ තියෙන්නේ බොහොම ගෞරවනීය සම්බන්ධයක්. ඒ ගෞරවනීය සම්බන්ධය පුවත්පත්වල අය සහ අප අතර සමාන නැහැනේ. අපිත් බොහොම සාමාන්‍ය මිනිස්සු මම නම් ඇත්තටම මේකට කියන්නේ හිඟාකනවා කියලා

වොල්ගා එතකොට ඔයාගේ බිනෝජ් ආදර කතාව බිඳවැටුණු කතාවත් බොරුවක්ද?

මෙහෙමයි මම කෙනෙක් එක්ක විවාහ වෙලා හිටියා ඒ නිසා නීත්‍යනුකූල විවාහයකට මගේ මනස නැවත හදාගන්න මට තවම බෑ. ඉතිං මම හිතනවා ආපසු විවාහ වෙන්නනම් මට ඉස්සර වෙලාම මානසිකව ස්ථාවර බවක් හදාගන්න ඕනෑ. මගේ මානසික මට්ටම හරියට හදාගත්තු දවසක මට ආපසු දෙයක් කරන්න පුළුවන් වෙයි අපි බලමු ඒක ඉස්සරහට.

ඇත්තටම වොල්ගාගේ අලුත් ආදර කතාව නතර වුණාද? නැතිනම් පොඩි විරාමයක් තිබ්බාද?

ඒක මෙහෙමයි. බිනෝජ් පීරිස්ගේ අවලංගු කාසියක් කියන මියුසික් වීඩියෝ එක ජනප්‍රිය කරවගන්න මම බිනෝජ්ගේ පෙම්වතිය කියලා හැම දෙනාටම කිව්වා ඒක පොඩි ඇක්ට් එකක් බිනෝජ්ගේ නම විතරක් නෙවෙයි තව තව ගොඩක් අයගේ නම් මට ඈඳුණා. කෙටියෙන් කිව්වොත් ඇත්තටම මම නම් දැන්ම විවාහයකට සූදානම් නැහැ.

ඒ කියන්නේ වොල්ගා දැනට පෙම්වතියකුත් නෙමෙයි

මම ඒකට උත්තරය “නැහැ” කියලා දුන්නොත් හරි හැබැයි ඕනෑ කෙනෙකුටම ආදරය කරනවා ඕනෑ කෙනෙක්ට ආදරෙයි මම දික්කසාද ගැහැනියක් පෙම්වතිය කියන වචනය මට සුදුසු වචනයක් නෙමෙයි

ඔබේ ජීවිතය ගැන ගන්න තීන්දු තීරණ ගැන පසුතැවීම් තියෙනවාද?

අනේ නැහැ. මගේ ජීවිතයේ ගන්න තීන්දු තීරණ ගැන කිසිම පසු තැවීම් නැහැ. මොකද සාමාන්‍ය ජීවිතයේ කලා ජීවිතයේ වගේම මගේ මිතුරන් සමග ගෙවන ජීවිතයේදී මම තීන්දු තීරණ ගනිද්දී මම ගොඩක් හිතනවා. මම වගේ අනෙක් මිනිස්සුත් ඇති කියලා මම ජීවිතයේ මිහිරි පාඩම් නෙමෙයි අමිහිරි පාඩම් ඉගෙන ගෙන තියෙනවා. මගේ ජීවිතයේ තීරණ ගැන නම් මම ඇත්තටම පසුතැවෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා මේක තමයි මගේ දෛවය කියලා.

වොල්ගා ඇත්තටම ඔබ බිනෝජ් එක්ක විවාහ වෙන්න කැමති නැද්ද?

බිනෝජ්ව නෙමෙයි කවුරු උනත්, කොහොමටත් වොල්ගා කල්පනී කියන්නේ නීත්‍යනුකූලව කොලයකට සීමා වෙච්ච විවාහයක් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මොකද මට එහෙම කොලයක් තිබුණා. එතකොට ඒ කොලයේ වටිනාකම දවස් දෙකක් ගංගොඩවිල උසාවියට ගියාට පසුව නැත්තටම නැති වුණා මම කියන්නේ මට එහෙම කොලයක් ආයේ මගේ ජීවිතයට අවශ්‍ය නැහැ.

ඔබ මානසිකව වැටිලා නේද ඉන්නේ?

ඔව් මම මනසින් වැටෙන චරිතයක් නෙමෙයි. නමුත් මම හිතනවා දැන් මම මානසිකව වැටිලා කියලා පසුගිය දවස්වල මගේ ජීවිතයේ සිද්ධ වුණු දේවල්ගැන මම අනවශ්‍ය ලෙස කල්පනා කළාදෝ කියලාත් මට හිතෙනවා ලංකාවේ ඉන්න අනෙක් ගැහැනුත් වොල්ගා වගේ කියලා වෙන අය ඉක්මනට මේ තීරණය ගත්තාට මට කල්යයි අපි බලන් ඉමු

ඔය කතා අතරේ වොල්ගා ප්‍රෙග්නට් කියලා කතාවකුත් පැතිරුණා නේද?

ඇත්තටම කිව්වොත් මට පසුගිය දවස්වල සිංහලෙන්ම කිව්වොත් හදන්න ඕනෑ පද ඔක්කොම හැදුවා. මම විවාහකයෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වා. ඇත්තටම කිසිම විවාහකයෙක් එක්ක මගේ සම්බන්ධයක් නැහැ මම දන්නේ නැහැ මගේ නමට ක්‍රිකට් ක්‍රීඩකයෝ කීපදෙනෙක්ම ඈඳුවා. එතකොට එක එක ගායකයෝ ඇඳුවා ගොඩක් දේවල් මගේ නමට ඈඳුවා. හැබැයි ඒ හැම වෙලේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයෝ මාත් සමග හිටියා. ඒකට එයාලට ගොඩක් පින්. ඔව් පසුගිය දවස්වල මම ගැබ්ගෙන කියලත් සමහරු කතාවක් පැතිරුවා ඒ සියල්ල බොරු ඇත්තටම එහෙම කිසිම දෙයක් නැහැ. මම සාමාන්‍ය පරිදි මගේ වැඩ කරගෙන ජීවත් වෙනවා. එච්චරයි