ප්‍රාග් ඓතිහාසික යුගයේ පිරිමින් කාන්තාවන් ලෙස හැසිරුණ බව ඔබ දන්නවාද..?

ප්‍රාග් ඓතිහාසික යුගය යනු ලේඛන කලාව ආරම්භ වීමට පෙර අවධිය සේ මතයක් ඇත. ඒ අනුව වර්තමාන මානවයා ‘හෝමෝ සේපියන් සේපියන්’ වර්ගයාට පෙර ජීවත් වූ හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස් හා හෝමෝ සේපියන් වැනි මානව පරිණාමයේ ප්‍රධානතම අවධි වලට අයත් මානවයින් ගැන පුවතක් තමයි මේ. වසර මිලියන 2 කට වඩා වැඩි මුල් අතීත යුගවලදි මිනිසුන් ප්‍රධාන වශයෙන්ම යැපී ඇත්තේ දඩයම් කිරීමෙනි. තම ආහාර ලෙස සත්ව මස් , ඇඳුම් ලෙස සම් වර්ග, අවි ආයුධ සකසා ගැනීම සඳහා සත්ව  ඇට සැකිලි භාවිතා කර තිබෙන බව පුරාවිද්‍යා කැණීම් වලදී සොයාගත හැකි වී ඇත. ආදි මානවයාගේ දඩයක්කාර ජීවන රටාව තුල කාන්තාවන්ගේ භූමිකාව පිලිබඳව මානව විද්‍යාඥයින් පිරිසක් විසින් හෙලිකිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා. ඔවුන් විසින් පේරු හි ‘විලමායා පැට්ජ්ක්සා’ නම් වසර 9000 කට වඩා ඉපැරණි සුසාන භූමි පරිශ්‍රයක් අධ්‍යනය කිරීමේදි හමු වී තිබූ අස්ථි කොටස මඟින් ඒ සම්බන්ධව අපූරු නිගමනයක් කිහිපයකට එලඹීමට සමත් වී ඇත.

නව යොවුන් වියේදීම කාන්තාවන් දඩයමේ යෙදී ඇති බව

ඔවුන්ට හමුවු දඩයම් කරුවන්ගේ අස්ථි කැබලි අතර වයස අවුරුදු 17-19 පමණ කාන්තා ශරීර අස්ථි කොටස් ද හමුවී ඇත. ඇය අසල දඩයම් සඳහා උපයෝගී කරගන්නා ඇතැම් අවි ආයුද සහා විවිධ ලෙස කැටයම් කල ගල් ආයුද කොටස් හමු වී ඇත. මෙසේ සොයාගත් ආයුද සහ දඩයම් උපකරණ වල ස්වභාවය පිලිබඳව පිරික්සීමේදි ඔවුන් අවසන් නිගමනයකට එලඹෙමින් පවසා සිටියේ ඇය විසින් මේවා හම් මල්ලක නැතිනම් ලෙදර් මල්ලක බහාලමින් එහමෙහා ගෙන යන්නට ඇති බවයි. ඇය දඩයක්කාර තරුණියක් විය හැකි බව ඔවුන්ගේ මතය විය.

ඇමෙරිකාවේ ඇතැම් ස්ථාන වල මේ සම්බන්ධ සාක්ෂී කිහිපයක් හමුව් ඇත.

මෙම පර්යේෂණකරුවන් විසින් එහිදී හඳුනාගත් අස්ථි කොටස් පිලිබඳ සාක්ෂි ඇමෙරිකාවේ ඇතැම් පුරා විද්‍යාත්මක සුසාන භූමි පරිශ්‍ර වල සිදුකල කැණීම් වලින් සොයාගත් අස්ථි කොටස් සමඟ සැසඳීමේදි යම් සමාන රටාවකින් නිරීක්ෂණයක කල හැකි බව ඔවුන්ගේ මතය විය. එසේ ඔවුන් විසින් රට පුරා කැණීම් ස්ථාන 107 කින් සොයාගත් ආදි මානවයින්ගේ සිරුරු ගණන  429 ක් විය. ඒ අතරින් ලිංග භේදය තහවුරු කරගත හැකිව තිබුණේ සිරුරු කොටස් 27 කගේ පමණි. පුදුම සහගත ලෙස ඒ අතරින් 11 ක්ම කාන්තා අස්ථි කොටස් විය.

දඩයම් කිරීම පිරිමි අය පමණක් නොව කාන්තාවන් විසින් ද සිදුකර ඇත.

 ප්‍රාග් ඓතිහාසික යුගවල ආදි මානව ක්‍රියාකාරකම් වලදි කාන්තාවන් ද සක්‍රීයව දායක වී ඇති බව්යි විශේෂඥයින්ගේ මතය වන්නේ. ඔවුන් පවසන ආකාරයට අනුව දඩයම් කිරීම සම්බන්ධ රාජකාරිද එසේය. දඩයම් කිරීම ලිංග භේදය අනුව වෙන් කෙරෙනු කටයුත්තක් (gender-neutral) නොවූ බව ඔවුන් අනුමාන කරති. ඔවුන්ගේ අනුමාන තක්සේරු වලට අනුව 30-50% අතර ප්‍රමාණයක් කාන්තා දඩයක්කාරයින් අතීතයේදී සිට ඇති බව පැවසේ.

මෙය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත.

මේ අධ්‍යනයට සම්බන්ධ නොමැති සෙසු පර්යේෂකයින්ගේ අදහස වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගවල කාන්තාවන් විසින් ද දඩයමේ යෙදුනු බවට සාක්ෂි ඕන තරම් තිබෙන බවත් නමුත්, ගැටලුව නම් කිසිවෙකුත් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා නොකරන බවය.දරුවන් බිහි වු පසු ඔවුන් හට මවු කිරි ලබා දිය යුතු මුල් කාල වකවානුව අවසන් කරමින් කාන්තාවන් නැවතත් දඩයම් සඳහා පිටවන බව සොයාගෙන ඇත. අතීතයේ කාන්තාවන් සහා පිරිමින් අතර ලිංග භේදය  අනුව කාර්යන් බෙදී යාම විශාල වශයෙන් දැකිය නොහැකි බව මින් පැහැදිලි වේ. ‘ස්ත්‍රී-පුරුෂ බාවය මත වගකීම් සහා කාර්යන් තීරණය වීම (gender roles)’සම්බන්ධව බිහි වි ඇති සංවාදය වෙනත්ම මානයකට ගෙනයාමට මෙම සොයාගැනීම හේතු වි ඇති බව පෙනේ.