ප්‍රසිද්ධ මැජික් ක්‍රම 9ක් සිදුකරන ආකාරය

මැජික් වලට ලොකු කුඩා බේදයක් නොමැතිව අපි හැමෝම ආසා කරනවා. කුඩා කාලයේදි හැමෝම වගේ හිතන්නේ මැජික් කියන්නේ ඇත්තටම සිදුකරන දෙයක් කියලයි. කාටවත්ම ඒ දේවල් මවාපෑමක් කියා වැටහෙන්නේ නැහැ. නමුත්, ඔබ ඇතුලාන්තයේ සිටින කුඩා දරුවාටත් තවම ඒ කුතුහලය තිබිය හැකියි. හැමෝම පුදුමකරවන මැජික් ඇත්තෙන්ම සිදුකර පෙන්වන්නේ කොහොමද කියා අපි දැන් බලමු.

අඩිය නැති කෝප්ප


මේ මැජික් කිරීමට භාවිතාකරන්නේ විනිවිද පෙනෙන සුලු කෝප්ප 4 ක්. හැම කෝප්පයක්ම කලින් එකට වඩා දෙගුණයකින් විශාලවේ. කුඩාම කෝප්පයේ කිරී පිරී තිබෙයි. මැජික්කරු කිරි කෝප්පය එයට වඩා දෙගුණයක් විශාල දේවන කෝප්පයට වත්කරයි. දෙවන කෝප්පය පිරීයයි. ඉන් පසු ඔහු එම කෝප්පයෙන් තුන්වෙනි කෝප්පයට කිරි වත්කරයි. පෙර කෝප්පයට වඩා ධාරිතාවය දෙගුණයකින් කිරි එහි පිරියයි.
සිදුකරන ක්‍රමය: ඝන ප්ලාස්ටික් සිලින්ඩරයක් සෑම කෝප්පයක් මැදම පිහිටයි. ඒ දෙපස පැතිවලින් ප‍ටු ඉඩක් ඉතිරි වේ. ඉතින්, මෙහිදී ඇත්තෙන්ම කෝප්පයේ ධාරිතාව දෙගුණ වෙමින් කිරි පිරීයන්නේ නැහැ. මේ ආකාරයෙන් සැකසුණු ප‍ටු ඉඩ තුලට කිරි පිරීම නිසා පිටතට පෙනෙන්නේ කෝප්පය පිරී ඇති ස්වභාවයකි.

ඇඟ මතින් ට්රයක් එකක් ගමන් කිරීම


මැජික්කරු හෝ ඔහුගේ සහායක මෙහිදී බිම වැතිරීම සිදුකරයි. එහිදී ට්රුක් රථය ඇඟ මතින් ගමන් කලත් ඔහුට/ඇයට කිසි උපත්ද්‍රවයක් ඇති නොවෙයි.
සිදුකරන ක්‍රමය:
මේ මැජික් එකේදී භාවිතා වෙන්නේ භෞතික විද්‍යාත්මක නියමයන් කිහිපයකි (Laws of physics). ට්‍රක් එකමත පැටවූ අනෙකුත් බර නිසා කලින්ම එහි සමබර බව වෙනස් වී යනවා. මෙහිදී සමබරතාව පිටතට බර වී තිබෙන නිසා සැහැල්ලු පැත්තේ රෝද මැජික්කරුගේ ශරීරය මතින් ගමන් කිරීම පමණයි මෙහිදී සිදුවන්නේ. ඒ නිසා ඔහුට / ඇයට / අනතුරක් ඇති නොවේ.

විදුලිය නොමැතිව විදුලි බල්බය දැල්වීම


මැජික්කරුගේ අතේ තිබියදී විදුලි බල්බය දැල්වීමට පටන්ගැනීම.
සිදුකරන ක්‍රමය:
මෙසේ ආලෝකය විහිදෙන්නේ මැජික්කරු අතේ තබාසිටින කුඩා ගැජට්ටුමවක් නිසයි. එය බැටරි බලයෙන් ක්රිනයාකරන LED Flash එකකි.මැජික්කරුට අවශ්ය.ය විට එහි ස්විචය සක්රී ය අක්රී ය කිරීමට හැකියාව ඇත. ඉදිරියෙන් බලනවිට මෙය දිස් වන්නේ මැජික් බලයකින් බල්බය ආලෝකය විහිදුවන බවකි.

ඇඟ කැඩීම නැතිනම් ‘split man’ මැජික් ක්‍රමය


මැජික්කරු තමන්ව කැබලි වලට කැපී ඇතැයි පෙන්වමින් අතින් කැපුණු කකුල් අල්ලාසිටීම
සිදුකරන ක්‍රමය: මෙය දෘෂ්ටි මායාවක් පමණයි. ඔබ වඩාත් සමීපව ඒ දෙස බැලුවොත් ඔබට පෙනේවි ඒවා ප්ලාස්ටික් මැනික්වින් කකුල් බව. එහිදී ඔහුට සිදුකිරීමට ඇත්තේ අනතුරට ලක්වූ ඉරියව්ව පවත්වාගැනීම සහා බැගී නැතිනම් එල්ලෙන විශාල ඇඳුම් වලින් මේ රහස සඟවන එක විතරයි.

වළලු එකිනෙක ඇලවුණු ස්වභාවයක් පෙන්වීම


වළලු තුනක් ඝන ලෙස එකට ඇලවී තිබෙන බව මැජික්කරු පෙන්වයි. තත්පරයකින් නැවත ඉන් දෙකක් පමණක් එකට අමුණයි. නැවත මැජික් බලයෙන් ඒවා වෙන් කරයි.
සිදුකරන ක්‍රමය:
අත හැසිරවීමේ දක්ෂතාව මෙහිදී වඩාත් වැදගත් වෙනවා. එම වළලු වලින් එක වළල්ලක එක කුඩා හිදැසක් තිබෙයි.එය මැජික්කරු තම අල්ලෙන් වසාගැනීම සිදුකරයි. වළලු එකිනෙක ඇලවී ඇති ලෙස පෙනුනත් ඒවා ඇත්තෙන්ම කලින්ම එකිනෙකින් වෙන් කරගෙන තිබෙයි.

පරෙවියා අතුරුදහන් කිරීම


මැජික්කරු පෙට්ටියක් ගෙන එහි පරවියා තැන්පත් කරයි. ඉන්පසු පියන වසයි. මැජික් මන්තරයක් කියමින් එය සගයාට බාරකරයි. එහි සිටි පරවියා අතුරුදහන් වී තිබෙයි.
සිදුකරන ක්‍රමය:
සියල්ලම සිදුවන්නේ මැජික් පියන ආධාරයෙනි. එහි රහසිගතව සැකසූ කොටසක පරවියා සඟවනු ලබයි. මැජික්කරු පෙට්ටිය සගයාට බාර කරන්නේ මේ රහසිගත කොටස හොඳින් වසාදැමීමටයි.

ගුරුත්වාකර්ශණයට එරෙහිව ඇලවී සිටගැනීම


මයිකල් ජැක්සන් සුපිරි පොප් ගායකයෙක් විතරක් නොව දක්ෂ නර්ථන ශිල්පියෙකු බව නොරහසක්. නමුත්, ඔහුගේ ‘smooth criminal’ නම් මියුසික් වීඩියෝවේ ඔහුගේ එක්තරා නර්ථන පියවරක් මුලු ලොවම මවිත කිරීමට සමත් වුණා. ඇත්තෙන්ම ඔහු ඒ ආකාරයෙන් ගුරුත්ව බලයට එරෙහිව ඇලවී සිටගන්නේ කෙසේද?
සිදුකරන ක්‍රමය:
රහස ඇත්තේ ඔහුගේ විශේෂ සපත්තු තුලයි. ඒවා හදිසියේ නැවතෙමින් පොලොවට ඇලවෙන ස්වභාවයෙන් , නැතිනම් ‘hitching mechanism’ ක්රවමවේද භාවිතාකරමින්සකස් කර ඇත.සපත්තු අඩියේ පිහිටි එක් විශේෂ ස්ලොට් කොටස පොලොවෙන් ඉහළට නෙරා ඇති කුඩා කොක්කකට (peg) සම්බන්ධ වේ. ඒ ආධාරයෙන් ඔහුට නර්ථනය අතරතුරදී ඔහුගේ සිරුරේ බර මෙහෙයවා ගැනීමට හැකිවේ.

කාඩ් බෑම හෙවත් ‘Card fishing’ ක්‍රමය:


මැජිකරු වෙනත් කෙනෙකුට කාඩ් කුට්ටමෙන් එකක් ‍තෝරන ලෙස පවසයි. එය ප්රේකක්ෂකාගාරයට ද ඔහු පෙන්වයි. අපි හිතමු එය හාරත 6 ලෙස. එම පුද්ගලයා එම කාඩ් පත කුට්ටමේ අහඹු ලෙස තැන්පත් කරයි. මැජික්කරු කාඩ් ටික තොප්පියකට දමයි.ඉන්පසුව, කඹ කැබැල්ලක් අතට ගනියි. කඹයේ එක් කොනක් තොප්පිය තුලට දමයි. ඉන් එක් කාඩ්පතක් බිලී බෑම සිදුකරයි. කාඩ්පත හාරත 6 බව ප්‍රේක්ෂකයින්ට පෙනවයි.
සිදුකරන ක්‍රමය:
මුලින්ම මැජික්කරු විසින් කාඩ් කුට්ටම සාමාන්යයය එකක් බව හඟවයි. සාමාන්යපය ඒවා ප්රුමාණයෙන් කාඩ් 52 කින් යුක්ත වේ-සියල්ල හාරත 6 කාඩ්පත්වේ. දෙවනුව, තොප්පිය තුල ඒ වනවිටත් හාරත 6 කාඩ් පතක් කෙටි ලණු කැබැල්ලක චුම්භකයක් ආධාරයෙන් ගැටගසා තිබෙයි. තොප්පිය තුලට පහත් කරන ලණු කැබැල්ලේ අගත් කුඩා චුම්භකයක් සවිකර තිබෙයි. චුම්භක දෙක එකිනෙක ආකර්ෂණය වීමෙන් කාඩ්පත ඉහළට පැමිණේ.

හිස් අවකාශයේ පාවීම


ඇතැම් අය විශ්වාසකරනවා භාවනා ක්‍රම මඟින් මිනිසුන්ට වාතයේ පාවීමට හැකිබව. නමුත්, මහමග පාවෙමින් සිටින සාමිවරයෙක් ලෙස වෙස් ගත් මැජික්කරුවන් කිසිදා විශ්වාස කරන්න එපා.
සිදුකරන ක්‍රමය:
වාතයේ පාවීමට මැජික්කරු භාවිතා කරන්නේ ලෝහයෙන් තැනූ එක් ආකෘතියක්. එය සූක්ෂමව ඇදහැලෙන රෙදි වලින් සඟවා තැබීමට මැජික්කරු කටයුතු කරනවා. නමුත්, පිටතට පෙනෙන්නේ ඔහු ඇත්තටම පාවෙමින් සිටින ආකරයක්.