ප්‍රසිද්ධ තරුවකට හිතින් පෙම් කල ප්‍රසිද්ධ තරු 10ක් මෙන්න

සුපිරි තරු කියන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන පිරිසක්.  ජනප්‍රියත්වය නිසාම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ දේවල් පවා හරිම ඉක්මනට සමාජයට නිරාවරණය වෙනවා. සමහර දේවල් සම්බන්ධයෙන් බොහෝ තරු හරිම විවෘත විදියට අදහස් දක්වනවා. විශේෂයෙන්ම හොලිවුඩ් තරු තමන්ගේ ජීවිතයේ දේවල් මාධ්‍යය ඉදිරියේ විවෘතව ප්‍රකාශ කිරීමට බොහෝ විට මැලි වෙන්නේ නැහැ.

හොලිවුඩයේ දැවැන්ත තරු කිහිපදෙනෙක් ක්ෂේත්‍රයේ ඉන්න තවත් තරුවක් කෙරෙහි තමන්ගේ හිතේ කැමැත්තක් තිබුණ බව ප්‍රසිද්ධියේ මාධ්‍යය ඉදිරියේ පවසා තිබුණා. සාමාන්‍ය වහරේ කියනවා වගේ මේ තරු මේ අයට Crush කරලා තියෙනවා. තමන් හිතින් බැඳුනු ආදරය නිෂ්ඵල වි ගියත් ඒ ගැන ප්‍රසිද්ධියේ පිලිගැනීමට තරම් මේ තරු හරිම නිර්භීත වෙලා තියෙනවා කියලයි පෙනෙන්නේ.

01. Nicole Kidman- Jimmy Fallon

2015 වසරේදි ඔහු ඉදිරිපත් කල වැඩසටහනක ආරාධිතයා ලෙස සහභාගි වූ අවස්ථාවේ ඇගේ මුවින්ම මේ බව අනාවරණය වුණා. වරක් ඔවුන් දෙදෙනා හමුවකට ගොස් තිබුණු අතර Jimmy හට මෙය පෙම් හමුවක් කියා සුලු හෝ වැටහීමක් තිබී නැහැ.

ඒ සිදුවීමෙන් වසර ගණනකට පසු ඇය එම සිද්ධිය වැඩසටහනේ යළි සිහිපත් කළාය. ඔබ කතා කලේ නැහැ. කිසිම දෙයක් කිව්වේ නැහැ. ටික වෙලාවකට පස්සේ ඔයා වීඩියෝ ගේම් ඔන් කරා හරි වෙන මොකක්දෝ දෙයක් කරන්න පටන්ගත්තා… ඉතින් එදා පැය එකහමාරකට විතර පස්සේ මම හිතුවා ඔහුට නම් කිසිම උනන්දුවක් නැහැ. මේකනම් ලැජ්ජාවක් කියල”. යනුවෙන් ඇය සිනාසෙමින් පැවසුවාය.

02. Jake Gyllenhaal-Jennifer Aniston

2002 වසරේ The Good Girl චිත්‍රපටයේ ඔවුන් දෙදෙනා එකට කටයුතු කර තිබුණා. කෙසේවෙතත් Jake තමන්ගේ හිතේ Jennifer ගැන අදහසක් තිබුණු බව පිලිගෙන තිබුණේ ඊට හරියටම වසර 14 කට පසුවයි. People Magazine  පුවත්පතට අදහස් දක්වමින් ඔහු කියා තිබුණේ මෙවැන්නක්.

මට අවුරුදු ගාණක් තිස්සේ ඇය කෙරෙහි දැඩි ඇල්මක් තිබුණා කියා මම කියනවා. ඇය සමඟ වැඩ කිරීම පහසු දෙයක් නෙවෙයි. මම- ම්ම්. ඔව්. මට කියන්නට යන්නේ එපමණයි. එය සුන්දරයි. එය අපහසු වුණේ නැහැ. එහෙමයි මම ඒ ගැන කියන්නේ”

2005 වසර වන තුරු ඇය විවාහ වී සිටියේ නළු Brad Pitt සමඟයි. මේ Gyllenhaal ගේ ප්‍රකාශය ගැන මෑතකදි ඇගෙන් සිදුකල විමසීමකදී ඇය පිලිතුරු දි තිබුණේ: හොඳයි, අපි මේ ගැන දැන් හොයන්න යන්නේ ඇයි කියලා මම දන්නේ නැහැයනුවෙනි.

03. Reese Witherspoon-Johnny Depp

2012 දී Reese විසින් තමන් තරුණ කාලයේදි Johnny Depp හට සිතින් පෙම් කල බව ඇය පිලිගෙන තිබුණා. “මට ඔහු කෙරෙහි ලොකු ඇල්බැක් ඇති වී තිබුණා. මගේ කාමරයේ බිත්ති Teen Beat එකේ පින්තූර වලින් පුරවලයි තිබුණේ.”  කෙසේවෙතත් ඇය කිසිවිටෙකත් ඒ ගැන ඔහුට පවසා නැතිබව පෙනේ.“මම හිතන්නේ නැහැ ඔහු දන්නවා කියලා. ඉන් ඔහු වික්ෂිප්ත වෙයිද කියලා නම් මට විශ්වාස නැහැ. ඔහු තරමක් හෝ හරි මේ ගැන අහලා තියෙනවා කියලා මට විශ්වාසයි.”

04. Sophie Turner-Mattew Perry

2019 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී Sophie පවසා තිබුණේ ඇය Matthew Perry කෙරෙහි ආලවන්ත හැඟීමකින් සිටි බවයි. ඇය පැවසූ පරිදි.  ඇය සිටින ප්‍රදේශයේ ඇති සුපිරි වෙළඳසැලක් අසල සෑම දිනකම ඔහුව දකින බවත්, ඔහු වෙත ගොස් කතා කිරීමට සිතුවත් එය කිසිම අවස්ථාවක සාර්ථක නොවුණු බව ඇය පවසා සිටියා.ඇය වරක් ඔහුගේ අවධානය ලබාගැනීමට Chanandler Bong ගැන tweet එකක් පළ කළාය “මම හිතුවා ඔහු මෙම tweet එක දකිවියි කියලා.ඒක දැකලා මට කතා කරයි කියලා සහ මාව date එකකට එක්කරගෙන යයි කියලා. නමුත්, ඔහු එහෙම කලේ නැහැ.” ඇය පවසා සිටියාය.

05. Ariana Grande-Jim Carrey

රූපවාහිනි වැඩසටහනක ඇගේ කුඩාකල crush එක කවුරුන්දැයි ඇසූ විට ඇය පිළිතුරු දුන්නේ “මගේ කුඩාකාලයේ ඇතිවූ crush එකම තමයි ජීවිත කාලය පුරාවටම මගේ crush  එක වෙන්නේ. ඔහු Jim Carrey”. වරක් ඇය පළමු වරට ඔහුව හමුවූ විට ඇය සතුට නිසා කඳුලු සලමින් සංවේදී වූ අයුරු ඇය වීඩියෝවකින් පළ කර තිබුණා.

ඇයගේ Tweet පෝස්‍ටුවට ආචාරශීලීව පිළිතුරු දෙමින් Carrey පවසා තිබුණේ “එවැනි දක්ෂ රසිකයෙක් ලැබීමට ලැබීමත් භාග්‍යයක් “ යනුවෙනි.

06. Drake-Rihanna

2016 VMA සම්මාන උළලේදී Drake විසින් Rihanna වෙත සම්මානය පිරිනමන අතරේ ඔහු වයස අවුරුදු 22 සිට ඇය හා ආදරයෙන් බැඳී සිටිය බව පිලිගත්තේය.එහිදි ඇයට සුබ පැතුම් හාදුවක් දීමටත් ඔහු උත්සාහ කලේය. කෙසේවෙතත්. සම්මුඛ සාකච්ඡාවකදී Rihanna එම සිදුවීම ගැන සඳහන් කලේ “එම කතාව පුරාවට ‍රැඳී සිටීමට වීම තමන්ට ඇතිවූ අපහසුම දේ වූ බවයි. “

07. Helen Mirren-Vin Diesel

2015 වසරේදී Seth Meyers වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ තමා The Fast and the Furious චිත්‍රපටයේ සම රංගන ශිල්පී Vin Diesel සමඟ තරමක් ආදරයෙන් බැඳුනු බවයි. Mirren ගැන සම්මුඛ සාකච්ඡාවකදී Vin Diesel සඳහන් කර තිබුණේ ඇය සමඟ රඟපෑම ඔහුගේ ගමනේ ඔහුගේ ප්‍රියතම දින කිහිපය බවයි. ඔහු තවදුරටත් පවසා තිබුණේ, ඇය හා ඔහු අතර තුබූ බැඳීම තරම් වෙනත් කිසිඳු දෙයක් ඔහුට වැදගත් ලෙස නොදැනුණු බවයි.එම බැඳීම තුල ඇත්තටම මැජික් වගේ විශේෂ දෙයක් තිබුණු බව ඔහුට දැනුන බවත් ඔහු කියා තිබුණා .

08. Meryl Streep-Will Ferrell

Wll Ferrel රඟපෑAnchorman චිත්‍රපටය ඇයව හැඬවීමට සමත් වූ අත්දැකීමක් වූ බව ඇය පවසා තිබුණා. ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්: ” Will Ferrell ගැන මගේ හිතේ විශාල ඇල්මක් තිබෙනවා. ඔහු රඟපාන සෑම චිත්‍රපටයකටම මම හරිම ආදරෙයි. Will Ferrell කියන්නේ නියම මිනිසෙක්”.

09. Britney Spears-Brad Pitt

2016 වසරේ සම්මුඛ සාකච්ඡාවකදී ,මගේ පළමු celibrity crush එක වුණේ Brad Pitt . ඔහු දැන් තනිකඩයි” යනුවෙන් ඇය පවසා තිබුණා. කෙසේ වෙතත්, ඇය ඔහු හා පෙම් සබඳතාවක් පැවැත්වීමට සැලසුම් කරලා නැහැ.“ඔහු මගේ දිහා බලන්නේවත් නැතිවෙයි. ඒ ගැන මට කමක් නැහැ, මොකද අපිට සිහින දකින්න පුලුවන්නේ. අපිට සිහින දකින්න පුලුවන්!” යනුවෙන් ඇය පවසා සිටියාය.

10. Sandra Bullock-Keanu Reeves

2018 වසරේ Ellen DeGeneres සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී Speed චිත්‍රපටයේ තමා සමඟ රඟපෑ Keanu Reeves ගැන තමාගේ හැඟීම් මුළින්ම විස්තර කලේ ඇය විසිනුයි. එමෙන්ම ඇය පවසා සිටියේ ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවක් නොතිබුණු බවයි.”මම හිතන්නේ ඔහු අකමැති යම් දෙයක් මා තුල තිබුණා කියලයි” යනුවෙන් ඇය පවසා සිටියා.

කෙසේවෙතත්, 2019 වසරේ Keanu Reeves හෙලිකලේ  ඔහුගේ සිතේත් ඇය කෙරෙහි ඇල්මක් තිබුණු බවයි. “මගේ හිතෙත් ඇය ගැන කැමැත්තක්  තිබුණු බව ඇය දැනගෙන ඉඳලා නැහැයි කියලයි පෙනෙන්නේ “ යනුවෙන් ඔහු එය පිලිගෙන තිබුණා. එසේ වුවත් , ඔහු පවසා සිටියේ ඔවුන් දෙදෙනා වැඩකරන නිසා පෙම් සබඳතාවකට ඔවුන් යොමු නොවුණු බවයි.