‘ප්‍රභූ අයියා නිසා තමයි මේ හැමදේම’ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ප්‍රවීනා කියන කතාව

ලංකාවේ කාලෙන් කාලෙට විවිද කළා නිර්මාණ බිහිවෙනවා ඒ අතරින් හැමෝගෙම ආදරේ දිනාගන්න පුළුවන් වෙන්නේ නිර්මාණ කිහිපයකට පමණයි. ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ටෙලිනාට්‍යක් තමයි ‘නාඩගම්කාරයෝ’ ඉතින් මේ ටෙලිනාට්‍යයේ ඉන්න නළු නිළියන්ටත් අපේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙයි. ඉතින් ඒ ආදරය නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ප්‍රවීනා කල්පනී දිසානායක. මේ දිනවල හැමෝගෙම මුවින් කියවෙන ගීතයක් තමයි ‘චන්ද්‍ර පායන්න’ ගීතය. මේ ගීතයේ රූප රචනයට රංගනයෙන් දායක වන්නේත් ප්‍රවීනා දිසානායකයි.

ප්‍රවීනාගේ මංගල ටෙලිනාට්‍ය ටෙලිනාට්‍ය තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ප්‍රවීනා කියන්නනේ නර්තනයට ගොඩක් දක්ෂ තරුණියක්. ප්‍රවීනාට රඟපාන්න අවස්තාව ලබා දීලා තියෙන්නේ ‘නාඩගම් කාරයෝ’ ටෙලිනාට්‍යයේ කවඩියාගේ චරිතයට පන පොවන ප්‍රභූ විසින්. බොහොමයක් අවස්ථාවල කළා වට නවක රංගන ශිල්පිනියක් පැමිණෙන විට විවිද ප්‍රශ්න එනවා. නමුත් ප්‍රවීනා නම් කියන්නේ ”ප්‍රභු අයියා නිසා එහෙම කිසිම කරදරයක් නැතුව මේ ගමන එන්න පුළුවන් වුනා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනී ප්‍රවීනා දිසානායකගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.