පහන්තුඩාවේ වීඩියෝ කල රූපලාවන්‍ය ශිල්පිණියට වෙන්න යන දේ

ලංකාවේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් තමයි පහන්තුඩාවේ සිදුවීම. ලංකාවේ බොහොමයක් දෙනා වැඩිපුරම කතා කල මාතෘකාව වුනේ එම සිදුවීම. රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටා තිබෙන පහන්තුඩාව නම් ජනප්‍රිය සංචාරක ස්ථානයේ ජනශුන්‍ය අවස්තාවක මෙම රූගත කිරීම කල යුවල මේ වනවිට හඳුනාගෙන තියෙනවා කියලා පොලිස් ආරංචිමාර්ග පවසනවා. මේ සිදුවීමට අදාළ කාන්තාව වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිණියක්. ඒ වගේම ඇය සමග මෙම රූගත කිරීම කල තරුණයා මේ ආකාරයේම වීඩියෝ කිහිපයක්ම කර තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ මෙම වීඩියෝ හරහා මුදල් ඉපැයීමයි. ඔවුන් මෙම වීඩියෝ අප්ලෝඩ් කල පසු මේ වීඩියෝ නරඹන වාර ගණන අනුව ඔවුන්ට ගෙවීම් කරන නිසා මේ පිලිබඳ ලංකාවේ සමාජ ජාලාතුලත් විශාල කැළඹීමක් ඇතිකරලා තියෙනවා.

පහන්තුඩාවේ පමණක් නෙවෙයි මෙම යුවල ලංකාවේ විවිද ප්‍රදේශවල මෙම ආකාරයේ වීඩියෝ නිර්මාණය කරලා තියෙනවා. නමුත් වැඩිපුරම සමාජ ජාලාවල කතා වුනේ පහන්තුඩාවේ රූගතකල වීදියෝවයි. මෙවැනි වීඩියෝ නිර්මාණය දඬුවම් ලැබෙන වරදක් වන අතර මේ වනවිට මෙම කාන්තාව සහ තරුණයා පිලිබඳ නිවැරදි තොරතුරු ගණනාවක්ම ලැබී තිබෙනවා කියලත් අපට දැනගන්න ලැබුනා. ඒ වගේම ඔවුන් නොබෝදිනකදී පොලිස් බාරයට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තන්දූව මහතා විශ්වාසය පළ කර තිබෙනවා. ඉතින් මේ සිදුවීම පිලිබඳ ඔබගේ මතය කුමක්ද?

01.

02.

03.

04.

05.

06.

07.