‘පහන්තුඩාවේ කපල් එක ඇත්තටම පවු’ ජනප්‍රිය නිවේදක පේෂල මනෝජ් කියන කතාව

සංගීත ලොකයේ දක්ෂ තබ්ලා වාදකයෙකු ලෙසත් වර්තමානයයේ නිවේදකයෙකු ලෙසත් බොහෝ හදවත් ස්පර්ශ කරන ඔහු පේෂල මනෝජ්. ඔහු ගැනයි මේ සොදුරු කතා බහ. දෙරණ චැම්පියන්ස්ටාර් වැඩසටහන ඉදිරිපත් කරන පේෂල පිලිබඳ වැඩි කතා බහට ලක් වුනේ නිවේදන ශිල්පිනි පුර්ණිකා සමඟ අතිනත ගත් දා පටන්. ඔවුන් පිළිබඳ විවිධ කතා විවිධ දේ සමාජ ගත වුනත් අද ඔවුන් ඉතාමත් සතුටින් පුතුන් දෙදෙනෙකු සමඟ සිය ජිවතය ගෙනයයි. අපි පේෂලගෙන්ම ඇහුවා ඔහු මේ වන විට ගෙවන ජිවිතය ගැන “ඇත්තටම මම සතුටින් ජිවත් වෙනවා. අද මගේ ජිවිතේ සර්ව සම්පුර්ණයි කියලා මම හිතනවා. හැකියාව තියෙනවනම් අධිෂ්ඨානය තියෙනවනම් තමන්ට තමන්ගේ ජිවිතේ වෙනස් කරගන්නපුළුවන්. අනික ඔය ගොසිප් කියන දේවල් ගැන හිතන කෙනෙක් නෙවෙයි මම. ගොසිප් එකකට බෑ අපේ ජිවිත වෙනස් කරන්න. ගොසිප් කියන්නේ නමක් හදාගන්න ගොඩක් අය කරන දෙයක්. හැබැයි මම එහෙම නෑ. ඉතින් මම මගේපවුල එක්ක උපරිම සතුටින් කාලය ගත කරනවා. මම හිතන්නේ නෑ කාටවත් ඒ ගැන ගොසිප් මවන්න දෙයක් තියෙනවා කියලා. අනික මම මගේ පවුල් ජිවිතේ ගෙනියන්නේ කොහොමද කියලා දන්න අය දන්නවා.” කියලයි.

පේෂල කියන්නේ කෙලින් කතා කරන පුද්ගලයෙක් කියන්න හැමෝම වගේ දන්නවා. ඔහු කිව යුතු දේ කිව යුතු පුද්ගලයාට කියන්න දෙපාරක් හිතන්නේ නෑ. ඉතින් අපේ රටේ දැන් තත්වය පිලිබඳ පේෂලා කිවුවේ මේ වගේ කතාවක්. “මම මෙහෙම කියන්නම් මේ රටට තියෙන්නේ ජනතාව රවට්ටන ආණ්ඩුවක්. කෝ කාලයක් රට පුරා පැතිරුණ සාෆි , වඳ බෙහෙත්. ඒ සේරම යට ගියා. අනික මේ රටේ බොහෝ දෙනෙක් කරන්නේ අවශ්‍ය දේ යට ගහලා අනවශ්‍ය දේ උඩට මතු කරන එක. ඒකට හොදම උදාහරණය මෑතක සිදුවුන පහන්තුඩාව සිදුවිම. ඇත්තටම ඒක සමාජයේ මෙච්චර උඩට ගේන්න ඕනි සිදුවිමක්ද. මමනම් ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. මමත් ඒ වීඩියෝ එක බැලුවා. ඇත්තටම ඒ කපල් එක පවු. සමාජය මාධ්‍ය තුළ ඒ කරපු දේ එක්ක අවසානේ නින්දා වින්දේ අහිංසක දෙන්නෙක්. අවශ්‍ය දේවල් යට ගහලා වැඩකට නැති දේවල් උලුප්පන්න හදන සමාජයක් මේ. මම කියන්නේ අපි වැඩකට ඇති දේවල් වැඩකට ඇති කතාවක් සමාජයේ උඩට ගන්න ඕනි. නැතුව කාටවත් වැඩකට නැති දේවල් සමාජ ගත කරලා වැඩක් නෑ.” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.