‘පසුගිය කාලෙ ආදරේ නිසා මම ගොඩක් විඳෙව්වා’ හින්දි නිළියකට වඩා ලස්සන නිලූෂි කියන කතාව

මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන ‘දිවිතුරා’ කියන ටෙලිනාට්‍ය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි, රියල්ටි වැඩසටහනක තරඟකාරියන් කිහිප දෙනෙකු වටා ගෙතෙන මේ කතාවට හැමෝම ගොඩක් ආදරෙයි ඉතින් මේ ටෙලිනාට්‍යයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්‍යා කියන්නේ. ඇය හින්දි නිලියක් වගේ ගොඩක් සුන්දරයි. ඒ වගේම පුංචි තිරයේ සිටින උගත් නවක රංගන ශිල්පිනියක්. නිලූෂි මේ දිනාල ගොඩක් කාර්ය බහුලයි ලු ඒකට හේතුව තමයි නවක රංගන ශිල්පිනියක් වුනත් ඇය ඉනිතරම ෂූටින් යනවලු.

දැන් ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න ඇය මේ දවස්වලනම් ඉන්නෙග් ගොඩක් දුකෙන්ලු ඒකට හේතුව තමයි ඇයගේ අදර සම්බන්දෙ නතරවෙලා ඉතින් නිලූෂි ඒ පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි ” ඇත්තටම මේ වෙලාවේ ඒ ගැන කතා නොකර ඉන්න තරමට ගොඩක් හොඳයි කියලා මට හිතනවා. මොකද දෙදෙනෙක් අතර හොඳ අවබෝධයක් නැතිනම් ඒ ආදරයක් ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඇත්තටම අමාරුයි. පහුගිය කාලේ ආදරය නිසා මම වින්ද දුක් එක්ක ආයේ ආදරය ගැන හිතන්න මානසිකත්වයක් මට නැහැ. ඒ වගේම විවාහය ගැනත් දැන්මම හිතන්නේ නැහැ. විවාහය තමයි කෙනෙක්ගේ ජීවිතයේ වැදගත්ම දේ. විවාහයක් නිසා කෙනෙක්ට සුන්දර ජීවිතයක් ලැබෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තනම් ජීවිත කාලෙම දුක් වෙන්න පුළුවන්. ඒ නිසා විවාහය වගේ තීරණයක් ගන්න හදිස්සි වෙන්න හොඳ නැහැ. මං හිතනවා හරිම කාලය ආවාම මම හරිම තීරණය ගනියි කියලා. මොකද මම ආදරේ නිසා ගොඩක් දුක්වින්දා.” කියලයි.ඉතින් මේ දවස්වල හැමෝම ආදරේ කරන නිලූෂිටත් ඉක්මනටම සැබෑ ආදර වන්තයෙක් ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.