නොසිතූ මොහොතක කැමරා කාචයට හසුවූ අහඹු ඡායාරූප 10 ක්

ඡායාරූප කියලා කියන්නේ අපි නැවත නැවත බලලා සතු‍ටු වෙන දෙයක් නේ.ඒ අතරේ බඩ අල්ලගෙන හිනාවෙන්න පුලුවන් ඡායාරූපත් නැත්තෙම නැහැ. අපි හොඳ සූදානමකින් ඡායාරූපයකට පෙනී සිටිද්දී මොකක් හරි විහිලුවක් කරලා ඡායාරූපය කැත කරන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා. අපි ඕනම කෙනෙක්ගේ දුරකථන වල අපේ Photo bombing යාලුවන්ගේ හිනායන පින්තූර අඩුවක් නැතුව තියෙනවානේ.එහෙම නැත්නම් කවුරු හරි අනපේක්ෂිත විදියට රාමුව මැද්දට ඇවිත් ඉද්දී ඡායාරූපය වැදිලා තියෙන්න පුලුවන්. කොහොම වුණත් ඉතින් මේ වගේ අකරතැබ්බ නිසා කැත වුණු පින්තූර දිහා ආයේ ආයේ බලද්දී කට්ටියත් එක්ක හොඳට හිනාවෙලා විනෝද වෙන්න පුලුවන් හරි අපූරු අත්දැකීමක් බවට එය පත්වෙනවා.

මේ කතාවත් ඒ වගේ කැමරා කාචයට හසු වී තිබූ හිනායන ඡායාරූප එකතුවක් ගැනයි. මේ සෑම ඡායාරූපයකම පසුබිමේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හොඳට බැලුවොත් ඔයාටත් හිනා යන එක නතර වෙන එකක් නැහැ.

01. හැමෝම හිනාවෙලා පවුලේ ඡායාරූපයකට පෙනී සිටිද්දී මේ පුද්ගලයා පසුබිමින් මූණත් ඇඹුල් කරගෙන ඉන්නේ සමහර විට එයා පවුලේ කෙනෙක් නොවන හින්ද වෙන්න ඇති.

02. ඩ්‍රම් වාදකයාගේ expression එක !

03. පිටිපස්සේ ඉන්න කෙනා නම් අයිස් ක්‍රීම් වලට එච්චර කැමති නෑ වගේ!

04. ලොව හොඳම සෙල්‍ෆි ඡායාරූපය කියලා කිවුවත් සමහර විට වැරද්දක් නැතිව ඇති. කොච්චර සෙල්‍ෆි ඡායාරූප අරගත්තත් කාගාවවත් තල්මහෙක් එක්ක ගත්ත සෙල්‍ෆි එකක් නැහැ නේද? මේ පුද්ගලයා නම් ඇත්තටම වාසනාවන්තයෙක්.

05. මේ ඡායාරූපය විශෙෂ වෙන්නේ ඉස්සරහා ඉන්න දෙන්නා නිසා නම් නෙවේ. ටිකක් බලන්නකෝ මේ දෙන්නට පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා. හිපපොටේමස් මේ දෙන්න දිහා බලාගෙන ආශිර්වාද කරනවා වගේ කියලයි පෙනෙන්නේ.

06. තරුණියන් වර්ග දෙකක් ඉන්නවා කියලා ඔප්පු කරන ඡායාරූපයක්- රූපය ගැන වැඩියෙන් හිතන සහ කෑම ගැන වැඩියෙන් හිතන. ඔයා අයිති මේ කුමන කාණ්ඩයටද?

07. ලස්සන පවුලේ ඡායාරූපයක් මිසක් මේ ඡායාරූපය දැක්කම හිනායන්නේ නැහැනේ කියලා හිතෙනවද? එහෙනම් ටිකක් ඡායාරූපයේ පහළ බලන්නකෝ!

08. Degree එක ගන්න හිටපු විදිය ගැන Expectation Vs. Reality වෙනස එකම ඡායාරූපයකින්.

09. කොණ්ඩ මෝස්තරය දිහානම් බැලුවේ ඇත්තටම ඔබ බලාගෙන ඉන්නේ ඡායාරූපයේ ඔබ දකින්න ඕන තැන නම් නෙවෙයි!  බලන්නකෝ  ඊට පිටිපස්සෙන් මොකද වෙන්නේ කියලා !

10. මේ ඡායාරූපය ගැන අන්තර්ජාලයේ නම් සඳහන් වෙලා තිබුණේ මේ සෙල්ෆී ඡායාරූපය ගන්න ගැහැණු ළමයි දෙන්නා පසුබිමින් මහ‍රැජිණ ඉන්නවා දැක්කේ නැහැ කියලයි. කොහොම වුණත් ඉතින් බ්‍රිතාන්‍ය මහ‍රැජිණත් එක්ක සෙල්ෆී එකක් ගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැනේ.