‘නෙහාරා ඇරුණම මම ගොඩක්ම කැමැති සුජානි මේනකාට’ මේනක රාජපක්ෂ කියන කතාව

ලංකාවේ කළා ලෝකයේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි මේනක රාජපක්ෂ කියන්නේ. ඔහුගේ ජනප්‍රියත්වය වැඩිවෙන්න තවත් හෙතුවක් වුනේ නෙහාරා සමග විවාහ වීම කියලයි ගොඩක් අය කියන්නේ. මේනක රංගනයෙන් දායකවුණා නිර්මාණ කිහිපයක්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා ඒ අතරින් ‘මුතු කිරිල්ලි’, ‘සිංහාවලෝකය’ යන සිනමාපට අතිශය ජනප්‍රිය වුනා, ඒ විතරක් නෙවෙයි මේනක දමිල සිනමාපට කිහිපයකටත් සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා.

මේනක කියන්නේ වැඩිපුරම සැහැල්ලුවෙන් විහිළුවෙන් තහළුවෙන් ජීවත්වෙන්න කැමති චරිතයක ඒ වගේම කියන්න තියෙන දේ මුනට කියන චරිතයක්. ඒ නිසාම මේනකට ගොඩක් යාළුවො ඉන්නවා. මේනක වෙනත් නිලියක් සමග ආදර ජවනිකා රඟපෑම ගැන නෙහාරා වැඩිය කැමති නෑලු මේනක නෙහාරා පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”එයා ඒවා බලන්නේ නැහැ. මොකද එයාට ඒවා බලන් ඉන්න බැහැලු. හැබැයි ඒවා නොබලා ඉන්නවා මිසක් කවදාවත් ඒවා ගැන රණ්ඩු කරලා නැහැ. ඒ අතින් නෙහාරා කියන්නේ හොඳ අවබෝදයක් තියෙන කාන්තාවක්” කියලයි. හැබැයි මේනකට නෙහාරා වෙනත් නළුවෙක් සමග ආදර ජවනිකාවක් කරද්දී දැනෙන විදිය ටිකක් වෙනස්ලු ඔහු අපිට ඒ පිලිබඳ කිවුවේ මේවගේ කතාවක් ”ඇත්තටම මට තරහක් ඇතිවෙනවා. ඒ එයා රංගන ජවනිකාව හරියට කරන්නේ නෑ කියලා හිතුණොත්. මොකද මම හරියටම දන්නවා නෙහාරාගේ ආදරේ කරන්න පුළුවන් උපරිම පරිමාව කොච්චරක්ද කියලා. මං එයාට නිතරම කියන්නේ මට ආදරේ කරන විදියට ඒ ජවනිකාවේදී ඒ නළුවටත් ආදරේ කරන්න කියලා. චරිතෙට තමන්ගේ උපරිමය දෙන්න කියලයි. ඒ හැරුණු කොට ඒ වගේ දේකට ඊර්ෂ්‍යා කරන මනුෂ්‍යයෙක් ‍නෙවෙයි මම. මම ගොඩක් විවුර්තව හිතන කෙනෙක්” කියලයි ඒ වගේම මේනක මෙතෙක් රඟපෑ ආදර ජවනිකා අතරින් නෙහාරා හැරුනම ඔහු කැමතිම රංගන ශිල්පිනිය සුජානි මේනකා කියලයි ඔහු කියන්නේ, ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මේනක නෙහාරා සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.