නීරෝගි සහ දිදුලන කෙස් කලඹක් ඉක්මනින් ලබා ගන්න ක්‍රම 7 ක්

නීරෝගී කෙස් කලඹකට ආසාවෙන් කොච්චර ප්‍රතිකර්ම කලත් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැතිද? එහෙනම් අද ලිපිය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි. මෙම සත්කාර වල විශේෂත්වය තමයි ඒවා සකස් කරගැනීමට ඔබට ගත වෙන්නේ මිනිත්තු කිහිපයක් පමණක් වීම, අධික ලෙස මුදල් වැය කිරීමට අවශ්‍ය නොමැති වීම සහා පහසුවෙන් නිවසේදීම සොයාගත හැකි අමුද්‍රව්‍ය පමණක් භාවිතා වීම. මේ ක්‍රම උත්සාහ කලෝතින් නම් ඔබට නීරෝගි සහා දිදුලන කෙස් කලඹක් ලබාගන්න එක තව දුරටත් හීනයක් නොවේවි.

1. හිසකෙස් වලට පෝෂණයක් ලබා දෙන අලිගැට පේර මාස්ක් එකක්

මෙක්සිකානු ආහාර සම්ප්‍රදායේදී ආහාර රුචිය වඩවන්නක් ලෙස භාවිතා කරන අලි පේර ඇත්තෙන්ම ඉතාමත් ගුණවත් පලතුරක්. හිසකෙස් සඳහා මාස්ක් එකක් ලෙස භාවිතා කිරීමෙන් වඩාත් ධනාත්මක ප්‍රතිඵල ලබාගත හැකියි. ඔබට අවශ්‍ය වන්නේ මේ සුලු අමුද්‍රව්‍ය කිහිපය විතරයි.

  • ඉදුණු අලි ගැට පේර ගෙඩි 1 ක්
  • ඔලිව් තෙල් තේ හැඳි 1 ක්
  • මී පැණි තේ හැඳි 1 ක්
  • බිත්තරයක්

මෘදු මිශ්‍රණයක් වනතුරුම මේ සියලු ද්‍රව්‍ය එක්කොට කලවම් කරගන්න. ඉන්පසුව, මෙම මිශ්‍රණය ඇඟිලි වලට ගෙන හිසකෙස් වල මුලේ සිට අග දක්වා සමව හොඳින් ආලේප කරගන්න. හිසකෙස් වලට හොඳින් උරාගන්නා තෙක් මිනිත්තු 20 පමණ මිශ්‍රණය හිසේ ‍රැ‍ඳෙන්නට හරින්න. අවසානයේ උණුසුම් ජලයෙන් හිසකෙස් හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

2. හිසකෙස් වල සුමුදු බව වැඩිකරගැනීමට කෝමාරිකා මාස්ක් එකක්

බොහෝ රෝග වළක්වන සත්කාරක ඖෂධයක් ලෙසයි කෝමාරිකා හැඳින්වෙන්නේ. කෝමාරිකා වලට හැකියි ඔබේ හිසකෙස් වල වර්ධනය උත්තේජනය කරවමින් වඩාත් දිදුලන බවක් හිසකෙස් වලට එක්කිරීමට. මේ සත්කාරය සඳහා පහත අමුද්ර්ව්යද කිහිපය භාවිතා කල හැකියි.

  • කෝමාරිකා පතක්
  • ආමන්ඩ් තෙල් තේ හැඳු 1 ක්

කෝමාරිකා පත්රලය මැදින් කැබලි ලෙස කපා තලාගන්න.එයට ආමන්ඩ් තෙල් මිශ්රම කරමින් හිසකෙස් වල හොඳින් ආලේප කරගන්න. ඉන්පසුව, පොලිතින් එකකින් හිසකෙස් අවරණය කරගන්න. මිනිත්තු 20 ක් පමණ එසේ ‍රැඳී සිටීම වඩාත් උචිතයි. සත්කාරය අවසානයේදී උණුසුම් ජලයෙන් හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න.

3. ඉස්හොරි වලින් නිදහස් වීමට කෙසෙල් මස්ක් එකක්

ඉතා ඉහළ පෝෂණීය ගුණයකින් යුතු පලතුරක් වන කෙසෙල් වලින් ඔබට ඇති ඉස් හොරි ගැටලුවට ප්රහතිකර්මයක් සිදුකරගත හැකියි. ඒ සඳහා මේ අමුද්රඩව්ය න් සොයාගන්න.

  • (නැවුම්) ලොකු කෙසෙල් ගෙඩි 1
  • මී පැණි තේ හැඳි 1 ක්

අර්තාපල් පොඩිකරගත් විට ලැබෙන පදම එන තුරු කෙසෙල් සහා මී පැණී හොඳින් මිශ්රපකරගන්න. දැන්, මෙම මිශ්රණණය ඔබේ හිසකෙස් වල හොඳින් ගල්වාගෙන මිනිත්තු 20 ක් පමණ වියළෙන්නට හරින්න. ඉන්පසු, උණුසුම් ජලයෙන් හිසකෙස් සෝදා පිරිසිදුකරගන්න,.

4. හිසකෙස් ශක්තිමත් කරගැනීමට සහා දීප්තිය වැඩි කරගැනීමට ඇස්ප්රිෙන් පෙති වලින් මාස්ක් එකක්.

මේ සත්කාරය නම් ටිකක් විතර අමුතුයි කියා ඔබට සිතෙන්න පුලුවන්. නමුත්, ඇස්ප්රිතන් පෙති වලින් ඔබ සිතනවාට වඩා වෙනත් ප්රඅයෝජන තිබෙනවා. එහි අඩංගු සැලිසිලික් අම්ලය නිසා හිසකෙස් වලට හොඳ පෝෂණයක් ලැබී හිසකෙස් ශක්තිමත් කිරීම එවන් ආකාරයේ තවත් එක් ප්රවයෝජනයකි. නමුත්, ඇස්ප්රිරන් කියන්නේ ඖෂධයක් නිසා නිසි නියාමනයකින් තොරව භාවිතා කිරීම ඔබට ගැටලු මතුකිරීමට ඉඩ තිබෙනවා. එබැවින්, ප්රාවේශමත් ඉතා වැදගත්!
මේ සත්කාරයට ඔබට අවශ්යත වෙන්නේ,

  • ඇස්ප්රි න් පෙති 3-4 ක්
  • ෂැම්පූ

මෙම මිශ්රූණය සාදාගැනීම ඉතාමත් සරලයි: කුඩු කරගත් ඇස්ප්රිැන් ඔබේ ෂැම්පූ සමඟ මිශ්රව කර ඔබේ හිස්කබලේ හොඳින් තැවරෙන ලෙස ආලේප කරගන්න. එසේ ෂැම්පු ගල්වා මිනිත්තු කිහිපයක් පමණ ‍රැඳී සිටින්න.පසුව, උණුසුම් ජලයෙන් හිස හොඳින් සෝදා පිරිසිදු කරගන්න. දැන්, ඉතිරි ඇස්ප්රිසන් කුඩු ස්වල්පය උණුජලය සමඟ මිශ්රි කර නැවතත් හිස්කබලේ ගල්වා ගන්න. මිනිත්තු 10 ක් පමණ තැබිමෙන් අනතුරුව හිස හොඳින් පිරිසිදුකරගැනීම සිදුකරන්න.

5. හිසකෙස් වර්ධනයට උපකාරී වන පොල්තෙල් මාස්ක් එකක්

හිසකෙස් වර්ධනය සඳහා තිබෙන හොඳම පෝෂණ සත්කාරයන් වන්නේ පොල් තෙල් සහා බිත්තර යන අමුද්රතව්යෝන් ය. මේ සත්කාරය සඳහා අවශ්යත වන්නේ,

  • බිත්තර 2 ක්
  • රේප්සීඩ් තෙල් (කැනෝලා ඔයිල්) මේසහැඳි 4 ක්
  • පොල් තෙල් (ස්කූප්) හැඳි 2 ක්

මෙම සත්කාරය සතියකට එක් වතාවක් හෝ නිතර භාවිතා කිරීමෙන් ඔබේ හිසකෙස් වල මෘදු බව, නීරෝගී බව සහා දිදුලන බව නිතිපතා ආරක්ෂා කර ගත හැකියි. ඉහත සඳහන් කල ආකාරවල මෙන් හිසකෙස් වල ගල්වා මිනිත්තු 10 ක් පමණ තබා හිසකෙස් සෝදාහැරීම සිදුකරගන්න.

6. හිසකෙස් යලි වැඩීමට උපකාරී වන බේකිං සෝඩා ෂැම්පු සත්කාරයක්

හිසකෙස් පෙර නොපැවති ආකාරයෙන් හොඳින් පුනර්වර්ධනය කරගැනීමට ඇති හොඳම ක්රකමය වන්නේ මේ ක්ර මයයි! එ සඳහා ඔබට අවශ්යව වන්නේ,

  • බේකිං සෝඩා මේස හැඳි 3 ක්
  • ජලය මේස හැඳි 9 ක්

ඔබේ හිසකෙස් වල මෙම ෂැම්පු මිශ්රඳණය මුල් වල සිට හිසකෙස් අග දක්වා හොඳින් ගල්වාගන්න.මිනිත්තු 1-3 ක් පමණ කාලයක් හිසකෙස් මත තිබෙන්නට හැර හොඳින් සෝදා ඉවත් කරගන්න.එපමණයි! මෙහි ප්රාතිඵල ඔබට සතියකින් පමණ දැකීමට හැකිවේවි. මසකින් පමණ වඩාත් හොඳ ප්රමතිඵල ලබාගැනීමට මේ සත්කාරය දිනපතා භාවිතා කරන්න.

7. ලූණු සත්කාරය

බොහෝ දෙනෙකු විසින් සාර්ථක බව තහවුරු කල ස්වභාවික සත්කාර ක්රලමයකි. මේ සඳහා අවශ්යු වන්නේ,

  • මී පැණි කිලෝ ග්රෑනම් 1 ක්
  • සුදුලු බිකි 3 ක්
  • බී ලූණු ගෙඩි 3 ක්
  • ලෙමන් ගෙඩි 4 ක්
  • ෆ්ලැක්ස්සීඩ් තෙල් (හණ තෙල්) ග්රෑ්ම් 200 ක්

සුදුලූණු වල පොතු ඉවත් කර ලෙමන් සහා ලූණු සමඟින් එකතුකර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු, එයට හණ තෙල් සහා මී පැණි එකතු කරගන්න පදමකට එනතුරු හොඳින් මිශ්ර. කරගන්න. වීදුරු බඳුනකට මිශ්රපණය දමා , හොඳින් වසා, ශීතකරණය තුල තබන්න. දිනකට ඉන් මේස හැන්දක් ප්රීධාන ආහාර වේල් තුන ලබාගැනීමට මිනිත්තු 30 කට පමණ පෙර පානය කරන්න. මෙම ගුණදායි පානය ඔබේ හිසකෙස් වඩාත් නීරෝගිව කරමින් වර්ධනය කරමින් ඔබට ඉක්මන් ප්ර තිඵල ලබාදෙන මැජික් මිශ්රරණයක් බඳු සත්කාරයකි!