නිවාඩුවක් ගතකරන්න සුපිරිම ස්ථාන 40ක්

ලෝකය අතිශය සුන්දර ස්ථාන ‍රැසකින් සමන් විතයි. විවිධ රටවල පිහිටා ඇති ඒවැනි සුන්දර ස්ථාන ලැයිස්තුවක් අද අපි ඔබට අරගෙන ආවා. අනාගතයේ කවදා හරි දවසක ලොව වටා සංචාරය කරන්න හිතාගෙන ඉන්නවානම් මේ ස්ථානත් මඟහැරගන්න් එපා!

• Zhangye Danxia Geopark , චීනය

භූගෝල විද්‍යාවට ආදරය කරන අයට දැකබලා ගැනීමට ආසාහිතෙන තැනක්. ‘Rainbow Mountains’ නැතිනම් දේදුනු කඳුපන්තිය යන අර්ථය ඇති මේ ස්ථානයේ විශේෂත්වය තමයි වසර මිලියන ගණනක් පැරණි අවසාදිත ඛනිජ ස්ථර වලින් මෙම කඳුපන්තිය වැසී තිබීම. ඒවා රතු, කහ,තැඹිලි යන විවිධ වර්ණයන්ගෙන් යුක්තවේ.

• වෙනීසිය , ඉතාලිය

රෝමාන්තික නගරයක් ලෙස ප්‍රසිද්ධ වෙනිසියේ නගර මධ්යනයේ පිහිටි විශාලා ඇල මාර්ග ඔස්සේ අලංකාර ආරුක්කු හැඩයේ පාලම් යටින් බෝට්ටුව සවාරි හරහා නගරය පුරා අලංකාර දර්ශණ දැක ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ.

• Banff National Park කැනඩාව

කැනඩාවේ ප්‍රථම වනෝද්‍යානය වන මෙහි ඇති ජලාශ වල ජලය නිල් පැහැයක් ගනියි. ඒ වගේම ජලාශ ආශ්‍රිතව ඉදිකර ඇති නවාතැන්පොළක සිට උද්‍යානයේ අසිරිය විඳිමට ඔබට අවස්ථාව හිමිවේ. ‘Fairmont Chateau Lake Louise’ ඉන් වඩාත් ප්‍රඳසිද්ධ එකකි.

• Great Ocean Road ඔස්ට්‍රේලියාව

මෙල්බර්න් වල සිට බටහිර දෙසට වන්නට පිහිටි මෙම වෙරළ තීරයට පැමිණි විට ප්‍රසිද්ධ ඇපොස්ටෝල් පාෂාණ 12 හේ පිහිටීම නැරඹිය හැකියි. කෝලා සතුන් දැක ගැනීමට ‘Great Otway’ ජාතික වනෝද්‍යානය වෙතටත් ඉන් පසුව සුන්දර මුහුදු ප්‍රදේශයක් වන Lorne වෙතටත් ගමන් කල හැකියි.

• මාචු පීචු

ලෝක උරුමයක් වන මාචු පීචු බලකො‍ටුව පේරු හි වඩාත් සුප්‍රසිද්ධම ස්ථානයන් අතරින් එකකි. මෙම පැරණි නගරයේ විශිෂ්ඨ ගෘහනිර්මාණශිල්පය නිසැකවම ඔබව පුදුම කරවනවාට සැක නැත. අවට පිහිටි කඳු පන්තිවල මනස්කාන්ත දර්ශණයත් මෙහිදී ඔබට හොඳින් දැකගත හැකිවේ.

• Pamukkale තුර්කිය

මේ අසලම පිහිටි ‘Deizil’ නගරයේ පිහිටි ශ්වේත උණු දිය උල්පත් දැකගැනීමට අමතක කරන්න එපා. අතීත රෝමානු නගරයක් වන Hierapolis සම්භාහන නගරය මෙන් සියවස් ගණනක් පැරණි මෙම ජල තටාකවල බැස ජල ස්නානය කිරීමට ඔබට හැකියි.

• ජපානයේ චෙරි මල් පිපෙන සමය

වසර පුරාවටම අතිශය සුන්දරත්වයක් දැකිය හැකි රටක් තමයි ජපානය. සෑම වසන්ත කාලයකදීම එහි චෙරි මල් පිපෙන නිසා වසරේ වඩාත් ආකර්ෂණීයම සමය ලෙසත් මෙම සමය හැඳින්විය හැකියි ජපානයේ සංචාරයට සුදුසුම මේ කාලය එහි චෙරි මල් පිපෙන කාලයයි.

• Pitson සාන්ත ලුසියා

මේ කඳු ද්විත්වය ගිණි කඳු ගණයට අයත් වුවත් ඒවා ඉතා අලංකාරයෙන් යුතූව දිස්වෙන බව නොරහසක්. කැරිබියන් දූපතේ පිහිටි මනස්කාන්ත දර්ශණයක් සහිත ‘Sugar beach’ හෙවත් ප්රියස්ටයින් වැලි වලින් පිරී ඇති වෙරළ තිරය නැරඹීමටත් අමතක නොකරන්න.

• Marrakesh මොරොක්කෝව

ඇට්ලස් කඳු පන්තියේ පාදමේ පිහිටා ඇත. මධ්ය්තන යුගයෙන් පසු Marrakesh මදක් වෙනස් වීම් වලට භාජනය වී තිබෙනවා.මෙහි පිහිටා ඇති උද්යාුන මාවත් ඔස්සේ දින ගණනාවක් හෝ ගමන් කිරීමට තරම් සුන්දර දේවල් නැරඹීමට ඇත. සුන්දර මාලිගා සහා උද්යානනවලින් පිරුණු ස්ථානයකි.

• Bora Bora, French Polynesia

කලපු , කොරල් පර සහා ජලමතුපිට ඉදිකර ඇති බංගලා වලින් පිරුණු සුන්දර ස්ථානයකි. දකුණු පැසිපික් ප්‍රදේශයේ පිහිටි මෙම කුඩා දූපත පිහිපිට දිව්‍යලෝකය යැයි කීම පුදුමයක් නැත.

• Oia, Santorins ග්‍රීසිය

සෑම ග්‍රීකක දුපතක්ම අතිශය සුන්දරයි. නමුත්, ඒ අතරින් Oia කඳුකර නගරය ඒජියන් මුහුදු ප්‍රදේශයේ දැකිය හැකි අතිශයින්ම මනස්කාන්ත දර්ශණයක්.

•‘Mu Cang Chai’ වියෙට්නාමය

හෙල් මළු ක්‍රමයට කඳුකරයේ වී වගා කර ඇති මේ ග්‍රාමීය දිස්ත්‍රීක්කයේ මංමාවත් ඔස්සේ සහ සුන්දර ඇලදොල වල දසුන් ඔබව පුදුමයට පත්කරාවි.

• තමිල්නාඩුව, ඉන්දියාව

බොහෝ සංචාරකයින්ගේ ගමනාන්තයක් වන තමිල්නාඩු ප්‍රාන්තය ඉන්දියාවේ ඇති සංස්කෘතික වටිනාකමින් වැඩිම ප්රිදේශයකි. ඉන්දියාවේ බහුල වශයෙන්ම කෝවිල් පිහිටා ඇත්තේ තමිල්නාඩු ප්රරදේශය තුලයි. ඒ අතරින් ශ්රීය රංගනාතස්වාමි කෝවිල සහා මීනාක්ෂි කෝවිල් කලාපය නම් කුඩා නගරය ලෙසින් හැඳින්වෙන සංස්කෘතික සහා ආගමික ස්ථාන ඒ අතරින් ප්‍රධානයි.

• Torres del Paine ජාතික වනෝද්‍යානය, චිලී රාජ්ය ය

සංචාරයට කදිම ස්ථානයක් වන චිලිහි පැටගෝනියාව සුන්දර කඳු පන්ති වලින් පිරී ඇති දර්ශණීය වටපිටාවක් සහිත ප්‍රදේශයකි.

• තහනම් නගරය හෙවත් ‘Forbidden city’ චීනයේ බෙයිජිං අගනුවර

බීජිං නගර මධ්ය යේ පිහිටා ඇති තහනම් නගරය සියවස් 5 පමණ කාලයක සිට චීනයේ අධිරාජ්ය යවරුන් ‍රැසකගේ රාජකීය මාළිගා පරිශ්රෙය වී තිබෙනවා. සංරක්ෂිත චීන අතීත ගෘහනිර්මාණ ශිල්පය විදහා දැක්වෙන ස්ථානයකි.

•‘Amalfi Coast’, ඉතාලිය

ඉතාලියේ පිහිටි සුන්දර ස්ථානයක් වන Amalfi වෙරළාශ්‍රීත Positano වැනි හුදකලා කඳුනගර කලාප සංචාරක අවධානය දිනාගන්නා ස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් ගනියි.

• Krabi , තායිලන්තය

දකුණු තායිලන්තයේ බටහිර වෙරළාශ්‍රීතව පිහිටි මෙම පළාත හුණුගල් කඳු සහා සිය ගණන්ක් පමණ වන දූපත් ‍රැසකින් පිරී ඇත. අන්දමන් මුහුදු කලාපයේ පිහිටි මෙම සංචාරක ස්ථානය ලොව සුන්දරතම ස්ථාන අතරින් එකකි.

•‘Fiorldland’ ජාතික වනෝද්යාඇනය, නවසීලන්තය

නවසීලන්තයේ දකුණු දූපතේ දී සෑම නොවැම්බරයකම අවසානයේ සහා දෙසැම්බර් මස මුලදී දම් පැහැති රසල් ලුපින් මල් යායන් පිපි ඇති ආකාරය දැක ගත හැකියි. Fiordland ජාතික උද්යාානයත් ඒ සමයේදී අලංකාර ලුපින් මල් වලින් හැඩ වූ ප්රමදේශයක් බවට පත්වෙනවා.

•බගාන් ,මියෙන්මාරය

මධ්යබම මියෙන්මාරයේ පිහිටි මෙම පුරාණ නගරය නිර්මාණය වී ඇත්තේ දහස් සංඛ්යාාත බෞද්ධ පන්සල් සහා ස්තූප වලිනි. ඉහළ සිට බලන විට අතිශය මනස්කාන්ත දර්ශණයක් දැකීමට ඔබටත් අවස්ථාව හිමිවේවි.

•‘Havasy’ ඇල්ල, ඇරිසෝනා ප්‍රාන්තය

නිල්- කොළ පැහැති ජලය සහිත මෙම ඇල්ල අසලට යාමට නම් ඔබට Canyon ජාතික වනෝද්‍යානයේ සිට සැතපුම් 10 පමණ කඳු නැගීමට සිදුවෙනවා. නමුත්, ඔබේ මහන්සිය අපතේ යන්නේ නැහැ කියා අපි ඔබට විශ්වාසයෙන් යුතුව කියනවා.

•‘Sheikh Zayd’ මහා පල්ලිය අබුඩාබි නුවර,එක්සත් අරාබි එමීර් රාජ්ය්ය

කොත් නැතිනම් ගර්භ 82 කින් සමන්විත මෙම ස්ථානය වන්දනාකරුවන් 40000 කට පමණ නවාතැන්ගත හැකි තරම් කාමර සංඛ්යානවකින් යුක්තයි. ලොව විශාලතම පල්ලි වලින් එකක් වගේම මධ්යඛතන යුගයට අයත් මල් කැටයම් සහා තිරිවාණා අංගනය ද සුවිශේෂි වෙනවා.

•ලිස්බන්,පෘතුගාලය

Lisbon, Portugal skyline at Alfama, the oldest district of the city.

ටගුස් ගංගාවට ඉහළින් පිහිටි කඳුපන්ති මාලාවක් මත පිහිටා ඈත. පෘතුගාලයේ අගනුවර වන මෙහි පැස්ටල් පැහැති ගොඩනැගිලි ආකෘති, කහ පැහැති වීදිකාර් වැනි මනස්කාන්ත දෑ ‍රැසක් දැක බලාගැනීමට හැකිවන අතර විශාල ස්ථානීය සුන්දරත්වයකින් යුත් දර්ශණ දැකගැනීමට හැකි කදිම ස්ථානයකි.

•‘Fernando de Noronha’,බ්රිසීලය

බ්ර්සීල මුහුදු තීරයෙන් සැතපුම් 200 ක් පමණ ඈතින් පිහිටා ඇති මෙම ස්ථානය ගිණිකඳු ක්රිරයාවලි සහිත ප්රුදේශයකි. ප්‍රස්ටයින් සුදු වැලි තලාව සහිත වෙරළ තීර සහා අතිශය පැහැදිලි මුහුදු ජලය වගේම කැස්බෑ සහා ඩොල්ෆි න් වැනි සත්ව විශේෂයන් ද දැකබලාගත හැකි සුන්දර ස්ථානයකි.

•සාන්ත බැසිල් දේවස්ථානය, මොස්කව් නුවර, රුසියාව

මෙම මැදුර නිර්මාණය අවසන් කර තිබෙන්නේ 16 වැනි සියවසේදි බව කියැවේ. මේ හා සම්බන්ධ ප්‍රසිද්ධ කතා පුවතක් වන්නේ මෙහි නියම ගෘහනිර්මාණශිල්පියා මෙහි වැඩ අවසන් වූ සැණින් අන්ධ බවට පත් කිරීමේ ත්‍රාසජනක සිදුවීමයි. ‘Ivan the Terrible’ ලෙසින් හඳුන්වන තැනැත්තා විසින් එසේ කර ඇත්තේ මේවැනි විශිෂ්ඨ නිර්මාණයක් යලි එම ශිල්පියා අතින් නිමවීම වැළැක්වීම පිණිස බව කියවේ.

•‘Cape Town’, දකුණු අප්‍රිකාව

කේප් නගරයේ සංචාරය කිරීමට පුරා දිනක් වත් ගතවනු ඇත. ඒ එහි එතරම් අලංකාර පැතලි කඳු පන්ති සහා සැතපුම් ගණන් දුර මනස්කාන්ත මුහුදු වෙරළ දර්ශණ දැකගැනීමට එමට බැවිනි.

• නිල් කලපුව(Blue lagoon), අයිස්ලන්තය

‘Reykjavik’ හි නිරිතදිගින් වන්නට පිහිටා ඇත. සිලිකා බහුල ජල නිසා එම කලපු ජලයේ විශේෂිත නිල් වර්ණය දැක ගැනීමට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනියි. අයිස්ලන්තයේ පිහිටි මෙම නිල් කලපුවේ අඩංගු ජලයේ ඇති භූතාපී ගුණය ඔබේ සමටද ඉතා ගුණදායක බවත් පැවසෙනවා.

•‘Sossusveli’, නැම්බියාව

නැම්බියාවේ වෙරළ කාන්තාර ප්‍රදේශයේ පිහිටා ඇත. ‘Sossusveli ‘කලාපය ලොව උසම වැලි වැටි සහිත කලාපය වන අතර එකක් ප්‍රමාණයෙන් සැතපුම් කාලක් පමණ උසකින් යුතුවේ.

•පැරීසිය, ප්‍රන්යශය

ප්‍රේමවන්තයින්ගේ නගරය ලෙස හැඳින්වෙන පැරිස් නගරය සමඟ ආදරයෙන් බැඳිම වැළැක්විය නොහැකි දෙයකි. එහි ඇති ගෘහනිර්මාණ කලාව, නගර, මිනිසුන් ,කෑම බීම, සංගීතට,මේ හැම දෙයක්ම අතිශයින් සුන්දර අත්දැකීමක් ඔබට ලබා දෙනවා. රාත්රී කාලයේ පැරිසියේ සංචාරය කිරීමටත් අමතක කරන්න එපා, රසවත් මැකරෝන්ස් වල රස බලන්නත් ඔබට පැරිසියේදී අවස්ථාව ලැබේවි.

•හවා මහල, ජායිපූර්, ඉන්දියාව

ජායිපූර් හැඳින්වෙන්නේ රෝස පැහැති නගරය ලෙසයි. එසේ නම් කර ඇත්තේ එහි පිහිටි ගොඩනැගිලි වල ඇති එක් වර්ණ ස්වභාවය නිසයි. හවා මහල යන්න සුලඟේ මාලිගාව යන අරුත් දෙයි. නගරයේ පිහිටි රෝස පැහැති ගොඩනැගිලි සහිත ගෘහනිර්මාණ ශිල්පය අතිශය සුන්දර දර්ශණයකි.

•නිව් යෝර්ක් නගරය, නිව් යෝර්ක්,ඇමෙරිකාව

කොතරම් කලබලකාරී සහා ශබ්දකාරි නගරයක් වුණත් නිව් යෝර්ක් හි මෑන්හැටන් අහසේ හිරු බැස යන දර්ශණය මඟහැරිය නොහැකි තරම් සුන්දර දසුනක් වෙනවා. නිව් යෝර්ක් නගරය ලොව ඇති සුන්දරම නගරයක් කීම වැරදි නැහැ.

•‘El Yunque’ ජාතික වනය, ‘Puearto Rico’

Puerto Rico හි ස්පාඤ්ඤ කැරිබියන් දූපතේ පිහිටා ඇත. උතුරු ඇමෙරිකාවේ පිහිටි එකම නිවර්තන වැසි වනාන්තරය වන්නේ El Yunque වනාන්තරයයි. වනජීවින්ගෙන් වගේම දුර්ලභ ශාක සහා මල් වර්ගවලින් පිරී පවතින මෙහි සුන්දර දිය ඇල්ලක්ද දැකිය හැකියි.

•‘Zlatni Rat’,ක්රෝ ඒශියාව

‘Brac’ නම් ක්රෝ ඒශියන් දූපතේ පිහිටා ඇත. යුරෝපයේ පිහිටන සුන්දරතම වෙරළ වලින් එකකි. පැහැදිලි ජලය සහා සුදු බොරලු සහිත වැලි තලාව නිසාම Golden Cape වෙරළ තවත් සුවිශේෂි වෙනවා.

•ලෝෆන් දූපත්, නොර්වේ

ලොගෝටන් දූපත් ආර්ක්ටික් ප්‍රදේශයේ පිහිටා ඇත. උණුසුම් බවින් වැඩි උෂ්ණත්වයකින් යුතු කලාපයකි. ශීත කාලය සහා වසන්න්ත කාලයේ එකතුවක් බඳු දේශගුණයක් සහිතයි. ශීත සෘතුවේදී පෙනෙන උතුරු ආලෝක නැතිනම් Nothern lights දැකගැනීමට කදිම ස්ථානයකි.

•‘Mihi no Matsubara’, ජපානය

1920 වසරේ සිට ලොව ලස්සන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති මෙම ස්ථානය විශේෂ වන්නේ එහි ඇති විශාල ‘පයින් ගස් ‘නිසයි. එහි ඇති කලු වැලි සහිත වෙරළ කලාපය ද මග හැරිය නොහැකි තරම් සුන්දර දර්ශණයකි.

• Isla Holbox , මෙක්සිකෝව

මෙක්සිකෝවේ යුකැටන් පෙනිසියුලාවේ පිහිටි මෙම ස්ථානය සීත සෘතුව ගත කිරීමට කදිම ස්ථානයකි. සුපිරිසිදු ජලය සහිතවීම වගේම වැඩි ජනගහනයක් නැති නිස්කලංක වෙරළ කලාපය නිසා නිවාඩුවක් ගතකිරීමට සුදුසුම ස්ථානයක් ලෙස හැඳින්විය හැකියි.

•බාර්සිලෝනා, ස්පාඤ්ඤය

කැටලෝනියාවේ පිහිටි විශාලතම නගරය වන බාර්සිලෝනාව අලංකාරයෙන් පිරුණු ස්ථානයකි. ඇන්ටෝනි ගවුඩි නැමති ගෘහ නිර්මාණ ශිල්පියාගේ විශේෂිත නිර්මාණයන් නගරය පුරාම තැන තැන දැකගත හැකිවීම විශේෂත්වයකි (park Guell, Sagrada Familia ස්ථාන). “Catalan modernism” නම් සංකල්පයට වඩාත් ප්‍රචලිතව ඇත.

•‘Iguazu’ ඇල්ල, ආර්ජන්ටිනාව

Iguazu දිය ඇලි ලොව විශාලතම දිය ඇලි විශේෂයයි. ආර්ජන්ටිනාව සහා බ්‍රනසීල දේශසීමාව අතර පිහිටි මෙම ස්ථානය ගංගා දිය ඇලි බවට පත් වන අලංකාර දර්ශණයක් සහිත ප්‍රදේශයකි.

• Key West, ෆ්ලොරිඩාව

ඇමෙරිකාවේ දකුණු ප්‍රදේශයේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රචලිතයි. වෙරළේ වගේම ලෝකප්‍රසිද්ධ ලේඛක ‘අර්නස්ට් හෙමිංග්වේ’ ගේ නිවස වැනි බොහෝ කෞතුක වටිනාකම් ඇති බොහෝ ස්ථාන දැක ගැනීමටත් හැකිවේ.

• ගීසා පිරමිඩ, ඊජිප්තුව

ඊජිප්තුවේ පෙර පැවති අගනුවරක් වූ ගීසා හි පිරමිඩ ගැන ඔබ අසා ඇති. ඉපැරණි පාරාවෝ රජ සමය සිහිගන්වන මෙම ලෝක උරුමයන් ජීවිතයේ එක් වතාවක් හෝ දැක ගැනීමට ඇත්නම් එය බොහෝ වටිනවා නේද?

• කොමිනෝ දූපත, මෝල්ටාව

මෝල්ටාවේ අඩුම ජන ගහනයක් සහිත දූපතවේ. 2017 වසරේ එහි වාර්ථා වූ දූපත්වාසින් ගණන වූයේ 3 කි. එහිදී අතිශය පිරිසිදු ජල ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ. එහි පිහිටි නිල් කලපු නිසාද මෙම ස්ථානය වඩාත් ප්ර සිද්ධියක් උසුලනවා.