නිවස පිරිසිදු කරන්න භාවිතා කල හැකි ආහාර වර්ග 9 ක්

නිවසේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා භාවිතා කරන සේදුම් කාරක සහා සේදුම් දියර වැනි නිෂ්පාදන වල බහුලවම අඩංගු වන්නේ රසායනික ද්‍රව්‍යන්. ඒවා මිනිස් සිරුරට අධික විෂ විය හැකි අතර අපගේ සෞඛ්‍යටද අහිතකර බලපෑම් ඇති කරවන ප්‍රබල හේතුවක් ද වේ. නමුත්, වර්තමානයේ ඇතැම් පර්යේෂණ මඟින් ඊට හොඳ ස්වභාවික විසඳුම් කිහිපයක් සොයාගැනීමට හැකි වී තිබෙනවා. ඒවා තිබෙන්නේ වෙන කොහේවත් නොවෙයි ඔබේ මුලුතැන්ගේ තුලමයි. ඔබට හානියක් ඇති නොකරමින් ඔබේ පිරිසිදු කිරීම් අවශ්‍යතා ඉ‍ටුකරදෙන මේ ස්වභාවික පිරිසිදුකාරක මොනවාද කියා අපි දැන් බලමු.

1. කෙසෙල්

මැසි කරදරය කියන්නේත් නිවසක පිරිසිදුකම පවත්වාගැනීමට බාධා ඇති කරන්නකි. එවැනි කරදරකාරි කෘමි වර්ගයක් වන පලතුරු මැස්සන් හසු කරගත හැකි උගුලක් ලෙස කෙසෙල් භාවිතා කල හැකියි. මේ සඳහා පරණ කෙසෙල් ගෙඩියක් සහා සබන් කැබැල්ලක් අවශ්‍යයයි. වීදුරු බෝතලයක් ගෙන එය තුලට මේවා දමන්න. කඩදාසියක් පුනීලයක් ලෙස නවා හැඩය සිටින සේ ටේප් පටියක් අලවා විදූරු බෝතලයේ කට මත රඳවාගන්න. කෙසෙල් ගෙඩියේ සුවඳට මැස්සන් ආකර්ෂණය වී බෝතලය දෙසට පැමිණේ. නමුත්, එහි ඇති පුනීලය සහා සබන් නිසා ඔවුන්ට නැවත පිටතට පැමිණීමට නොහැකිව සිර වී යයි.

2. සෝඩා වතුර

සෝඩා වතුර කියන්නේ ජනප්‍රිය පාන වර්ගයක් වගේම ස්වභාවික පිරිසිදුකාරකයකි. ඔබේ නිවසේ ඇති නානකාමර කණ්නාඩි සහා වෙනත් කණ්නාඩි සහිත තැන් වලට සෝඩා ජලය ඉසගනිමින් ස්පොන්ජ් කැබැල්ලකින් අතුල්ලා පිරිසිදු කරගන්න. එමඟින් වීදුරු වලට හොඳ දීප්තියක් ලැබේවි. ඒ වගේම ඔබේ ආභරණ වර්ග පිරිසිදු කරගැනීමටත් ඇඳුම් වල ‍රැඳුණු පැල්ලම් ඉවත් කරගැනීමටත් සෝඩා වතුර භාවිතා කල හැකියි.

3. හාල්

පහසුවෙන් පිරිසිදු කරගැනීමට නොහැකි හැඩවලින් යුත් බඳුන් හොඳින් අතුල්ලා පිරිසිදු කරගැනීමට හැකි හොඳම ක්‍රමයක් ලෙස සහල් අහුරක් භාවිතා කල හැකියි. මේ සඳහා පිසින් ලද බත් සුදුසු නොවේ. සහල් අහුරක් සබන් අඩංගු ජලයේ මිශ්‍ර කරමින් ඒ ජලය ප‍ටු හිඩැසක් සහිත බඳුන් තුලට දමා හොඳින් කලත්තවා පිරිසිදු කරගන්න.

4. අර්තාපල් පොතු

ගිණි උඳුන පිරිසිදු කරගත හැකි පහසුම ක්‍රමය ලෙස අර්තාපල් පොතු එහි දමා පුළුස්සා ගැනීම නම් කල හැකියි. ඉවත් කරගත් අර්තාපල් පොතු පැය 48 ක් පමණ හොඳින් වියළෙන්නට තැබිය යුතුයි. තෙතමනය සහිත ඒවා වලින් මෙම පිරිසිදු කිරීම් කාර්යය හොඳින් සිදුකරගත නොහැක. baking sheet එකක් මත සමතලා ලෙස පොතු අතුරා ගන්න. ඒවා පිලිස්සෙන විට එම දුමාරය මඟින් චිමිනිය තුල ඇති පිලිස්සුනු ලී කොටස්, දුඹු‍ටු, දැලි ආදිය බුරුල් විම සිදුවේ.

5. ලෙමන්

ලෙමන් යුෂ, ලෙමන් පොතු සහා ජලය මිශ්‍ර කරමින් සාදාගත් දියරයකින් මයික්‍රෝවේව් උඳුන ඇතුලත හොඳින් පිරිසිදු කරගත හැකියි. ආවරණය නොකල බඳුනකට මිශ්‍රණය දමා උඳුන තුලට මිනිත්තු 3 ක් පමණ රත්කරගන්න. ඉන්පසුවත්, උඳුනේ දොර වසා තබමින් වාෂ්ප පිටතට පැමිණීමෙන් වළක්වන්න. අවසානයේ, තුවායකින් හෝ රෙදි කැබැල්ලකින් උඳුන ඇතුලත හොඳින් පිසදමමින් පිරිසිදු කරගන්න.

6. ග්‍රේප් ෆෘට් (grapefruit)

මෙම සිට්ර්ස් කුලයට අයත් පලතුර භාවිතා කරමින් ඔබට නිවසේ පිරිසිදු කිරීම් කටයුතු පහසු කර ගත හැකියි. මේ සඳහ ග්‍රේප් ෆෘට් ගෙඩියක් සහ ආකර ලුණු (rock salt) භාවිතා කරමින් පරිසර හිතකාමී පිරිසිදුකාරකයක් සාදා ගත හැකියි. ගෙඩිය දෙකට කපා ඒ මතුපිටට ලුණු ඉසගන්න. දැන් ඔබේ නාන තටාකය. නාන කාමරයේ සින්ක් එක, ටයිල් වැනි ස්ථාන මත එය හොඳින් අතුල්ලමින් පිරිසිදු කරගන්න.

7. කෙචප් (ketchup)

තඹ බඳුන් වල කිලිටි බව ඉවත් කරමින් දීප්තිමත් සහා අලුත් පෙනුමක් ලබාගැනීම සඳහා කෙචප් භාවිතා කරමින් ඒවා පිරිසිදු කරගත හැකියි. බඳින් මතුපිට කෙචප් ගල්වා මිනිත්තු කිහිපයක් පමණ තිබෙන්නට හරින්න. ඉනප්සුව ඒවා පිස දමා ජලය භාවිතා කරමින් හොඳින් සෝදා පිරිසිදු කරගන්න. මේ ක්රවමයම භාවිතා කරමින් මල නොබැ‍ඳෙන වානේ නිෂ්පාදනයන් ද පිරිසිදු කරගැනීමට හැකියි.

8. ලූණු

රසායනික දියර භාවිතා නොකර ලූණු භාවිතා කරමින් ග්‍රිල් වැනි උපකරණ පිරිසිදු කරගත හැකියි. දෙකට කැපූ ලූණු ගෙඩියක් ග්‍රිල් එක මත තබා ග්රිපල් ගෑරුප්පුවක් භාවිතා කරමින් එහි ඇති ග්‍රිල් කූරු හොඳින් අතුල්ලමින් පිරිසිදු කරගන්න. මේ ක්‍රමය මඟින් එහි අල්ලා තිබෙන ඉතිරි වූ ආහාර සහා තෙල් කොටස් පහසුවෙන් ඉවත් කරගත හැකිය.

9. තේ

Hardwood පොලෝ මතුපිටවල් පිරිසිදු කිරීම සඳහා කලු තේ (Black tea) ඉතා ප්‍රයෝජනවත් වන පිරිසිදුකාරකයකි. Mop කිරීමට යොදාගන්නා ජල බඳුනට කලු තේ එක්කරගනිමින් හොඳින් නිවෙන්නට හරින්න. පසුව, හොඳින් බිම අතුල්ලා පිරිසිදු කරගන්න. තේ වල අඩංගු ටැනික් අම්ලය මඟින් පොලෝ මතුපිට හොඳින් පිරිසිදු කරගැනීම වඩාත් පහසු කරවයි. නමුත් මේ ක්‍රමය laminated පොලෝ මතුපිටවල් පිරිසිදු කරගැනීමට භාවිතා නොකල යුතු බව මතක තබාගන්න!