නිවසේ බඩු පිරිසිදු කරගැනීමට සරල ක්‍රම 11ක්

ඔයාගේ දොර පිරිසුදු කරන්න පටන් ගත්තහම ඒකට ඕන පිරිසුදු කාරක නෑ කියල දැනගත්තම ඔයාට මොනවා හිතෙයිද? අන්න ඒ වගේ වෙලාවට කරන්න පුලුවන් දේවල් 11ක් අපි දැන් බලමු.

01 බ්‍රේක් කරන තැටිවල පිලිස්සුම් සලකුණු මකන්නේ මෙහෙමයි.

බේකින්සෝඩා සහ පෙරොක්සයිඩ් ටිකක් දාලා මේක ඔයාට ලේසියෙන්ම පිරිසිදු කරගන්න පුලුවන්.

02 මේ වගේ ජනෙල් දාර පිරිසිදු කරගන්නේ කොහොමද

මේකෙදිත් බේකින්සෝඩා ටිකක් ඉහල ඒ තැන්වලට හෙමින් හෙමින් සුදු විනාකිරි දාන්න. ඒවා ප්‍රතික්‍රියා කරල බුබුළු නැගල ඉවර උනහම පිරිසිදු කරන්න ඔයාට පුළුවන්.

03 නාන බේසමේ මේ වගෙ පැල්ලම් යවන්නේ මෙහෙමයි

විනාකිරි සහ සේදුම්කුඩු සම සමව අරගෙන කලවම් කරලා අවපැහැ උන තැන්වල ගාන්න. විනාඩි 10 විතර තියෙන්න ඇරල අතුල්ලලා සෝදාදාන්න. දැක්කනේ ද වෙනස.

04 රෙදි සෝදන මැෂිම පිරිසිදු කරගනිමු.

රෙදිසෝදන මැෂිම කියන්නේ දිනපතා අපි පාවිච්චි කරන දෙයක්. ඉතින් ඒක ඉක්මනින් අපවිත්‍ර වෙනවා.. ඉතින් ඔයාට පුළුවන් රෙදි සෝදන්න ඉස්සර බේකින් සෝඩයි, සුදු විනාකිරි ටිකකුයි දාලා මැෂිම ක්රියා කරවන්න. මැජික් එකකින් වගේ ඇතුලත් පිරිසිදු වෙලා තියෙනවා ඔයාට දකින්න පුළුවන්.

05 ටයිල් වල ග්‍රවුන්ට් දාර සුද්ද කරගන්න නම්

බ්ලීචින් කුඩුයි වැසිකිලි පිරිසිදු කරක ටිකකුයි දාල දැඩි කෙඳි සහිත බ්‍රෂ් එකකින් අතුල්ලන්න. ඔයාට හිතාගන්න බැරි තරමට එය ලස්සනට පිරිසිදු වේවි.

06 මේ වගේ සෝපාවක් පිරිසිදු කරන්න නම්,

බඳුනකට ඇල්කොහොල් හා ජලය දාලා කලවම් කරලා ඒවා සෝපාවට ස්ප්‍රේ කරන්න ඉන්පසු එම ජලය සිඳීයන්නට මත්තෙන් පිස දමන්න බ්‍රෂ් කරගන්න

07 ඔයාගෙ පනාවේ ඇති අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරන්නේ මෙහෙමයි.

කතුරකින් මෙහෙම පනාවෙ තියෙන කෙස් කපා හරින්න. ඉන්පසු බේකින් සෝඩා දියකරනලද උණු වතුරේ පනාව ගිල්වන්න. මිනිත්තු දෙකකට පස්සේ ඔයාට ලෙසියෙන් පනාව පිරිසිදු කරගන්න පුළුවන්.

08 කාර් එකේ වා සිදුරු පිරිසිදු කරන්න නම්.

ඔයාගෙ පරණ මේකප් බ්‍රෂ් එකක්හරි පරණ තීන්තගාන බ්රශ් එකකින් උනත් ඔයාට මේ විදියට වාසිදුරු පිරිසිදු කරන්න පුළුවන්

09 වීදුරු බඳුන් සහ වීදුරු මල්වාස්

සබන්, ලුණු කුඩු සමග උණු වතුර එක්කර ඒමගින් ලේසියෙන්ම වීදුරු භාජන පිරිසිදු කරන්න පුළුවන්. භාජනයක ඇතුළත පිරිසිදු කරගන්න ඕන නම් මේ මිශ්‍රණය දාලා හොඳින් හොලවන්න. හොඳින් පිරිසිදු වේවි.

10 කාර් එකේ සීට් පිරිසිදු කරන්නේ මෙහෙමයි.

සීට් එක පිරිසිදු කරගන්න ඩ්‍රයික්ලීනින් කරන්න සල්ලි වියදම් නොකර මේ ක්රමේ උත්සහා කරලා බලන්න. සේදුම් දියර, විනාකිරි සමග බේකින්සෝඩා ජලය සමග මිශ්රකරලා සීට් එකට ස්ප්‍රේ කරලා බුරුසුවකින් අතුල්ලා සෝදන්න.

11 මේවගේ ලී පොලොවේ ඇඳපු දේවල් මකන්න නම්

මේකටත් ටූත්පේස්ට් පාවිච්චි කරන්න පුළුවන්. මේ සලකුණු උඩින් ටුත්පේස්ට් දාලා ටිකවෙලාවක් තියලා ස්පොන්ජ් එකකින් තදින් පිසදමන්න.