නිලියක් වගේ ලස්සන ඉන්දියාවේ කෙල්ලෙක් සමග විවාහ වුන මුරලිගේ කැදැල්ලේ චායාරූප 25ක් මෙන්න

21වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා කවුද..? 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ‘විස්ඩන්’ ක්‍රිකට් මාසික සඟරාව මගින් තෝරාගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ ‘මුත්තයියා මුරලිදරන්’ ඒ තරම්ම අපේ මුරලි ගොඩක් දක්ෂයි. මුරලි ලබාගත් කඩුළු 800න් ඔහු තරඟ 85කදී ලබාගත් කඩුළු 573ම ලබාගෙන තිබුනේ 2000 ජනවාරි මස පලමුවන දින සිට 2010 දක්වා කාලය තුළදීයි, මේ කාලය තුල ඔහුට අභියෝගයක්ව සිටියේ ජේම්ස් ඇන්ඩර්සන් පමනයි ඇන්ඩර්සන් කඩුළු 584ක් ලබාගෙන තිබුනේ තරඟ 151කට ක්‍රීඩා කරමින්, ඒ නිසා අපේ මුරලිට මේ අවස්තාව හිමි උනා. ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභී පන්දු යවන්නා වන මුරලි ලෝකයේ අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස වැඩිම කාලයක් වාර්තා අතර රැදී සිටි ක්‍රීඩකයාද වීම විශේෂයක්.

මුත්තයියා මුරලිදරන් කියන්නේ ඉන්දීය සම්භවයක් ඇති ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙක්, ඔහුගේ පිය පාර්ශවයේ මුත්තා වූ ‘පෙරියසාමි සින්නසාමි’ 1920 දී දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ මධ්‍ය කඳුකරයේ තේ වතු වල වැඩ කිරීමට. පෙරියසාමි පසුව ඔහුගේ දූවරුන් සමග ඉන්දියාවේ තිරුචිරපල්ලි ප්‍රදේශයෙහි පදිංචි වීම සඳහා ගිය නමුත් මුරලිදරන්ගේ පියාද ඇතුලත් ඔහුගේ පුත්තු ශ්‍රී ලංකාවේ නතර වුනා, මුරලිදරන් මහනුවර අසල, කුන්ඩසාලේ නත්තරංපොත දී ලක්ෂ්මි සහ සින්නසාමි මුත්තයියා මව් පියන්ට දාව උපත ලද අතර, දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ඔහු විය. 1972 අප්‍රේල් මස 17දින උපත ලැබූ මුරලිදරන් ලාංකේය ක්‍රිකට් කණ්ඩායමට නැතුවම බැරි පිට දඟ පන්දු යවන්නෙක්. දකුණත් පිතිකරු වන මුරලිදරන්ගේ පන්දු යවන විලාසය Right arm off break.

මුරලිදරන්ගේ පළමු ටෙස්ට් තරඟය 1992 අගෝස්තු මස 28වන දා ඕස්ට්‍රේලියාවට එරෙහිව, අවසාන ටෙස්ට් තරඟය 2008 අප්රේල් 03 දින බටහිර ඉන්දීය පිලට එරෙහිව පැවැත්වුනා, මුරලිදරන්ගේ පළමු ටෙස්ට් තරඟය පළමු එක්දින ජාත්යන්තර තරඟය පැවැත්වුනේ 1993 අගෝස්තු 12 – ඉන්දියාව සමගයි,

මුරලිදරන් 2005 මාර්තු 21 වන දින යෙදී තිබුන සුබ නැකතකින් ඉන්දියානු ජාතික “මදිමලර් රාමමුර්ති” සමග යුග දිවියට එළඹුනා. ඇය මලර් ආරෝග්‍යශාලාවේ වෛද්‍ය S.රාමමුර්තිගේ දියණියයි. ඔහුගේ බිරිඳ වෛද්‍ය නිත්‍යා රාම මුර්ති වූවාය. ඔවුන්ගේ පළමු දරුවා “නරේන්” උපත ලද්දේ 2006 ජනවාරි මාසයේදි, ඉතින් මේ තමා ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන මුත්තයියා මුරලිදරන්ගේ සුන්දර කැදැල්ල

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.