නිදාගන්නා විට දෙපතුල් එකිනෙක ඇතිල්ලීම සිදුකරන්නේ ඇයි..?

ඇදට වැ‍ටුණු ගමන් ඉක්මනින් නින්ද යන්නේ හරිම සීමිත පිරිසකට විය යුතුයි. එසේ අය අතරින් ඇතැම් අය නින්ද යන තුරු තමන්ගේ දෙපතුල් ඇතිල්ලිම සිදුකරති. ඉන් ඉතා ඉක්මනින් නින්දට පත්විය අහෙකි බවයි ඇතැම් අය විශ්වාස කරන්නේ. මෙම මාතෘකාව ගැන අන්තර්ජාලයේ විවිධ පුද්ගලයින් විසින් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. මෙම පුරුද්දට බලපාන හේතු මොනවාද? අපි මේ ගැන සොයා බැලුවා.

01. එය නින්ද ආශ්‍රිත ගැටලුවක් ගැන ඉඟි කිරීමක් විය හැකියි.

Periodic limb disorder නමින් හඳුන්වන පාදයේ කලින් කලට පිට පිටම මතුවන මස් පිඬු පෙරලීම් සහ ගැස්මට ලක්වීමේ රෝග තත්වය නිසා ඔබේ සිරුරට තරමක සෘණාත්මක බලපෑම් ඇතිවිය හැකි අතර බොහෝ විට දහවල් කාලය පුරාවට තදබල නිදිමත ගතියක් දැනිය හැකියි. ඇඳේ වැතිරි සිටින විට ඔබේ පාද යම් රිද්මයකින් චලනය වීම සහ එකිනෙක ඇතිලීම නිරායාසයෙන්ම වේ නම් මෙම රෝග තත්වය ඊට බලපා ඇති හේතුව විය හැකියි.

02. වෙනත් රෝග තත්වයක බලපෑමක් නිසා විය හැකියි

මෙවැනි තත්වයක් ඇතිවීමට බලපාන තවත් බරපතල හේතුවක් ඇත. ඇඳේ වැතිර සිටින විට ඔබේ පාද වලට විවිධ සංවේදනා දැනේ නම්, පාද ඇතිල්ලීම හෝ එහා මෙහා චලනය කරන විට පමණක් ඔබට යම් සුවයක් දැනේ නම් , එය බොහෝ දුරට restless legs syndrome හෙවත් පාද වල අධික තෙහෙට්‍ටු බව නිසා ඇති වන සින්ඩ්‍රෝම තත්වය වැලඳි තිබිම නිසා විය හැකියි. එය ස්නායු රෝග තත්වයක් වන නිසා ඔබට හොඳ විවේකයක් ලබාගැනීම අපහසු වීම සිදුවිය හැකියි. එවේනි පීඩාකාරී තත්වයක් ඔබට වැලඳී තිබේදැයි නිශ්චය කරගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමුවීමට කටයුතු කරන්න.

03. එය අවිඥානිකව සිදුවන ස්වයං-සන්සුන් වීමක් වැනිය

පතුල් එකිනෙක ඇතිල්ලීමෙන් සමට සමීප ස්පර්ෂයක් දැනේ නිසා අපට හොඳ සැහැල්ලු බවක් හැඟේ. බාහිර උත්තේජක වලට සම ඉතා සංවේදීය. එය කාර්යබහුල ආතතියෙන් පිරුණ දවස අවසානයේ හොඳ විවේකයක් ලබාගැනීමට හැකියාව ලබාදේ.

04. එය සාමාන්‍ය පුරුද්දක් ලෙස සිදුවන්නක් විය හැකියි.

එය කිසිඳු කායික රෝග ලක්ෂණයක් හෝ සංසිද්ධියක් නොවී සාමාන්‍ය ලෙස නින්දට පත්විම සඳහා උපකාරී වන පුරුද්දක් ලෙස ද හැඳින්විය හැකියි. බොහෝ දෙනා නිදාගැනීමට ඇඳට ගිය විට , නිරායාසයෙන්ම එසේ දෙපතුල් ඇතිල්ලීම සිදුකරති.ඇතැම් විට ඉහත සඳහන් කුමන හෝ හේතුවක් නිසා එය ඇති වූ තිබුණද පසු කාලීනව ක්‍රමයෙන් එය සරල පුරුද්දක් බවට පරිවර්තනය වී තිබෙනවා ද විය හැකියි.