නාසයේ හැඩයෙන් ඔබ ගැන හෙලිවන රහස් 12ක්

එක් අධ්‍යයනයක් හරහා මිනිසුන්ගේ නාසය පිහිටන ආකාර 12 ක් පිලිබඳව සොයාගෙන තිබෙනවා. මේ හැඩයන් අනුව සරල පෞරුෂත්ව පරීක්ෂාවක් සිදුකරන්නයි සූදානම, මේ හැඩයන්ගේ සහ පුද්ගල ගතිගුණ අතර කිසිඳු සම්බන්ධයක් නම් නැහැ. නමුත්, විනෝදයට වගේ පරීක්ෂාව ඔබත් උත්සහ කරල බලන්න. මේ අතරින් ඔබේ නාසයේ හැඩය කොයි වගේ ද කියා පරීක්ෂා කරන්න. මේ ලැයිස්තුවේ ඇති පරිදි එම හැඩයෙන් ඔබ ගැන කියවෙන දේ ඇත්තක් ද කියා බලන්න.

01. රෝමන් නාසය

මෙවැනි දිගු නාසයක් පිහිටා ඇති පුද්ගලයින් ඉතා උත්සාහවන්ත අයවේ. ඔවුන්ට විශිෂ්ට තීරණ ගැනීමේ හැකියාව ඇති අතර පැහැදිලිව සිතීමේ හැකියාවද ඇත. දැඩි අධිෂ්ඨානශීලි බවකින් යුත් අභියෝග වලට කැමති පුද්ගලයින් වේ.

02. කොට නාසය

මෙවැනි පුද්ගලයින් තුල ඇත්තේ අඩු ආත්මාභිමානයකි. ඔවුන් බොහෝ විට ප‍ටු ආකල්ප දරති. අවසන් තීරණයක් නොමැති විවිධ අදහස් විටින් විට පවසති. නිදහස ප්‍රිය කරන අය වෙති. නමුත්, මොවුන් දැඩි ඉරිසියාකාර ගති අය ද වෙති.

03. තියුණු නාසය

 එවැනි පුද්ගලයින් උපක්‍රමශීලී අය වෙති. ව්‍යවසායකත්ව ලක්ෂණ ඇති යහමත් මානසික චින්තනයක් සහිත ශක්තිමත් පෞරුෂයන් වෙති.

04. සමතලා නාසය

නාසය කෙළවරින් ඉහළට මදක් එසවී ඇති, නාස් පුඬු පැහැදිලිව පිටතට පෙනෙන කුඩා නාස් පිහිටීමක් ඇති පුද්ගලයින් හට ආධ්‍යාත්මික සහ කායික පරිණත බවට පත්වීම අසීරු දෙයක් විය හැකියි.  හොඳ දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයින් ලෙස කැපි පෙනුනද නොසැලකිල්ල නිසා ගැටලු වලට මැදිවේ.

05. දේව නාසය

සෙලෙස්ටියල් නැතිනම් දෙවියෙකුගේ යන අරුත් ඇති මෙම නාස් පිහිටීම සමතලා නාසයට සමාන ලක්ෂණයකි. නසයේ තුඩ සිරස් ව පිහිටන අතර තරමක් වක්‍රාකාර වේ. ඔවුන් ප්‍රායෝගික ලෙස, විශ්වාසය තැබිය හැකි ලෙස කටයුතු කරන සහ මනා සමබරතාවයකින් කටයුතු මෙහෙයවන  අය වෙති.

06. ග්‍රීක නාසය

සෘජු ලෙස නාසය පිහිටා ඇති පුද්ගලයින් වඩාත් පැහැදිලිව සහ හොඳ ඉවසිලිවන්තව සිතීම සිදුකරති.ඔවුන් මත විශ්වාසය තබා කටයුතු කල හැකි අතර කලාව පිලිබඳ හසල දැනුමක් ඇති අයවේ.

07. කොකු නාසය

ජීවිතයේ සාර්ථකත්වයට පත්වීමට දැඩි උත්සාහයක් ගන්නා පුද්ගලයින් වේ. මෙවැනි පිහිටීමක් ඇති කාන්තාවන් අධ්‍යාපනයේ ඉහළටම ගමන් කරති. ඔවුන් ඉතා අනගි ‍රැකියා අවස්ථා උදාකරගනිති.

08. මස් පිරුණු නාසය

මෙවැනි පිහිටීමක් බොහෝ විට පිරිමි පුද්ගාල්යින් අතරේ හඳුනාගත හැකිය. ඔවුන් ඉතා ත්‍යාගශීලි, සංවේදී අය වෙති. සියල්ල කෙරෙහි දැඩි සැලකිල්ලකින් පසු වෙති. පෞද්ගලික ජීවිතයේ වැඩි නැඹුරුතාවක් දක්වන්නේ අන් අයට උදවු කිරීමටය. මෙවේනි පිහිටීමක් ඇති කාන්තාවන් ඉතා ඉහළ කුසලතාවන් වර්ධනය කරගැනීමට සමත් වෙති. බොහෝ විට ආර්ථික විද්‍යා සහ කලමණාකරනය ආදි ක්ෂේත්‍රයන්ම් තුල කැපී පෙනෙන සමත්කම් පෙන්වයි.

09. අක්‍රමවත් නාසය

ශක්තිමත් සහ මුරණ්ඩු පුද්ගලයන් වේ.නමුත් එය බොහෝ විට ඔවුන්ගේ මුහුණතේ පෙනුම නිසා ඇති වූ නිගමනයක් පමණි. මෙවැනි, පුද්ගලයිනිතා ත්‍යාගශීලි අය වෙති .

10. සමතලා නාසය

විනෝදයට ලැදි විවිධාකාරයේ දක්ෂතා වලින් පිරුපුන් අය වෙති. ජීවිතය දෙස ඇතැම් විට අශුබවාදී ආකල්පයක් දරති.

11. ප‍ටු නාසය

මෙවැනි පිහිටීමක් අවෙති පුද්ගලයින් හොඳ ආත්මවිශ්වාසයකින් යුතු අය වේ. ඔවුන් මුරණ්ඩු ගතිගුණ ඇති, අවදානමට ලක්වීමට වැඩි නැඹුරුවක් ඇති අය බව කිව හැකියි. නමුත්, ආධ්‍යාත්මික කාරණා සම්බන්ධව ඔවුන් තුල ඇත්තේ විශේෂ උනන්දුවකි.

12. උස්ව පිහිටි නාසය

කලා සහ සෞන්දර්යාත්මක විෂයන් කෙරෙහි ඉතා ඉහළ අවබෝධයක් මොවුන් තුල ඇත.ඔවුන් තරමක් අහංකාර ආඩම්බර ගතිගුණ ඇති අය වන අතර තරමක් අවිවේකීව ගත කරන අය වෙති. ඔවුන් හුදෙකලාව වඩාත් අගය කරන්නෝ වෙති.