‘නාමල් ලෙඩ උනාම අපි ගොඩක් වැටුනා’ නාමල් උඩුගමගේ බිරිඳ ජනප්‍රිය නිලි රුවන්ති කියන කතාව

මේ දවස්වල හැමෝම වගේ ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘ඉස්කෝලේ’ කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යට අලුතෙන් එකතුවන චරිතයක් තමයි ජයමිනි කියන්නේ, ඉතින් මේ ජයමිණි කියන චරිතයට පන පොවන්නේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය තමයි රුවන්ති මංගලා. කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටපු රුවන්ති ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍ය එක්ක නැවත රංගනය පිවිසුනා. ඉතින් පසුගිය කාලයේ නිහඬව ගතකල හේතුව පිලිබඳ ඇය අපට කිවුවේ මේ වගේ කතාවක් ”පසුගිය කාලයේ මම දේශපාලන සහ ජමාජ සේවා කරයුතු එක්ක තරමක් කාර්යබහුල වුනා. ඒ නිසා නිර්මාණ බාරගන්න වෙලාවක් තිබ්බේ නෑ. සමාජසේවා වැඩ එක්ක නිතරම බැහැර යන්න වෙනව. ඉතින් වැඩ බාරගෙන තිබ්බොත් ඒවා මගහැරෙනවා. ඒ නිසා මම තෝරාගෙන තමා වැඩ කලේ” කියලයි.

රුවන්ති විවාහකයි ඇය විවාහ වෙලා ඉන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය ගායකයෙක් වන නාමල් උඩුගම සමග. පසුගිය කාලයේ නාමල් තරමක් අසනීප තත්වයෙන් පසුවුණා ඉතින් ඒ කාලය පිලිබඳ රුවන්ති අප සමග කිවිවේ මේ වගේ කතාවක් ” අත්තරම වෙලාවකට ඒ ගැන මතක් කරන කොට මට හිතෙනවා මම ඒ දේවල් කලේ කොහොමද කියලා. ඇත්තටම ගොඩක්ම අමාරු කාලයක් ඒක. නාමල් හොඳටම අසනීප වෙලා එයාව බලන්න ඕන, ළමයි දෙන්නා උසස්පෙළ කරනවා එයාලා බලන්න ඕන. මම බාරගත්ත නිර්මාණවල වැඩ කරන්න ඕන. නාමල්ගේ ප්‍රතිකාර ගැන බලන්න ඕන. ඒ කාලේ මගේ ආම්මත් නැති වෙනවා. ඇත්තට අද ඒ ගැන හිතත්දී මට හිතෙනවා ගෑනියෙක් වෙලා මම ඒ දේවල් දරාගත්තේ කොහොමද කියලා ඇත්තටම පුදුමයි මට මම ගැනනම” කියලයි.

බොහොමයක් කළා කරුවන්ගේ ළමයිනුත් පසු කාලේ දෙමා පියන්ගේ අඩිපාරේ යමින් කලාවට සම්බන්ද වෙනවා ඉතින් රුවන්තිගෙයි නාමල්ගෙයි දුවයි පුතයි කලාවට සම්බන්ද වෙන එකක් නැද්ද කියලා අහපු ප්‍රශ්නෙට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් ”මේ වෙද්දී ළමයි දෙන්නම උසස්පෙළ කරලා ඉන්නේ. මගේ පුතා වැඩිදුර අද්යපනයට විදේශ ගතවෙන්න හිටියේ ඒත් මේ රටේ ගැටලුව නිසා එක කල් ගියා. මගේ පුතාට තියෙන්නේ නාමල්ගේ හඬමයි. එයා තාත්තා වගේම ලස්සනට ගීතගයනා කරනවා. දුවටත් රංගනයට ආරාධනා ලැබුනා. හැබැයි දුව ඒවාට කැමති නෑ. වයි පුතයි වෘත්තීය මට්ටමෙන් කලාවට එන එකක් නැහැ. අපි එයාලගේ කැමැත්තට ඉඩදීලා ඉන්නවා ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන රුවන්ති මංගලාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.