නාන කාමරයේ මේ දේවල් 12 තබන්න එපා

ඔබේ නිවසේ ඇති නාන කාමර වඩාත් සනීපාරක්ෂාවෙන් යුතුව පිළිවෙලකට සහා පිරිසිදුව තබාගන්න නම් මේ වගේ අනවශ්‍ය දේවල් නාන කාමරයේ පුරවා නොතබන්න.

01. භාවිතා කල රේසර් තල

නාන කාමරය තුල රේසර් තල තැබීමෙන් එහි ඇති අධික තෙතමනය සහිත පරිසරය නිසා ඒවා මත ඉක්මනින් මලකඩ බැඳීම සිදුවේ. එවිට එහි තල වල ඇති තියුණු බව නැති වී ගොස් භාවිතා කල හැකි වාර ගණන අවම වී යයි. මල බැඳුනු රේසර් භාවිතා කිරීමේදි ‍රැවුල හොඳින් කෙටි නොවීම සහා සම තුවාල වි ඇතැම් විට වේදනාකාරි බව ඇතිවීම සිදුවිය හැකියි. වඩාත්ම සුදුසු වන්නේ ඔබ පරිහරණය කරන රේසර් තල වෙනත් වියළි ස්ථානයක තැබීමයි. භාවිතා කල රේසර් තල සින්ක් එක මත තබා නොයන්න. නාන කාමරය භාවිතා කරන වෙනත් අයට ඉන් අනතුරු ඇති විය හැකියි. විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින නිවසක මේ ගැන හොඳින් සැලකිලිමත් වීම වැදගත් වේවි.

02 .තුවා

ඔබ භාවිතා කරන තුවා ආදිය නාන කාමරය තුල තැබීම එතරම් සුදුසු නැහැ. තුවායක් භාවිතා කරන්නේ තෙත මාත්තු කරමින් වියළා ගැනීමටයි. නමුත්, නාන කාමරයේ ඒවා තැබීමෙන් සිදුවන්නේ එතුල ඇති අධික තෙතමනය තුවා මත ‍රැඳීමයි. එහිදි පුස් වැනි දිලීර තුවා මත වර්ධනය වේ. නිතරම භාවිතා වන නිසා නාන කාමරය තුල විෂබීජ පැතිරීම ද සිදුවිය හැකියි.තෙත් වූ රෙදි මත රෝග කාරක විෂබීජ වලට හිතකර පරිසරයක් නිර්මාණය කරයි. එවැනි විෂබීජ සහා දිලීර ක්‍රියාකාරීත්වය නිසා නාන කාමරයේ තබා ඇති තුවා සනීපාරක්ෂාවෙන් තොර විය හැකියි වගේම දැඩි දුර්ගන්ධයක් ද ඒවායින් වහනය විය හැකියි. ඔබේ තුවා හිරු එළියේ හොඳින් වියළා ගන්න.

03. ඖෂධ වර්ග

නිතරම භාවිතා වන ඖෂධ හෝ හදිසියේ අවශ්‍ය වේ කියා සිතන ඖෂධ වර්ග නාන කාමරයේ තැබීම ඇතැම් අය සිදුකරන්නකි. නමුත්, නාන කාමරයේ ඇති අධික තෙතමනය සහා උණුසුම් ජලය භාවිතා කරන්නේ නම් ඉන් පිටවන තාපය නිසා ඖෂධ වල රෝග සමනය කරන ගුණයන් විනාශ වීම , ඒවා ඉක්මනින් පුස් බැඳීම සිදුවේ. එබැවින් ඖෂධ නියමිත කාලයට පෙර කල් ඉකුත් වී යා හැකියි. එබැවින් ඒවා සිසිල් වියළි ස්ථානයක පමණක් ගබඩා කර තබන්න.

04. ආභරණ

රත්‍රං, රිදී හෝ ඕනෑම ලෝහයක් දිගින් දිගටම ජලයට නිරාවරණය වීමේදි අවපැහැගැන්වී මල බැඳී යා හැකියි. එමෙන්ම එය සෞඛ්‍යට හිතකර නොවන බවත් පැවසේ. එබැවින් ඔබේ ආභරණ වියළි ස්ථානයක තබන්න. නාන කාමරය තුලදී ඒවා අස්ථාන ගත වීමට වැඩි ඉඩක් ඇත. උදාහරණයක් ලෙස සින්ක් එක මත, හෝ ජලය බැස යන ස්ථානයට අසල තැනකින් තබා තිබීමෙන් .

05. සන්ස්ක්‍රීන් වර්ග

ඔබ භාවිතා කරන සන් ක්‍රීම් ඇතුලු වෙනත් ක්‍රීම් නිෂ්පාදන නාන කාමරයේ තැබීම එතරම් සුදුසු නැහැ. ඉන් ඒවායේ ගුණාත්ම බවට හානි ඇති කරයි. මෙසේ සිදුවන්නේ අධික තෙතමනය සහිත පරිසරයක් තුලදි ඒවායේ අඩංගු සංඝටක වල විශේෂ ගුණ සහා හිතකර බලපෑම් විනාශ වී යාම නිසයි. සන්ක්‍රිම් වැනි ක්‍රීම් වර්ග නිවැරදිව ගබඩා නොකිරීමෙන් ඒවා ඉක්මනින් පුස් වැනි දිලිර බැඳීමට හේතුවක් වේ.

06. සුවඳ විලවුන් වර්ග

උෂ්ණත්ව වෙනස් වීම අනුව සුවඳ විලවුන් වල ගුණාත්මක බවට හානි ඇති විය හැකියි, විශේෂයෙන්ම ඒවායේ අඩංගු සුවඳ නැතිවී යා හැකියි. අධික තෙතමනය සහිත පරිසරය ඒවා ගබඩා කර තැබීමට සුදුසු නොවේ.

07. නිය ආලේපන සහා උපකරණ

ජලය නිසා නිය ආලේපන වර්ග ඉක්මනින් පුස් බැඳීම සිදුවිය හැකියි. එමෙන්ම තාපය සහා අධික තෙතමනය වැනි උෂ්ණත්ව වෙනස්වීම් වැනි නිරන්තර උෂ්ණත්ව වෙනස්වීම්  නිසා ඒවායේ සාන්ද්‍රණය වෙනස් විය හැකියි. එබැවින් ඒවා සිසිල් වියළි ස්ථානයක ගබඩා කරන්න.

08. ඉලෙක්ට්‍රොනික් උපාංග

Hair dryer, flat Iron වැනි ඉලෙක්ට්‍රොනික උපාංග නාන කාමර තුල තබා තිබිමෙන් ඒවා මල බැඳීමට වඩා භයානක වන්නේ ඒවා ජලය සහිත ස්ථානයකට ආසන්නව මේවා භාවිතා කිරීමේදී විදුලි අනතුරු ඇතිවිය හැකි බැවිනි. එබැවින් නාන කාමර තුල හිසකෙස් වියළිම හෝ අයන් කරගැනීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. ඔබේ ආරක්ෂාව සැලසෙන පරිදි මේවා වෙනත් ස්ථානයක ගබඩා කරමින් භාවිතා කරන්න.

09. පිරිසිදු කිරීම් ද්‍රව්‍ය

නාන කාමරය තුල පමණක් නොව මුලුතැන්ගෙයි තුල පවා පිරිසිදු කරන ද්‍රව්‍ය නොතැබිය යුතුයි. පළමු හේතුව, කුඩා දරුවන්ට පහසුවෙන් ලඟා විය හැකි ස්ථාන වීමයි. පිරිසිදු කරන දියර වැනි ද්‍රව්‍ය දරුවන් හට ශරීර ගත වීම වැනි භයානක අනතුරු ඇති විය හැකි බැවින් ඔවුන්ට ලඟා විය නොහැකි තැනක මේවා ගබඩා කිරීම වැදගත්ය. එමෙන්ම අධික තෙතමනය සහිත පරිසරයකදී සේදුම් දියර සහා කුඩු වල ගුණාත්මක බව නැති වී යයි.

10. Make-up ආලේපන සහා බුරුසු

තෙතමනය සහා උෂ්ණත්ව වෙනස්වීම් වලට නිරාවරණය විමෙන් ඒවායේ පුස් වැනි දිලීර වර්ධනය වීමට පටන් ගනියි. සමට සෘජුව භාවිතා කරන උපකරණ බැවින් ඒවායේ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. වියළි නැවුම් ස්ථානයක මේවා තැබීම වඩාත් සුදුසුයි.

11. අමතර toilet paper රෝල්

ජලය සහ කුණු දූවිලි නිසා අපවිත්‍ර වනවා සේම විෂබීජ වලට ද මේවා නිරාවරණය වීම මෙහිදී ගැටලුවක් වේ. විශේෂයෙන්ම වැසිකිළිය අසලම තැනක මේවා ගබඩා කර තිබීම කිසිසේත්ම සෞඛ්‍යාරක්ෂිත නැත.වැසිකිළි භාවිතා කිරීමෙන් පසු බඳුනේ පියන විවෘත තිබීමෙන් නාන කාමරය පුරා විෂබිජ පැතිරී යාම සිදුවේ.

12. පොත් සහා සඟරා

වැසිකිළිය භාවිතා කරන අතරේ පොතක් හෝ පත්තරයක් කියවීම ඇතැම් අයගේ පුරුද්දක් වී ඇත. නමුත්, මේ පුරුද්ද ඔබේ සෞඛ්‍යයට ඉතා අහිතකරය. මිනිත්තු 5 කට වඩා වැසිකිළි අසුනේ සිටීම සුදුසු නැති බවයි පැවසෙන්නේ. ඊට හේතුව වන්නේ එම ඉරියව්ව නිසා ගුද මාර්ගය සහා මූත්‍රා මාර්ගය ආශ්‍රිත මාංශ පේශීන් වලට අධික ලෙස පීඩනයක් එල්ල වීමයි.  වැසිකිළිය තුලදි පොතක් හෝ පත්තරයක් කියවීම දිගු වේලාවක් එම ඉරියව්වෙන් සිටීම වැඩිකරවන දෙයකි.

නාන කාමරය තුල පොත් ,පත්තර තබාතිබිමෙන් ඒවා ඉක්මනින් පුස් කෑම සිදුවනවා. ඊට හේතුව වන්නේ පෙර කියූ පරිදිම නාන කාමරය තුල වාතාශ්‍රය අධික තෙතමනයකින් යුක්ත වීමයි. පි‍ටු අතර පුස් බැඳී ඇති ආකාරය නිසා ඒවා යලි භාවිතා කල නොහැකි තත්වයට පවා පත් විය හැකියි. එමෙන්ම නාන කාමරා කිහිප දෙනෙකුම පොදුවේ භාවිතා කරන තැනක් නිසා විෂබීජ පැතිරීමත් ඉතා වැඩියි. එවැනි විෂබීජ මෙවැනි මතු පිටවල් වල වර්ධනය විය හැකියි. එබවින් ඔබ පරිහරණය කරන පොත් , පත්තර සහා සඟරා වර්ග ආලින්දයේ හෝ ඔබේ කාමරයේ රාක්කයක් මත අසුරාගන්න. එය ඔබේ කැමතිම පොත් එකතුව ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමයයි.