‘නාඩගම්කාරයන්ට පින්සිද්ද වෙන්න තමයි මට මේක ලැබුනේ’ සුරංග කියන කතාව

සමහර රංගනය⁣ට එන නළු නිළියන් තමන්ගේ නම රදවගන්න බොහෝ ටෙලි සිනමා වලට තම දායකත්වය දෙන්න වෙනවා. එහෙත් ඔහු රංගනය ඇවිත් කෙටි කලක් වුවත් අද ඔහුගේ නම කියු සැනින් ඔහු අදුරන තත්වයට පැමිණි තියෙනවා. මේ දින වල ලොකු කුඩා ⁣බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නාඩගම්කාරයෝ ⁣බොහෝ දෙනාගේ කතාවට ලක්වෙනවා. ප්‍රධාන චරිත පමණක් නොව සුළු චරිත වලින්ද නාට්‍ය රසය ප්‍රෙක්ෂකයාට දෙන්නේ කිසිවෙකුට සිතාගත නොහැකි ලෙස. වාසනා බණ්ඩාර විජේකෝන් ඔහුගේ සැබෑ නම වෙද්දි “සුරංග” නම මේ වෙද්දි ඔහුගේ නිල නාමය වි අවසන්. අද අපි කතා කරන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ⁣සුරංග නොහොත් වාසනා පිළිබඳ,

උපන් දා සිට කලාව ඇගේ තියෙද්දි ඔහු ආව ගමන පොඩි දුරක් නොවේ. ඉතින් ඒ ගමන ගැන ඔහු කිවේ මේ වගේ අදහසක්, “කලාව කියන්නේ මගේ ජිවිතේ හුස්මවගේ. මොකද මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙයංශයටම නාට්‍ය හා රංගකලාව තෝරගෙන තිබුනේ රංගනය ගැන තිබුන උණට. මගේ තාත්තා හැම වෙලාවකම කිවේ හැකියාව තිබුන⁣ට බෑ ඒකට කැප වෙන්න ඕනි කියලා. ‘නටඹුන්’ නාට්‍යයෙන් කලාවට එන මම උසස් ⁣පෙළ සිංහල විෂයට කුරුණෑගල අශෝක සන්නස්ගල සර්ගේ පන්ති යන්නේ සර් මාර්ගයෙන් රංගයට එන්න. මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරමින් සන්නස්ගල සර් නිසා අශෝක හදගම සර් හමුවිමෙන් මගේ ජිවිතේ වෙනස් වෙනවා. අද වෙද්දි මම බොහෝ දෙනෙක් අතර සුරංග නමින් ප්‍රසිද්ධයි.

මගේ ගෙදර අය මගේ ගමන එන්න මට ගොඩක් උදව් කලා. කලාවේ මම මගේ නමක් යම් තැනක ලියා අවසන්. මතක් කරන්න ඕනි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ හැමදෙනාම එකම පවුලක් වගේ වැඩ කරන්නේ. නොදන්න අයට දන්න අය තමන් දන්න දේ කියලා දෙනවා. හිතේ චකිතය නැති කරන්න එකා මෙන් වැඩ කරනවා. ඉතින් මේ චරිතයට මාව තෝරගත්ත හැමදෙනාටම මම ස්තුතියි කරනවා. මොකද සුරංග බිහි වුනේ එතනින්” කියලයි.

මේ වන විට විවාහක වාසනා ආදරණිය පුතුන් දෙදෙනෙකුගේ ⁣ආදරණිය පියෙක්. සුරංගගේ රැකියාව රඟපෑම නෙවෙයි. ඉතින් ඔහු රැකියාව පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මගේ රැකියාව රංගනය නෙවෙයි මම අවුරුදු දහයක් තිස්සේ අංග රචනා ශිල්පියෙක් විදියට කටයුතු කරනවා. නාඩගම් කාරයෝ නාට්‍යයේත් අංග රචනයන් මගේ” කියලයි.

සුරංග නාඩගම් කාරයෝ නාට්‍යයේ නිතරම බුලත් කනවා, ඉතින් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි සැබෑ ජීවිතයේදීත් සුරංග බුලත් කනවද කියන එක. අපි ඒ ගැන සුරන්ගගෙන්ම ඇහුවා. ”මේ දැනුත් මම බුලත් කකා ඉන්නේ. සුරංගගේ චරිතය සමතු වෙන්න තමයි මම බුලත් කන්න පටන්ගත්තේ. දැන් ඒකට හුරුවෙලා, නවත්තගන්න බැරුව ඉන්නේ නාඩගම් කාරයෝ නාට්‍යට පින්සිද්ද වෙන්න තමයි මට මේක ලැබුනේ” කියලයි.