නාගන්න බැරිවුණු දවසට ඔබේ පෙනුම පවත්වගන්න උපකාර විය හැකි ටිප්ස් 10 ක් මෙන්න

දහදිය, කුණු දුහුවිලි, තෙල් වගේ දේවල් ‍රැඳීම නිසා ඔබේ කොණ්ඩය සහ සම හරිම ඉක්මනින් කිළිටි වෙනවා. ඉන් ඔබ කෙරෙන් තෙල් වෑහෙන ගතියක් පෙනිය හැකියි වගේම ඇතැම් විට දුගඳක් හමන්නටත් ඉඩ තිබෙනවා.හදිස්යේම යෙදුනු වැඩක් නිසා නැත්නම් කාල වෙලාව මදිනිසා උදේ නාගන්න වෙලාවක් ලැබුණේ නැතිනම් ඔබේ තෙල් ගතියට පත්වෙලා තියෙන කොණ්ඩය සහ සම අන් අයගේ අවදානයට ලක් නොවි සඟවගන්න මේ ටිප්ස් 10 ඔබට ප්‍රයෝජනවත් වේවි.

01. ඇපල් සයිඩර් විනාකිරි

වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2 ක් මිශ්‍ර කර ස්ප්‍රේ බෝතලයකට දමා හිසකෙස් වලටත් ඔබේ සමටත් ස්ප්‍රේ කරගන්න. ඇපල් සයිඩර් විනාකිරි ඔබේ සමේ pH අගය ප්‍රකෘතිමත් කිරීමට උපකාර කරන අතර හිසකෙස් වල දීප්තිමත් පෙනුම ඇතිකරවයි. කෙස් වියලුණු පසු විනාකිරි සුවඳ නැතිවි යන නිසා සුවඳ ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ.

02. ෆැබ්‍රික් රිෆ්‍රෙෂර් දියර

ඔබේ ඇඳුම් වලින් දුගඳ හැමීම වළක්වාගනිමින් නැවුම් බව ‍රැකගැනීමට ඇඳුම් ඇඳීමට පෙර එල්ලා තබා ඒවාට ෆැබ්‍රික් රිෆ්‍රේෂර් දියර ස්වල්පයක් ස්ප්‍රේ කර මද වෙලාවක් දුගඳ ඉවත්ව යන තුරු තිබෙන්නට හරින්න.

03. රයිස් පේපර්

මුහුණ සෝදාගැනිමට නොලැබුණු අවස්ථාවක භාවිතයට ගැනීමට රයිස් පේපර් කිහිපයක් ලඟ තබාගන්න. ඉන් ඔබේ මුහුණේ තෙල් ගතිය ඇති වීම වළක්වයි. නමුත් මෙය සබන් සහ වතුර වලට් ආදේශකයක් නම් නොවෙයි. ඔබේ පහසුව සඳහා අවස්ථාවට ගැලපෙන සේ භාවිතා කල හැකි උපක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකියි. රයිස් පේපර් මඟින් ඔබේ මුහුණේ තෙල් නිසා ඇති වන දිලිසෙන ගතිය අඩු කර විවෘත වී ඇති සිදුරු වල පෙනුම අවම කරයි. මේවා භාවිතයෙන් ඔබේ මුහුණේ, බෙල්ලේ ප්‍රදේශයේ තෙල් ගතිය තෙත මාත්තු කරගන්න.

04. ටැල්කම් පවුඩර්

නාන්න බැරි වුණු දවසක ඔබේ ඩියෝඩ්‍රන්ට් එකත් අවසන් වෙලා නම් ඔබට පුලුවන් ටැල්කම් පවුඩර් ඊට ආදේශකයක් ලේස භාවිතා කරන්නට. පවුඩර් ස්වල්පයක් ඔබේ කිහිළි වල, දෙපතුල් වල, අත් වල ඇතුලු ඔබේ සිරුරේ වැඩිපුර දහදිය දමන තැන් වල ආලේප කරගන්න. මෙමඟින් සිරුර වියළිව තබනවා වගේම සිරුරේ නරක දුගඳ ඇති වීම පාලනය කරනවා. සිරුරේ දුගඳ පාලනය කරගැනීමට 19 සියවසේදී භාවිතා කර ඇත්තේ මේ ක්‍රමය බවයි සඳහන් වෙන්නේ. කොණ්ඩයේ තෙල් ගතිය ඉවත්කරගැනීමට ඊට පවුඩර් ස්වල්පයක් ඉස පනාවකින් පීරා අතිරික්ත කොටස පිසදමා ඉවත්කරගන්න.

05. ඩ්‍රයි බ්‍රෂ් ක්‍රමය

ඔබේ නිවසේ ස්වභාවික කෙඳි සහිත බුරුසුවක් තිබේ නම් මේ ක්‍රමය භාවිතා කරමින් ඔබට හැකියි ඔබේ සමේ අපද්‍රව්‍ය සහ මැරුණු සෛල ඉවත්කරගැනිමට.මෙය සිරුරේ රුධිර සංසරණය උත්තේජනය කරවන සහ සම ප්‍රබෝධමත් කරවන ක්‍රමයකි.

06. වෙට් ටවල් හෝ තෙත රෙදි කැබලි

ඔබට ස්නානය කල නොහැකි වූ දිනයක මේ ක්‍රමයෙන් ඔබේ සිරුර පිරිසිදු කරගැනීමට ඔබට හැකියි.  වෙට් වයිප්ස්, හෝ රෙදි කැබැලි තෙමා ඔබේ මුහුණ සහ ඇඟ පිසදමමින් පිරිසිදු කරගන්න.

07. ලෝෂන් වර්ග සහ සුවඳවිලවුන්

ස්නානය නොකල දිනවල සුවඳ විලවුන් ටිකක් වැඩිපුර භාවිතා කිරීම බොහෝ දෙනාගේ පුරුද්දක්. නරක දුගඳ වහනය වීම වළක්වාගැනීමට සුවඳ විලවුන් වර්ග වගේම ලෝෂන් වර්ග ද භාවිතා කල හැකියි. දවස පුරා බොහෝ කාලයක් ඔබ කෙරෙන් නැවුම් සුවඳක් වහනය වීමට නම් ඔබ භාවිතා කරන සුවඳ විලවුන් වර්ග ඔබේ මැණික්ක‍ටුව ප්‍රදේශවල, දණහිස් වල පි‍ටුපස, වැළමිට ඇතුල් ප්‍රදේශයේ, බෙල්ල පි‍ටුපස සහ කොන්ද පහළ යන ස්ථාන වලට ස්ප්‍රේ කරගන්න.

08. වියළි ෂැම්පු භාවිතය

ඔබට පසුදා උදෑසන ස්නානය කිරීමට කාලයක් නැතැයි සිතෙනවානම් පෙරදා සවස මෙවැනි වියළි ෂැම්පු වර්ගයක් ඔබේ කොණ්ඩයේ ආලේප කරමින් කොණ්ඩේ තෙල් ගතිය ආවරණය කරගන්න.කොණ්ඩය කොටස් වලට වෙන්කර හිසකෙස් මුල් වලට ඩ්‍රයි ෂැම්පු ස්ප්‍රේ කරගන්න. මිනිත්තු 10 ක් පමණ ගත වු පසු අතිරික්ත කොටස් පිසදමා ඉවත්කර සාමාන්‍ය පරිදි බුරුසුවකින් හිසකෙස් පීරාගන්න.

09. එසෙන්ෂියල් ඔයිල්

දුර්ගන්ධය වහනය වීමට බලපාන ප්‍රධානම හේතුව නම් සමේ බැක්ටිරියා ක්‍රියාකාරීත්වයයි. පෙපර්මින්ට්, දොඩම්, ලෙමන් වැනි බැක්ටීරියා නාශක ගුණ ඇති එසෙන්ෂියල් ඔයිල් භාවිතයෙන් නරක දුගඳ ඇති වීම පාලනය කරගත හැකියි.ඔබේ සිරුරේ දහදිය දමන ස්ථාන වල මේවායින් ස්වල්පයක් බැගින් ආලේප කරගන්න.