නළුවෙක් වෙනවා කිවුවම සමහර අය මට හිනාවුනා- ජනප්‍රිය නළු ඉශාන් කියන කතාව මෙන්න

මේ දවස්වල විකාශනය වන ‘බ්‍රෝ’ ටෙලි නාට්‍යයේ කසුන් ලෙසත්, දාම් ටෙලි නාට්‍යයේ නිසල් සහ මිගාර ලෙස ද්විත්ව චරිත නිරූපනය කරන ඉශාන් වන්නිආරච්චි මේ දවස් වල ගොඩක් ජනප්‍රියයි. ඉෂාන් කියන්නේ ගෘහ නිර්මාණය හා නිර්මාණ කලාව ඉගෙන ගනිමින් රංගනයට ආදරය කරපු කෙනෙක්. ඒ නිසා ඔහු අවුරුදු හත අටක්ම මේ ක්ෂෙත්‍රයේ රස්තියාදුවෙලා. ඉස්සර හයිවේ එක හදන්න කලින් අම්මලාගෙන් බැණුම් අහගෙන පාන්දර දෙක තුනට මාතර ඉඳන් බස් එකේ කොළඹ ඇවිත් උදේ 8 ට ෂූටිං ගිය අවස්ථා ඕන තරම් තියෙනවා කියලයි ඉශාන් කියන්නේ.

ඉශාන්ගේ ගම මාතර වෙහෙරහේන කැකනදුර. ඔහුගේ අම්මයි, තාත්තයි පොඩි ව්‍යාපරයක් කරනවා. ඉශාන් කියන විදියට ඔහුට නළුවෙක් වෙන එක ලේසි වුනේ නෑ. නළුවෙක් වෙන හීනය නිසා ඔහු සමහර අයගේ විහිලුවට පවා ලක්වුනා. කොහොම හරි ඉශාන් තමන්ගේ එකම හීනය වන නළුවෙක් වෙන හීනය සැබෑ කරගත්තා. දැන් ඉශාන් පෙම්වතෙක්, ඔහුගේ පෙම්වතිය ඉන්නේ ජපානයේ, ඇය කලාවට සම්බන්ද කෙනෙක් නෙවෙයි, ඉතින් මේ තමයි මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඉශාන්ගේ සුන්දර පින්තූර කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.