නපුරු සිහින පෙනෙන්නේ ඇයි?

නින්දන අකමැති කවුරුත් මිහිපිට සිටිය හැකිද? නවතම සොයාගැනීම් වලින් හෙලිවී තිබෙන කාරණාවකට අනුව මිනිසුන් තම ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම සිදුකරන්නේ නිදාගැනීම කියලයි පැවසෙන්නේ. වසර වලින් බැලුවොත් එය විශාල කාලයක්. නින්දත් එක්ක සබැ‍ඳෙන තවත් දෙයක් තමයි සිහින පෙනීම. ඒ හින්දම යමෙක් දකින හීන වල තේරුම් තිබෙන බව ඇතැම් අය විශ්වාස කිරීමට පෙලඹිලා ඉන්නවා. නමුත්, සිහින සම්බන්ධ විද්‍යාත්මක සොයාගැනීම් වලට නම් එතරම් දිගු ඉතිහාසයක් නැති නිසා පවතින දත්ත ඉතා අවමයි. කෙසේවෙතත්, වර්තමානයේ ලෝකය තාක්ෂණිකව ලබාතිබෙන දියුණුවත් සමඟ සිහින දැකීම සම්බන්ධ මොලයේ ක්‍රියාකාරීත්වය අද්‍යනය කිරීම පහසුවී තිබෙනවා.

නිදාසිටින අතරේදී අපෙ මොලය කටයුතු කරන්නේ කෙසේදැයි පරීක්ෂණ මඟින් අනාවරණ කරගැනීමට ලෝකයේ විද්‍යාඥයින් ‍රැසක් සමත් වී තිබෙනවා. සමහරවිට ඔබත් තේරුම වටහාගැනීමට අපහසුව දිගු කාලයක් මතකයේ ‍රැඳුනු සිහිනයක් දැකතිබෙනවා ඇති. මේ ලිපියෙන් කියන්න යන්නේ නපුරු හීන සහා අමුතු හීන පෙනීම සම්බන්ධයෙන් විශේෂඥයින් අනාවරණය කරගෙන ඇති කරුණු කිහිපයක් ගැනයි.

අමුතු සිහින පෙනෙන්නේ ඇයි?

අවදි වූ පසු ඇතැම් හීන වලදී දු‍ටු අමුතු ආකාරයේ දේවල් නිසා ඔබත් කැලඹී තිබෙනවා ඇති. සමහර හීන ගැන යලි සිහිපත් කරන විට කිසිඳු තේරුමක් නැති විකාරයක් කියාත් ඔබට සිතේවි. අවදි වූ පසු දු‍ටු සිහින ගැන හිතාගන්න නොහැකිවන්නේ ඇයි? ඒ ගැන පැහැදිලි කිරීම් කිහිපයක්ම තිබෙනවා.

සෑම පුද්ගලයෙකුටම එදිනෙදා අත්දකින සිදුවීම්, අත්දැකීම සහා චිත්තවේග මත පිහිටා නිර්මාණය වූ ඔහුට/ ඇයට ආවේණික වූ සිහින තිබෙනවා. ඔබ නින්දට ගිය විට ඔබේ මොලය දැඩි ලෙස ක්‍රියාත්මක වීමට පටන් ගන්න නිසා ඔබ අත්දැකි අවස්ථා කෙටි කාලීන මතකයේ සහා දිගු කාලීන මතකයේ තැන්පත්කිරීම සිදුකරනවා.

එහිදී ඔබට සිදුවූ ආසන්නතම සිදුවීම් සමඟ කලකට පෙර සිදු වූ අතීත සිදුවීම් සමඟ සන්සන්දනය කරනු ලබනවා. මේ හේතුව නිසයි ඔබේ කුඩා කාලයේ මතකයක් වර්තමානයේ ඔබ සිටින ස්ථානයක දී සිදුවෙනවා ඔබට සිහිනයෙන් පෙනෙන්නේ. උදා: කුඩා කාලයේ ඔබ සෙල්ලම් කල සුරතලා සමඟ ඔබ දැන් ජීවත් වන නිවසේ සිටින ආකාරයේ මෙන් සිහිනෙන් දැකීම. මේ සියල්ල සිදුවන්නේ රාත්රීක නින්ද අතරේ rapid eye movement sleep හෙවත් වේගවත් අක්ෂි චලනයන් සිදුවන අවධිය අතරතුරයි. එය නින්ද අතරතුරදී මිනිත්තු 10-20 ත් අතර කාලයක් නැවත නැවත සිදුවෙයි. මෙය paradoxical sleep අවධිය කියාත් හඳුන්වනවා. ඊට හේතුව තමයි එම අවස්ථාවේදී නිදා සිටින මිනිසා තුලින් කායිකව අවදි වී සිටින අයෙකුට සමාන ලක්ෂණ දිස්වීම. නින්දේ මෙම අවධියේදී මොලයේ තර්කනයට අදාල කොටස හැර අනෙකුත් සියලු කොටස් ඉතා සක්රීවයව ක්‍රියාත්මක වෙමින් පවතියි. මේ මොහොතේ තර්කන හැකියාව නොමැති වී යාමටත් හේතුවක් තිබෙනවා. නින්දේදී සෙරටොනින් සහා නොර්පයින්ෆ්රිේන් යන තර්කනය සහා අවධානය පවත්වාගෙන යැමට උපකාරී වන ස්නායු සම්ප්රේාෂක අවම වී යන අතර ඒ නිසා නින්ද වඩාත් බලවත් වෙයි.

අපි දකින ඇතැම් සිහින වල කිසිදු තේරුමක් නොමැති වීම පුදුමයක් නැහැ කියා ඔබට දැන් වැටහෙනවා ඇති. හැබැයි, නින්දේදි ඔබ දු‍ටු දෙවල් සිහිනයක් පමණයි කියා ඔබට වැටහෙන්නේ නම් ඔබ අවදිවූවාට පසුවයි.

නපුරු සිහින පෙනෙන්නේ ඇයි?

හොල්මන්, අවතාර ,සොම්බි රූප වගේ අප්‍රසන්න බියකරු සිහින පෙනෙන්නේ ඇයි? ස්විස් සහා ඇමෙරිකානු ජාතික විද්යාසඥයින් පිරිසක් සිදුකල පරීක්ෂණයකදී මේ ගැන අනාවරණය කරගැනීමට ඔවුන්ට හැකිවී තිබෙනවා. “එය ස්නායු පද්ධතිය පුහුණුකිරීමක් බවත්, එමඟින් පුද්ගලයෙකුට ජීවිතයේ සෘණාත්මක චිත්තවේග සමඟ ගනුදෙනු කිරීමට සිදුවන අවස්ථා පහසු කරවන බවත්”, ඔවුන් පවසනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සිහිනයෙන් අපි අත්විඳින චිත්තවේග/ හැඟීම් මඟින් චිත්තවේගී පීඩනයන් දුරු කරගැනීමට පුද්ගලයෙකුට හැකිවන බවත් ඒ හරහා ඔහුව/ ඇයව අනාගතයේ ඇති විය හැකි ආතතීන් වලට සූදානම් කරවන බවත්ය.

Electroencephalogram (ECG) භාවිතයෙන් ඔවුන් විසින් නින්දේදී මොලයේ විවිධ කොටස් වල ක්‍රියාකාරීත්වය පිලිබඳ අද්‍යනය කරන්නට විය. මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූවන් 18 දෙනෙකු රාත්‍රී නින්දෙන් අවදි කර ඔවුන් දු‍ටු සිහින මොනවාදැයි සහා ඒවා නපුරු සිහින ස්වභාවයක් ගන්නේදැයි ඔවුන්ගෙන් විමසා තිබුණා.ඔවුන්ගේ ප්‍රතිචාර සහා මොලයේ ක්රිනයාකාරීත්වය පිලිබඳව සිදුකල විශ්ලේෂණයන් මඟින් නපුරු සිහින පෙනීමට හේතු වන්නේ මොලයේ එක්තරා කොටස් දෙකක් බව නිගමනයකට එලඹීමට ඔවුන්ට හැකි වුණා. ඒ තමයි මොලයේ පිහිටන ඉන්සියුලාව (insula) සහා මොලයේ මැද භාගය (Midcingulate cortex) යන කොටස් ද්විත්වය.

සැබෑ ජීවිතයේදී පවා පුද්ගලයෙකු විසින් කනස්සලු වන හෝ බියට පත් වන අවස්ථාවලදී මෙම මොලයේ කොටස් දෙක සක්රීයය වීමට පටන්ගනී.මොලයේ ඉන්සියුලාව මඟින් චිත්තාවේග නිශ්චය කිරීමට බැඳී සිටින නිසා පුද්ගලයෙකු සාංකාවට(anxiety) පත්වූ විගසම එය ස්වයංක්රීියව ක්රිනයාත්මකවේ.මොලයේ මැද කොටස නැතිනම් midcingulate cortex කොටස හරහා තර්ජනාත්මක අවස්ථාවකදී ඊට ප්ර තිචාර දැක්විය යුතු ආකාරයට සහා අවදානම් සහගත අවස්ථාවක කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් එම පුද්ගලයාව සූදානම් කරවීම සිදුකරයි.

තවදුරටත් සිදුකල පර්යේෂණ වලින් අනාවරණය කරගෙන තිබුණේ දිගු කලක් සහා නිතර නපුරු සිහින දු‍ටු පුද්ගලයින් විසින් ඇත්ත ජීවිතයේදී සෘණාත්මක සිදුවීම් වලට දැඩි ක‍ටුක බවකින් තොරව ප්‍රතිචාර දැක්වීමට හැකිව තිබූ බවයි. එහිදී පැහැදිලි වන කාරණය වන්නේ ඒ ආකාරයෙන් උපවිඥානය සමඟ අපගේ ඇති සන්නිවේදනය හේතුවෙන් සැබෑ ජීවිතයේ මුහුණපෑමට සිදුවන ගැටලු විසඳාගැනීමට පහසුකරවන බවත් ඒ නිසා කරදරවීමට සහා කලබලයට පත්වීම අවම වන බවත්ය. උදා: එම විද්‍යාඥයින් පවසන පරිදි සිහිනයෙන් පසුපස පන්නා එන ආකාරයක් දකියි නම් ඉන් අදහස් වන්නේ එම පුද්ගලයාගේ සැබෑ ජිවීතයේ නොවිසඳුනු ගැටලු ‍රැසක් ඇති බවයි.

නමුත්, පෙර සඳහන් කලා සේ සිහින පිලිබඳ සොයාගත් තොරතුරු මෙවැනි මත තහවුරු කිරීමට තරම් ප්ර මාණවත් නොමැතියි. වර්තමානයේදීත් විවිධ පර්යේෂණය සහා අධ්යමයනයන් ක්රිනයාත්මකවෙමින් පවතින නිසා සිහින දැකීම පිළිබඳ අරුම පුදුම දේවල් නුදුරේදීම අනාවරණය කරගැනීමට හැකිවේවි.

සිහින ගැන ඔබ අසා නැති ආකාරයේ අරුම පුදුම කරුණු කිහිපයක් මෙන්න,

• නවතම කුසලතා හෝ දැනුම නින්දේදි ඔබේ මොලයේ ඒ ඒ මංචයේ (shelves) තැන්පත්වීම සිදුවේ.උදා: ” පියානෝවක් වාදනය කරන්නේ කෙසේද යන වග”. එසේ තැන්පත් කරගැනීම නිසා පහසුවෙන් ඒවා ගැන මතකය අවදි කරගැනීමට හැකිවෙනවා..ඔබටත් හෙට දවසේ විභාගයක් යෙදී ඇත්නම් හෝ අත්‍යාවශ්‍ය දේවල් කිහිපයක් මතක ඇතුව කරගන්න තියෙනවානම් කලයුතු දේ තමයි හොඳ නින්දක් ලබාගැනීම.

• ආහාර අඩු වීමටත් වඩා නින්ද අඩු විම නිසා මිනිසෙකුගේ ආයූ කාලය අඩුවීමට ඉඩ ඇත. වැඩිම දින ගණනක් නොනිදා අවදිව සිටි පුද්ගලයෙකු එසේ සිටි දින ගණන ලෙස වාර්තා වී තිබුණේ දින 11 ක් ලෙසයි. මෙවැනි දේ අත්දැකීමට උත්සාහ නොකරන ලෙස අපි ඔබට කියනවා. නොනිදා දින කීයක් සිටිය හැකි දැයි පරීක්ෂණ සිදුකිරීමට යාම ඔබේ මානසික සෞඛ්යඅයට පමණක් නොවේ මාරාන්තික ප්‍රථිපල වුවත් ඇතිකිරීමට සමත් විය හැකිය. එබැවින් එසේ සිදුනොකිරීම නුවණට හුරුය.

• මිනිසුන් අතරින් 15% ක් පමණ නින්දෙන් අවිදී.නින්දෙන් ඇඳ මත ඉඳගැනීම හෝ නිවසේ ඇතුලත එහෙ මෙහෙ ඇවිද යනවා විතරක් නොවෙයි, ඔවුන් ඇතැම් විට නිවසින් බැහැරට බොහෝ දුර ගමන් කරනවා. හැබැයි මේ සියල්ලම වෙන්නේ ඔවුන් දැඩි නින්දේ සිටින අතරතුරදීමයි. නින්දෙන් ඇවිදින්නන් අවදි නොකල යුතු බව පැවසීම මිත්‍යාවක් පමණයි. ඇත්තෙන්ම, අනතුරකට කලින් ඔවුන්ව අවදි කිරීම අවශ්යනයෙන්ම කලයුතු දෙයකි.

• ප්‍රමාණවත් නින්දක් නොලබන පුද්ගලයින්ගේ ආහාර රුචිකත්වය අධික වේ. ඊට හේතුව වන්නේ ලෙප්ටින් නම් ආහාර රුචිය පාලනය කරන හෝර්මෝන මට්ටම පහළ යාමයි.

• අවදී ගත වන මුල් මිනිත්තු 5 ක කාලය තුලදී අප දු‍ටු සිහින වලින් 50% ක්ම අපට අමතකවී යයි. ඉන්පසු එලඹෙන මිනිත්තු 5 ක ට පමණ පසුව අප දු‍ටු සිහිනයේ බොහෝ දේවල් සම්පූර්ණයෙන්ම අපට අමතකවී යයි.සිග්මන්ඩ් ෆ්රොටයිඩ් කියන්නේ සිහින ගැන අද්‍යනයන් ‍රැසක් සිදුකල මනෝවිද්‍යාණඥයෙක්. මනෝවිද්‍යාවේ පියා ලෙසයි ඔහුව සැලකෙන්නේ. ඔහු ප්‍රකාශ කරන ආකාරයට මෙසේ සිහින අමතක වී යාමට ප්‍රබල ලෙසම හේතු වන්නේ අපේ මොලය විසින් අපේ මතකයෙන් අප දු‍ටු සිහින ඉවත්කිරීමට නැතිනම් මකා දැමීමට උත්සාහ කිරීමයි. ඔහුගේ අදහසට අනුව සිහින කියන්නේ අපේ සැඟවුණු සිතුවිලිවේ. අපේ සැඟවුණු සිතිවිලි හැකි ඉක්මනින් මොලයේ මතකයෙන් ඉවත් කිරීමට පෙලඹෙන බවයි ඔහුගේ මතය වී තිබෙන්නේ. කෙසේවෙතත් ඔහුගේ සිහින පිලිබඳ දක්වා ඇති න්යාගයන් මතභේදාත්මක ඒවා ලෙසයි වඩාත් ප්‍රකටව ඇත්තේ.

වර්තමානයේ පිලිගැනෙන එක් න්‍යායක් වන්නේ නින්දෙන් අවදි වූ පසු අපගේ මොලය සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට නැවත මාරු වන බවත් එසේ සක්රීසය වීම නිසාම දු‍ටු සිහින ඉක්මනින් අමතකව යන බවත් ය.