නංගී-මල්ලිලාට දෙමාපියන් වූ සුපිරි තරු 7ක්

සමාජයේ ඇති සමහර විෂම තාවයන් ගැන එලිපිට කතාබහ කිරීම සමාජ සාරධර්ම වලට පටහැනි සංස්කෘතිය විනාශ කරවන දෙයක් යැයි සිතන මිනිස් සමාජයක ජීවත්වීම විශාල අභියෝගයකි. ඒ හා සම්බන්ධ කාරණා රහසිගතව කතා කිරීම හෝ හැකිතාක් ලෝකයාගෙන් සඟවමින් යටපත් කිරීමට උත්සාහ කරන අය එමටය. තම දරුවා විපර්යාසයකට ලක්වි ඇති බව පිලිගැනීමට අකමැති දෙමාපියෝ එය ලොවට හෙලි වීමෙන් වළක්වාගැනීමට දරුවාද පීඩනයට පත් කරමින් නොගන්නා උත්සාහයක් නැති විය හැකියි. නමුත්, ඒ සැමටම ආදර්ශයක් සපයමින් ගැහැණු පිරිමි විපර්යාස වලට ලක් වු තම දරුවන් ගැන විශ්වාසයකින් යුතුව ලෝකයා ඉදිරියේ ඔවුන්ව පිලිගන්නා සුපිරි තරු 7 ක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. සමාජ සම්මත ඉදිරියේ ඔවුන් තම දරුවන්ට ලබදෙන සහයෝගය පැසසිය යුතු එකකි.

Gabrielle Union -Dwayne Wayde

මෙම තරු යුවල ගතානුගතික අදහස් ඇති දෙමාපියන් හට ආදර්ශයක් සපයති. ඔවුන් දෙදෙනාට දාව උපන් Zaya වසර 12 ක් ම ජීවත්ව ඇත්තේ පිරිමි ළමයෙකු ලෙසයි. නමුත් එම දරුවා පසුකාලයේදී ගැහැණු පිරිමි විපර්යාස විපර්යාසයකට ලක්වී ඇත. ඔවුන් දෙදෙනා තම දියණියගේ සං-ක්රාන්ති කාලය වඩාත් පහසු එකක් කිරීමට ඇයට නිබඳවම සහයෝගය පලකරමින් ඇය තුල විශ්වාසයක් ගොඩනැගීමට උත්සාහ ගනිති.

Cynthia Nixon

Nixon විසින් ඇයගේ දරුවා සං-ක්රාන්ති අයෙකු බව මුලු ලෝකයාටම ප්‍රකාශ කරමින් සමාජ මාජයයේ සටහනක් තබා තිබුණේ 2018 වසරේ යෙදී තිබූ තම පුතුගේ උපාධි ප්‍රදානෝත්සවය දා තම පුතුට සුබ පැතුම් එක්කරමිනි. ඔහු උපතින් ගැහැණු දරුවෙකු ලෙස් හැඩී වැඩුණු අයෙකි.

Sade

Sade ගේ එකම දරුවා වු Mickailia සං-ක්රාන්ති අයෙකු බව තහවුරු වූයේ 2016 වසරේදියි. එතැන් පටන් ඔහු Izaak නම් විය. ඇය තම පුතුට විශාල සහයෝගයක් ලබාදෙන බව දැනගන්නට ලැබේ.

Ally Sheedy

සුපිරි නිලි Sheedy හෝමෝන විපර්යාසයකට ලක්වූ තම පුතු Becket ගැන ආඩම්බරයෙන් කතා කරන මවකි. “දරුවෙකු උපදින විට කිසිවෙකුත් සර්වනාම ගැන නොසිතන බවත්, දරුවෙකු ගේ ලින්-ගිකත්වය පෙර තීරණය කල හැක්කක් වූයේ නම් අන් අය එම දරුවාව හඳුනාගන්නා ආකාරය ගැන පෙර සැලසුම් කල හැකිව තිබුණු බව ඇයගේ අදහසයි”.

Charlize Theron

Theron ගේ වැඩිමහල් දරුවා Jackson පිරිමි ළමයෙකු සේ උපත ලබා පසු කාලයේදි විපර්යාසයකට ලක්වූ ගැහැණු දරුවෙකි. “මාගේ දියණියගේ කතාව ඇයගේම කතාවයි. ඇය තීරණය කල දාක ඇය ඒ ගැන මුලු ලෝකයටම කියාවි. මගේ දුවට අමතන විට ලෝකයා හරිම සර්ව නාමය භාවිතා කරාවියි කියා මම විශ්වාස කරනවා” ඇය පවසන්නීය.

Cindy Barshop

Cindy විසින් 2019 වසරේදි තම නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු සං-ක්රාන්ති යෙකු බව ලෝකයට අනාවරණය කලාය. ගැහැණු ළමයෙකු ලෙස උපත ලැබූ තම 9 හැවිරිදි පුතුගේ තීරණයට සහය පල කරමින් ඇය කියා සිටියේ “දරුවා වඩාත් විවෘතව සහා සැහැල්ලුව ඔබ සමඟ කතාකරන විට අනන්‍යතාව වැනි ගැටලු පවුල තුලම සාකච්ඡා කර විසඳාගත හැකි දෙයක් බවත්, තම දරුවන්ට නිදහසේ තම අදහස් සහා හැඟීම් ප්‍රකාශ කල හැකි ධනාත්මක සහ නිදහස් වටපිටාවක් ඇති කිරීමට ඇය නිතරම උත්සාහ කරන බවත්ය”.

Anjelina Jolie

Shiloh Jolie pitt ගේ විලාසිතාවල වෙනස විශාල කතාබහකට තුඩු දුන් මාතෘකාවක් විය. LGBTQ+ ව්‍යාපාරයේ ලොව ලාබාලතම පෞරුෂය (icon) ලෙස හැඳින්වෙන්නේ ඇයවයි. 2010 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇයගේ මව, සුපිරි නිලි ඇන්ජලීනා ජොලි පවසා සිටියේ මෙවැන්නකි- ” ඇය පිරිමි ළමයෙකු වගේ අඳින්නයි කැමති. ඇයට අවශ්යප පිරිමි ළමයෙක් වෙන්න. අපිට සිදුවුණා ඇයගේ කොණ්ඩය ඒ විදියට කපන්නත්. ඇය පිරිමි අයගේ ඇඳුම් ආයිත්තම් භාවිතා කරන්න තමයි ආස. ඇය හිතන්නේ ඇයත් තමන්ගේ සහෝදරයින් වගේමයි කියලයි “