‘දේශපාලනේට ඇවිත් මම ගොඩක් දේවල් නැතිකරගත්තා’ උපේක්ෂා දැන් කියන කතාව

උපේක්ෂා ස්වර්ණමාලි නම කියු සැනින් හැමෝම දන්න රංගන ශිල්පිනියක්. කලක් ඇය ගැන කතා වුයේ දේශපාලන වේදිකාවේ. අපි අද අද කරන්නේ ඇගේ ජිවිතය ගැන. නිරූපණ ශිල්පිනයක් ලෙස කලාවට එන උපේක්ෂා රටක් අදුරගන්නේ ස්වාධීන රූපවාහිනියේ ‘පබා’ ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසුන ඇය පසුව දේශපාලනයට පිවිසුනා.

උපේක්ශාගේ දේශපාලන ආගමනයත් සමග ඇය ගැන විවිධ කතා විවිධ අවස්ථා වලදි ඉදිරිපත් වුනා. උපේක්ෂා නැවතත් දේශපාලනයට එනවද කියලා අපි අහපු ප්‍රශ්නයට ඇය දුන්නේ මෙවැනි පිළිතුරක්, “කවදාවත් නෑ දේශපාලනයට ආයේ මම හීනෙන්වත් එන්න හිතන්නේ නෑ. මගේ ජිවිතේ හැමදේම කනපිට හැරුනේ දේශපාලනය නිසා. එදා දේශපාලනයට ඇවිත් මම කරගත්තේ ලොකු වරදක්. මගේ ජිවිතේ හොදම කාලේ රසිකයන්ට මාව එපා වුනේ දේශපාලනය නිසා. මගේ පෞද්ගලික ජිවිතේට පවා හානි වුන දේශපාලන ජිවිතේට කවදාවත් මම ආයේ එන්නේ නෑ.”

දේශපාලන එපා කියන්නේ උපේක්ෂා දේශපාලනය ගැන කලකිරිලද ඉන්නේ. “මේකයි මම දේශපානයට ඇවිත් කරගත්තේ හානියක්.⁣ දේශපාලනය කියන දේ හරි උත්තරීතර දෙයක්. හැබැයි වර්තමාන සමාජය තුළ දේශපාලනය කියන්නේ ජනතාව අතරේ විහිලුවක්. ඊටත් වඩා ජනතාව ඉදිරියේ හෑල්ලු වුන දෙයක්.”

උපේක්ෂා දේශපාලනය ආවත් සමඟ ඔබේ රසික පිරිස ඔබෙන් ගිලිහුනා නේද. “ඔව් මට ප්‍රේක්ෂක ආදරේ නැති වුනා. මම දැන් ආයේ උත්සහ කරන්නේ ආයේ ඒ ආදරේ ලබාගන්න. අපරාදේ මම දේශපාලනයට ආවේ, නැත්නම් තවමත් එයාලා මට ආදරෙයි නේද කියලා මටම හිතෙන වාර තියෙනවා. මම දේශපාලනයට එද්දි සමහරු එන්න එපා කිවේ ඇත්තටම මට ආදරේ නිසා නේද කියලා මට අද හිතෙනවා, ඒත් වුන දේ වෙලා ඉවරයිනේ. ආයේ ඒ වගේ දෙයක් නොවෙන්න මම වගබලාගන්නවා.”

ඔබට මේ ලැබිලා තියෙන තැන ගැන ඔබ තෘප්තිමත් වෙනවද? ” ඇත්තටම අපිට අපේ හැකියාවන් පෙන්වන්න තරම් තැනක් අපිට ලැබුනේ නෑ. මගේ තරුණ කාලේ නිකන් නාස්ති වුනා. මම පිටරටක හැදුනා වෙද්දි මට අඩුම මගේ ඉංග්‍රිසි හැකියාව පෙන්වන්නවත් අවස්ථාවක් ලැබුනෙ නෑ. ඉතින් ඇත්තටම ජිවිතේ සමහර තැන් ගැන කලකිරිමක් දැනෙනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන උපේක්ස්හගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.