දෙසැම්බර් මාසයේදී අපට නොදැනී අපේ සිරුරේ වෙන වෙනස්කම් 6ක්

අපේ රටේ සෘතු භේදයක් දක්නට නොලැබෙන නිසා ශීත සෘතුව කියන්නේ අපට එතරම් සමීප වචනයක් නෙවෙයි. නමුත්, අනෙක්ර ටවල් වලට අධිකව හිම වැටෙන දෙසැම්බර් ජනවාරි කාලය පුරාවට අපේ රටටත් අධික සීතලක් පවතිනවා. ශිතල කාලගුණය නිසා මිනිස්සි රුර ඊට හැඩගැසීම සිදුවේ. අධික සීතලට නිරාවරණය වන විට අපේ සිරුර ඊට හැඩගැසෙන විට සිදුවන ශාරීරික වෙනස්කම්කි හිපයක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. සාමාන්‍ය දිනවලට වඩා දිව ක්‍රියාකාරි බවින් වැඩි වෙයි සීතල නිසා දෙතොල් වියළී යාම සිදුවේ. මේ නිසා නිතරම දිවෙන්දෙ තොල් තෙත් කිරීම ස්වභාවිකවම සිදුවේ. වියළි දෙතොල් මෙසේ තෙත් කිරීම දෙතොල් වලට සුවපහසුවක් ගෙන දුන්න ද ඉන් ඒවා වඩාත් වියළි පුපුරු ගැසීම සිදුවේ. කෙල ඉක්මනින් වාෂ්ප වී යන නිසා දෙතොල් පෙරටත් වඩා වියළී යාමට පටන්ගනියි. එමෙන්ම කෙල වල අඩංගු ඇතැම් එන්සයිම වල රළු ක්‍රියාකාරීත්වය නිසා ඔබේ මුදු දෙතොල් වලට හානි ඇතිකරවන නිසා දෙතොල් වල වේදනාකාරි අපහසුතාවක් දැනිය හැකියි.

දත් කැක්කුම් ඇති වීම

සංවේදී දත් ඇති පුද්ගලයින් සඳහා සීත කාලය වේදනාකාරි අත්දැකීම්ස හිත කාලයක් සේ දැනිය හැකියි. පිටත අධික සීතල නිසා දත් වල බලවත් සහා තියුණු වේදනාවක් ඇතිවීමට පටන් ගනියි. දන්තවෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ මේ කාල වලදී ඔබට පිටතට ගමන් කරන සෑම අවස්ථාවකම නාස් පුඬු වලින් පමණක් හුස්ම ගැනීම, කට ආවරණය වන ලෙස ස්කාෆ් එකක් පැලඳීම මඟින් දත්උ ණුසුම් කිරීම හරහා සීතලින් සංවේදී දත් වේදනාවට පත්වීමෙන්ආ රක්ෂා කරගත හැකි බවයි.

රුධිරයේ සීනි මට්ටම ඉහළ යා හැකියි.

අධික සීතලක් පවතින විට සිරුරේ ආතතී හෝර්මෝන වැඩි වශයෙන් ශ්‍රාවය කිරීම සිදුවන නිසා රුධිරයේ සිනි මට්ටම වේගයෙන් ඉහළ යාම සිදුවේ. උෂ්ණත්ව වෙනස්වීම් වලදී රුධිරයේ සීනි මට්ටම ඉහළ පහළ යාම නිරතුරුව සිදුවේ. සීත කාලවලදි වැඩි වශයෙන් පිටතට නොයෑම සහා ව්‍යායාම් ආදියෙහි නිරත නොවීම නිසා මිනිස් සිරුරේ ක්‍රියාකාරීබව අඩුවේ. එහ් ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ සීනි ඉහළ යයි. කායික ක්‍රියාශීලි බව මඟින් රුධිරයේ සීනි මට්ටමට පාලනය කරමින්අ වම මට්ටමක පවත්වාගන්නා නිසා එකවරම එම ක්‍රියාශිලි බව අඩුවීම නිසා මෙසේ සිදුවේ. නමුත්, නිවසේ සිටම ව්‍යායාම් වල නිරත වෙමින් ඔබේ රුධිරයේ සිනි මට්ටම ක්‍රමවත්ව දිගටම පාලනයකින් යුතුව පවත්වාගැනීම ඔබේ සෞඛ්‍යයට වඩාත් හිතකර වනු ඇති බව වෛද්‍යවරුන් විසින් පෙන්වාදෙති.

බර අඩු වෙයි.

සීතල පවතින විට සිරුරට වැඩි ප්‍රමාණයක් කැලරි දහනය කල හැකි බව පැවසේ. මිනිස් සිරුර ශීතල දේශගුණයට හැඩගැසෙන විට දී සිරුර මඟින් තාපය නිපදවමින් සිරුරේ අමතර ශක්තිය දහනය කිරීම සිදුකරයි. සීතලෙන් ගැහෙමින් සිරුර තාපවත් කරගැනිමට උත්සාහ කිරීමේදි වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වේ.

මුහුණේ රැළි වැටීම් ඇතිවිය හැකියි.

සීත කාලයේදි අපේ සම හානියට පත් වීමට වැඩි ඉඩක් ඇත. ඊට හේතුව වන්නේ වාතාශ්‍රයේ හිතකර තෙතමනය අවම වීමෙන් සම වියළී යාමට පටන ගැනීම නිසයි. සමට ප්‍රමාණවත් ජලය
නොලැබීමෙන් එය වඩාත් ඉක්මනින් වියළි ගොස් සම රැළි ස්වභාවයක් ගැනීමට පටන් ගනියි.

ඇස් වල පෙනීමේ දුර්වලතා මතුවිය හැකියි.

මෙය සිදුවන්නේ හිම පතනය වන කාල වලදියි. හිම මත පරාවර්තනය වන හිරුකිරණ මඟින් මිනිසාගේ ඇස් වලට බරපතල හානි ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ. ඇස ආවරණය සේ පිහිටා ඇති සිහින් කඳුලු පටලය වියළි සුලඟට නිරාවරණය වීමේදී ඉතා සංවේදි විමට පටන් ගන්නා අතර සුලඟ නිසා ඇස් වඩාත් වියළී ගොස් දැඩි වේදනාවක් දැනීමට පටන් ගනියි. එය පෙනිමට ද බාධා
ඇතිකරයි. විදේශ රටවල ඇතැම් පුද්ගලයින් සීත සෘතුවේදි කෘතිම කඳුලු භාවිතා කරන බව අසන්නට ලැබේ.

සිරුර ඉතා වේගයෙන් විජලනයට ලක් වේ.

ශීත කාල වලදි ජලය පානය කරන්නේ ඉතා අඩුවෙන් වීම ඊට හේතුවයි. දහදිය පිටවීමත් අඩු නිසා සිරුරට ජලය අවශ්‍යතාවක්නො දැනෙන තරම්ය. දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය ප්‍රමාණාත්මකව නොලැබෙන විට සිරුර වියළී ගොස් විජලනයට පත්විය හැකියි. එබැවින් පිපාසය ඇති නොවන නිසා ජලය පානට නොකර සිටීම ඔබට සෞඛ්‍යය ගැටලු මතු කල හැකියි. දේශගුණයන් වෙන ස්වුවත්දි නපතා පානය කල යුතු ජලය ප්‍රමාණය එලෙසම පානය කිරීමට වැඩි සැලකිල්ලක් දක්වන්න.