‘දෙවෙනි ඉනිම නිසා මට පෙම්වතියක් වෙන්නත් බැරි වුනා’ ජනප්‍රිය නිලි ශලනි කියන කතාව

අවුරුදු හතරක් පුරාවට දෙවනි ඉනිම කතාංගය තුළ දකින ඇය අලුත් කතාවකින්ද කරලියට පැමිණ අවසන්. ඇය ශලනි ප්‍රනාන්දු. මේ කතා බහ ඇය සමඟයි. මීගමුව ප්‍රදේශයේ උපත් ලබන ඇය අවුරුදු හතරේදි පියාගේ සෙනෙහ අහිමිව මව සහ සොහොයුරා එක්ක ජිවත් වෙනවා. වැඩිමල් සහෝදරයාගේ රැකවරණයමත හැදී වැඩෙන නිසාම ඇයට නිළියක් වෙන හීනය ළගකවත් තිබුනේ නෑ.

දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිශේක ලබන ශලිනිගේ ගමන වෙනස් වෙන්න පටන් ගන්නේ ඒ ලෙසට. ඒ ගැන ඇයගෙන්ම අපි ඇහුවා. “මම ගෙදරට කොටුවුන කෙනෙක්. එහෙම ඉදලා දෙරණ අවුරුදු කුමරි වෙන්න පුළුවන් වෙනවා, ඊටපස්සේ අහම්බෙන් දෙවනි ඉනිමේ රඟපාන්න අවස්ථාව හිමි වෙනවා. ඒ අවස්ථාව ඇත්තටම සුන්දරයි.

ආදුනික වුනත් මම දෙවනි ඉනිම රඟපාන්න ආව දවසේ ඉදන් මුළු ටිම් එකම ලොකු සහයෝගයක් දුන්නා. කෙටියෙන්ම එදා සමහරු එක්කගත්ත පින්තූර පවා තියෙනවා. ඒ දවස් වල මගේ මහත නිසා මට චැලේන්ච් එකක් දෙනවා ටෙලිනාට්‍යයට මහත අඩු කරන්න. මම ඒ අභියෝගයත් භාරගන්නවා. ඒ වගේ සුන්දර දේවල් එක්ක තමා මගේ මතක ගෙවිලා යන්නේ. ඉතින් දෙවනි ඉනිමේ අවුරුදු හතරක් රඟපානවා. අද ලොක්කි කියන චරිතයටත් දායක වෙනවා.”

ලිහිණි ලොක්කි චරිත දෙකම එකවගේද ? “කොහෙත්ම නෑ. ලිහිණි කියන්නේ නිතරම කියවන කෙනෙක්. දුක වුනත් කියවනවා. හැබැයි ලොක්කි නිහඩ චරිතයක්. මගේ සැබෑ ජිවිතේට යඩා මේ චරිත දෙකම ගොඩක් වෙනස්.”

ලිහිණි ආදරවන්තියක් නොවුනට ලොක්කි ආදරවන්තියක්. එතකොට ශලනි, “අවුරුදු හතරක් දෙවනි ඉනිමේ රඟපාලවත් මට පෙම්වන්තියක් වෙන්න බැරි වුනා. හැබැයි ලොක්කි එකේ මම පෙම්වතියක්. හැබෑ ජිවිතේ මම තාම තනිකඩයි. ආදරේ කියන දේ මම හොයන්නේ නිදහසේ ජිවත් වෙන්න පුළුවන් කෙනෙක්. කාලයත් එක්ක බලමු ⁣එහෙම කෙනෙක් මගේ ජිවිතේට ඒවිද කියලා.”

ජනප්‍රියතාවය එක්ක හිත් රිදිම් නැද්ද, “අපොයි තියෙනවා. හැබැයි මම හැමදේම සමසිතින් භාරගන්නවා. තනියම අඩනවා. හැබැයි මම මාවම වැටෙන්න නොදි තියාගන්නවා.” ශලනි ඉදිරියේදි තවත් නිර්මාණ තුළින්ද හමු වෙන්න බලාපොරොත්තු වෙන බවත් ඇය අප සමඟ කියා සිටියා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරණ ශාලනිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.