‘දෙවෙනි ඉනිම නිසා කුලියට ගන්න ගිය ගෙයත් නැතුව ගියා’ ජනප්‍රිය නිලි අරුණි මෙන්ඩිස් කියන කතාව

ලංකාවේ විකාශනය වන ටෙලිනාට්‍ය වලින් මේ වනවිට වසර ගණනාවක් පුරාම ජනතා ආදරය දිනාගෙන අංක එකේ ටෙලිනාට්‍ය බවට පත්වෙලා තියෙන්නේ ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයි. ඉතින් මේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වන සියලුම නළු නිලියන් අපි හැමෝම ගොඩක් හොඳින් හඳුනනවා. මේ දවස්වල දෙවෙනි ඉනිමෙන් පේන්න හිටියේ නැතත් අමීෂගේ යාලුවා නිලූ ඔයාලා හැමෝටම හොඳට මතක ඇති. ඉතින් මේ ‘නිලූ’ කියන චරිතයට පන පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අරුණි මෙන්ඩිස් විසින්.

ඉතින් අරුනි ඇයගේ පාසල් කාලය පිළිබඳව කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තටම ඉස්කෝලෙ කාලෙ මම හරිම දඟයි, ඉස්කොලෙ වාර විභාග ඉවරවෙලා ළමයින්ට පොඩි විවේක සමයක් ලැබෙනව මම ඇතුළු අපේ යාළුවො පිරිස වෙනදාටත් වැඩියෙන් උනන්දුවෙන් ලෑස්තිවෙලා උදේ පාන්දරින්ම ඉස්කොලෙ එනව සමහරුන්ගෙ බෝල බැට් වගේ දේවල් අරගෙන එනව ක්‍රිකට් සෙල්ලම් කරන්න. අපේ ඉස්කෝලෙ බාලිකාවක් වුණාට අපිත් ඉස්කෝලෙ කොල්ලො වගේ දඟයි. අපි දාඩිය දානකම් ඇති තරම් ක්‍රිකට් ගහලා තමයි ගෙදර යන්නෙ.” කියලයි.

ඒ වගේම අරුණි ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ දෙවෙනි ඉනිම නිසයි. ඉතින් ඒ ජනප්‍රියත්වය වගේම සමහර කරදරවලට මුහුණ දෙන්නත් අරුනිට සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ පිලිබඳ අරුණි කියන්නේ මේ වගේ කතාවක් ” මෙහෙමයි කාලෙකට කලින් මට ඕන වුණා අලුත් නවාතැනක් හොයාගන්න ඉතින් අන්තර්ජාලයේ පළකරල තිබුණ නිවාස කුලියට දීමේ දැන්වීම් ලැයිස්තුවක් පීරලා මම මට පහසු යැයි හිතෙන තැනක් තෝරගත්තා. කොල්කරලා කතා කරාම මම කිවුවා මම මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් කියලා, ඉතින් ඒ දවස්වල තමයි දෙවෙනි ඉනිමෙ නිලූ අමීෂාගේ ගේ තමන්ගෙ කරගන්න එයාගෙ සැමියාට කරදර කරමින් හිටියෙ. ඉතින් මම ගියා ඒ ගෙදර බලන්න නිවෙස හිමි කාන්තාව මාව දැක්ක ගමන්ම මට හැඟුණා මාව හඳුනාගත්ත බව. මම ඒ බවක් හඟවන්නේ නැතුව කුලියට දෙන්න තියෙන ඇනෙක්ස් එක බලන්න ඕන කියලා කිවුවා. ඇනෙක්ස් එක බැලුවත් නිවෙස් අයිතිකාර කාන්තාව මට කිව්වා ඔයාට නම් ගේ කුලියට දෙන්න බැහැ කියලයි. ඔයාට අපේ ගෙවල් කුලියට දුන්නොත් අපේ ගෙවල් දොරවලුත් අයිතිකර ගනියි කියලයි. ඒ නිසා ගේ දෙන්න බෑ කිවුවා. ඉතින් මම තවත් කරදර කලේ නැතුව ආවා” කියලයි කොහොම වුනත් හැමෝගෙම ආදරේ දිනාගත් දෙවෙනි ඉනිමේ නිලූගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.