දෙවෙනි ඉනිමේ ආක්ශාගේ ලස්සන පොටෝ 10ක්

ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍ය දෙවෙනි ඉනිම කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ ඉතින් ඉතින් මේ කතාවට අලුතෙන්ම එකතු උන චරිතයක් තමා ආක්ෂා කියන්නේ ආක්ෂා කියන්නේ ටිකක් නපුරු බටහිර පන්නයට හැදුන වැදුන ලස්සන තරුණියක්,

කොහොමින් කොහොම උනත් ආක්ෂා කවද හරි ඔය හිතුවක්කාරකම්, අහංකාරකම් නපුරුකම් ඇරිලා යයි.කියලා හිතල ආක්ෂගෙ මේ ගතිපැවතුම්වලට සමාව දෙමින් ඇයට ආදරය කරන අය බොහොමයි. ආදරය කරන්න බැරි විදිහට නපුරු වුණත් අහක දාන්න බැරි තරම් ආදරයකින් රසිකයන්ගේ හිත්වල ඉන්න මේ පුංචි කෙල්ල කවුද..? ඇය තමයි නෙත්මි නිෂේකා රොෂෙල් රොජර්ස්

නෙත්මි කලා ලෝකයට පය තියන්නෙ 2019 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරුණාට පස්සෙ ඊටපස්සේ ඇය සක්කාරං ටෙලි නාට්‍යයේ ජයනිකාගේ චරිතය රඟපානවා ඊට පස්සේ තමයි දෙවෙනි ඉනිමේ ආක්ෂාගේ චරිතය ඇයට ලැබෙන්නේ,

හැබැයි ආක්ෂා තරම් නෙතිමි නපුරු නෑ කියලා තමා නෙත්මිනම් කියන්නේ

ඇයට දෙවෙනි ඉනිම ඉනිමේ ලැබුන චරිතය ගැන දැනෙන දේ මොකද්ද කියලා ඇහුවම නෙත්මි අපිට දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්

“මම ආක්ෂා වගේ නපුරු කෙනෙක් නොවුණට මට ආක්ෂා වෙන එක ගොඩක් අමාරු වුණේ නැහැ. මගේ වයසේ යුවතියකගේ ඇඳුම් පැලඳුම් හැසිරීම් සිතුවිලි තමයි ආක්ෂටත් තියෙන්නෙ. මේ චරිතය නපුරු වුණාට මිනිස්සු මට මේ චරිතය හරහා ගොඩක් ආදරය කරනව ගොඩක් අය මාත් එක්ක සෙල්ෆියක් අරගෙන පස්සෙ ශේප් එකේ මගෙන් අහනව ඔයා ඇයි අපේ අනුහස් මල්ලිට මෙහෙම බණින්නෙ ඔයා ඇත්තටම අහංකාර නපුරු කෙල්ලෙක්ද කියල. මම ඇත්තටම අහිංසක නැහැ හැබැයි මම ගොඩක් නපුරුත් නැහැ.”

ඉතින් මේ තමා ඔයාලා ගොඩාක් ආදරේ කරන දෙවෙනි ඉනිමේ ආක්ශාගේ ලස්සනම ලස්සන චායාරූප කිහිපයක්