‘දෙවියෝ අපිට දරුවන් දෙන වෙලාවක දෙයි එතකන් ඉවසනවා’ ෂෙරිල් ඩෙකර් කියන කතාව

නර්තනයෙන් ජනතාව අතරට ආව ඇය රංගනයෙන් ජනතාවගේ ආකර්ෂණය වැඩි වශයෙන් හිමි කර ගත්තා. නමින් ඇය ෂෙරිල් ඩෙකර්. තෝරගත් චරිත වලින් සිමා සහිතව රංගනයට දායක වුන ෂෙරිල් එක්ක කතා කරන්න අද අපි අපේ කාලය වෙන් කරගත්තා. අවුරුදු එක හමාරක් විතර රංගනයෙන් නිහඩව ඉන්න ෂෙරිල් බදාගෙන වැඩ කරගෙන කෙනෙක් නොවේ.

අලුත් පරපුර එක්ක ශෙරිල්ට ආරාධනා ලැබෙන්නේ නැද්ද යන්න අපි ඇයගෙන්ම අහන්න හිතුවා. ඉතින් ඇය අපිට දුන්නේ මේ වගේ පිළිතුරක් “අලුත් අය එනවා යනවා. ඒක තමා ස්වාභාවය. මම එදා ඉදලා ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. මට ඊර්ෂ්‍යා කරන අය මට විරුද්ධකම් කරන අය වැඩියි. හැබැයි මම ඒවා ගන්න ගන්නේ නෑ. දැන් රංගනයේ තැන දක්ෂතාවයට නෙවෙයි. ඒ නිසා වෙන්න ඇති මටත් අඩුවෙන් ආරාධනා ලැබෙන්නේ. කලාවට සම්බන්ධ වෙලා අවුරුදු පහළොවක් පමණ වුනත් ඇත්තටම මම රංගනයෙන් ඉදිරිපක් වුනේ බොහොම සුළු චරිත කිහිපයක්. මොන දේ වුනත් මම රඟපාපු චරිත ජනතාව ආදරයෙන් වැළදගත්තා” කියලයි.

ශෙරිල් රුවන් කි⁣යන්නේ ඇත්තටම ජිවිතේ විදින දෙන්නෙක්. හැබැයි ඔවුන් ගැන පහුගිය කාලේ කියපු කටකතා බොහොමයි. ඔබ රුවන් දික්කසාද වෙලා කියලා යන කටකතා ඇත්තක්ද, එහෙම කටකතාවක් හැදෙන්න මොනා හරි හේතුවක් තියෙනවද ? “ඇත්තටම මම රුවන් දික්කසාද වෙලා නෑ. ගොඩක් පවුල් ජිවිත පිට ලෝකේට පෙන්වන්නේ ජිවිතේ විදිනවා කියලා. ඔවුන්ගේ මුළු පෞද්ගලික ජිවිතේම ප්‍රසිද්ධ කරනවා. හැබැයි අපි එහෙම නෑ. හැබැයි අපි ජිවිතේ විදින්නේ නැත්තෙත් නෑ. කවුරු මොන දේ කිවත් අපි ඒ කතා අපේ ඇගේ වද්දගන්නෙත් නෑ.” කියලයි.

දෙන්නෙක් වෙලා ඉන්න පවුල තුන්දෙනෙක් වෙන්න අදහසක් එහෙම නැද්ද? ” දෙවියෝ අපිට හරිම වෙලාවට දරුවෙක් දෙයි. අපි එතකන් ඉවසිමෙන් බලන් ඉන්නවා. සමහරු මගෙන් මුණටම අහනවා දරුවෝ හදන්න අකමැතිද කියලා. මිනිස්සු තමන්ගේ ජිවිතේ අඩුපාඩු තියාගෙන තව කෙනෙක්ගේ පවුල් ජිවිතේකට කතා කියන එක හරිද. ඒ මොන දේ වුනත් මම කවදාවත් ඔය කිසිම දේකට මානසිකව වැටෙන්නේ නෑ. මම තව තවත් ඒ වචන ඉස්සරහ ශක්තිමත් වෙනවා.” ශෙරිල් ඉදිරියේදි නැවතත් රංගනයෙන් ඉදිරියට එන්න බලාපොරොත්තු වන බවත් ඇය ඇගේ නර්ථනය කිසි දිනෙක අත් නොහරින බවත් අපි සමඟ කියා සිටියා.