දෙවන මනාලියන් ලෙස හැඩ වු සුපිරු හොලිවුඩ් තරු 12ක්

ජනප්‍රිය තරුවක් වුණා කියලා තමන්ගේ සහෝදරයාගේ සහෝදරියගේ නැතිනම් මිතුරියගේ විවාහය දවසේ පැත්තකට වෙලා උත්සවය නරඹ නරඹ ඉන්න පුලුවන්ද? මේ ජනප්‍රිය තාරකාවියන් කිහිපදෙනෙකු තම සමීපතමයින්ගේ විවාහ මංගල උත්සවයන් වල දෙවන මනාලියන් ලෙස සහභාගී වි තිබු අවස්ථා කිහිපයක් දැක්වෙන ඡායාරුප එකතුවකි. කොහොම ඇන්දත් ඉතින් ඔවුන්ගේ සුරුපී ආකර්ෂණිය බවේ නම් කිසිම අඩුවක් නැහැයි කියලයි දකින්න ලැබෙන්නේ!

  • Cara Delevingne

2014 වසරේ Cara විසින් ඇයගේ සොහොයුරිය වූ Poppy ගේ විවාහ උත්සවයේදී ඇයගේ දෙවන මනාලිය ලෙස පෙනී සිටියාය.

  • Eva Longoria

2015 වසරේ Eva විසින් තමන්ගේ හොඳම මිතුරියකගේ විවාහයට සහභාගි වී සිටියේ දෙවන මනාලියක් ලෙසයි.

  • Emily Ratajkowski

Emily තමන් දෙවන මනාලියක් සේ හැඩවුණු අවස්ථාවක පින්තූරයක් Instagram ගිණුමේ පළ කර තිබුණා. මේ ඒ ඡායාරුපයයි.

  • Paris Hilton

Paris තම සොහොයුරිය වූ Nicky ගේ විවාහ දිනය දා සැරසී සිටියේ ඇයගේ දෙවන මනාලිය ලෙසයි. අලංකාර පැස්ටල් නිල් වර්ණයේ ගවුම ඇයට කදිමට ගැලපී තිබෙනවා.

  • Pippa Middleton

බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ සහ විලියම් කුමරුගේ රාජකීය විවාහ උත්සවය දා ඇයගේ සොයුරිය Pippa දෙවන මනාලිය සේ සැරසී සිටියේ මේ අලංකාරවත් රාජකීය ඇඳුම් විලාසිතාවෙනි.

  • Beyonce

2014 වසරේ Biyonce විසින් ඇයගේ සොහොයුරිය වූ Solange ගේ විවාහයට දෙවන මනාලියක් ලෙස සහභාගී වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක්.

  • Sofia Vergara

sofia 2015 වසරේ යෙදි තිබූ තම හොඳම මිතුරියකගේ විවාහ උත්සවයට දෙවන මනාලියක් සේ සැරසී සිටියාය.

  • Nina Dobrev

Nina විසින් 2017 වසරේදී පැවති තම හොඳම මිතුරියගේ විවාහය දා ඇගේ දෙවන මනාලිය ලෙස සැරසී සිටියාය.

  • Rachel Bilson

Rachel විසින් දෙවන මනාලියක් ලෙස දිගු සහා අලංකාර ගවුම් විලාසිතාවකින් සැරසී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඇගේ Instagram ගිණුමේ පළකර තිබුණේ මෙලෙසයි.

  • Victoria Beckham

2016 වසරේදී ඩේවිඩ් බෙකම් ගේ බිරිඳ Victoria විසින් ඇගේ මිතුරිය වූ Eva Longoria ගේ දෙවන මනාලිය ලෙස පෙනී සිටියාය.කලු වර්ණය විවාහ උත්සවයකදි වැඩි වශයෙන් භාවිතා නොවන්නක් වුවත් ඇයගේ විලාසිතාව ඉතා අලංකාර එකක් බවයි පෙනෙන්නේ.

  • Vanessa Hudgens

Vanessa විසින් 2019 වසරේ පැවති තම හොඳම මිතුරියක් වන Kim Hidalgo ගේ විවාහ උත්සවයට දෙවන මනාලියක් සේ සැරසුණාය.

  • Keira Knightly

Keira තම සොයුරු Caleb ගේ විවාහය දා දෙවන මනාලියක් සේ සැරසී සිටියාය.