දු‍ටුවන් වසඟ කරවන ලෝකයේ ලස්සනම ගණන් ගුරුතුමිය

පාසල් ජීවිතයේ අපි හැමෝටම වගේ අමතක කල නොහැකි ,අපි ගොඩක් ආදරය කරන ගුරුවරියකගේ මතකයක් තිබෙනවා. Oksana Neveselaya නම් ගුරුවරියත් අන්න ඒ වගේ ආදරයට පාත්‍ර වූ කෙනෙක්. ඇය ජීවත් වන්නේ බෙලරූස් රාජ්‍යයේයි. ඇය සිසුන් සඳහා ගණිතය විෂය උගන්වන ගුරුවරියකි. සිසුන් පිරිසක් විසින් ඇයගේ විඩියෝවක් අන්තර්ජාලයේ පළකිරීමත් සමඟ ඇයගේ අතිශය සුරූපී බව ගැන බොහෝ දෙනෙකු කතා කිරීමට පටන් ගත්තා . ඇත්තෙන්ම, මේ හේතුවෙන් මුලු අන්තර්ජාලයම කලඹමින් එක් ‍ ‍රැයකින් ඇය සුපිරි තරුවක් බවට පත් වී සිටින්නීය. ඇයගේ ‘Instagram’ ගිණුම ඉතා ජනප්‍රියයි

ඇයගේ Instagram ගිණුමේ සිටින followers ලා ප්‍රමාණය 685,000 කි. ලෝකයේ ලස්සනම ගුරුවරිය ඇය විය හැකි බව පවසමින් ඇතැම් දෙනා ඇයගේ සුරුපී බව අගය කර තිබෙන ආකාරය ඇඒ ගිණුමේ comments අතරේ දැකිය හැකිය.

ඇය විශ්වාස කරන දේ… ඇය විශ්වාස කරන්නේ ‘තමන්ට තමන්ව දැනෙන ආකාරය අනුව තම පෙනුම තීරණය වන බවයි. ඇයගේ FB ගිණුමට ලැබෙන ප්‍රතිචාර වල අඩුවක් නැහැ මුහුණු පොතේත් ඇය ඉතා ජනප්‍රිය තරුවක් බවට පත්වෙලා සිටිනවා. ඇයගේ සුන්දර ඡායාරූප වලට බොහෝ දෙනෙකු විශාල වශයෙන් ප්‍රතිචාර දක්වා ඇති ආකාරය ඇගේ ගිණුමට ගියොත් ඔබට දැකගත හැකිවේවි.

නිරූපණ වෘත්තිය ද ඇගේ ජීවිතයේ කොටසක්ඇ යගේ ජනප්‍රියත්වය නිසාම නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ද ඇය හට ඇරයුම් ‍රැසක් ලැබී තිබෙනවා. ප්‍රසිද්ධ ‘Armani’ විලාසිතා සමාගම වෙනුවෙන් ඇය නිරූපණ ශිල්පිණියක් ලෙස දායක වී ඇත. ඇයගේ සුරුපී බව මෙන්ම ඇගේ සහජ බුද්ධිමත් බව නිසාම ඇය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වී තිබෙන බවයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් ඇය වැඩි ප්‍රමුඛතාවක් දක්වන්නේ ගුරු වෘත්තියටයි. ඇය යාන්ත්‍ර ඉංජිනේරු විද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධිධාරිණියක් ද වේ.