දුලානි අනුරාධාගේ විවාහයේ ඔබ නුදුටු ඡායාරූප මෙන්න

දුලානි අනුරාධා කියන්නේ අපේ රටේ ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්, ජැක්සන් ඇන්තනී මහතා අද්‍යක්ෂනය කල “විජය කුවේණි” චිත්‍ර පටන් රංගන දිවියට පිවිසි ඇය පසුව අපේ කාලයේ පටාචාරා, බන්ධනය, සංගිලි, ඇහැලේපොල කුමාරිහාමි යන චිත්‍රපට වලත් අද්විතීය රංගනයක නියැලුනා,

පසුගිය දිනවල ඇය ක්ෂේත්‍රයේ වැඩිය දකින්න ලැබුනේ නෑ, ඒකට හේතුව තමයි දුලානි නිර්මාණ බාර ගන්නේ තමන්ට ලැබෙන චරිත ගැන ගොඩක් හොයලා බලලා “මට රඟපාන්න කියන චරිතය මගේ හිතට ආකර්ෂණය වුනොත් විතරක් ඒ ගැන හිතලා බලලා රංගනයෙන් දායක වෙනවා” කියලා තමා දුලානි කියන්නේ,

කොහොමින් කොහොමහරි මෙච්චර කාලයක් තනිකඩව හිටපු දුලානි පසුගිය දිනක විවාහ ගිවිස ගත්තා, ඇයගේ අතිනත ගත් අශෝක සේනාදීර නාවික හමුධා නිලධාරියෙක්, ලඟම හිතවතුන් කිහිපදෙනෙකු සමග නිරෝධායන නීති රීති සියල්ලටම අනුව පැවති මෙම විවාහ උත්සවයේ ලස්සනම ලස්සන චායාරූප කිහිපයක් තමයි මේ, දුලානි සහ අශෝක යුවලට වාසනාවන්ත සුන්දර යුග දිවියක් ගත කරන්න ලැබෙන්න කියලා අපිත් ඇයට හදවතින්ම සුබ පතමු නේ ද…