දුටුවන් වශීවෙන සුන්දර රුවක් සහිත සංගීතේ කතාවේ නිශානි ටීචගේ අපූරු පින්තූර එකතුවක්

ටීවී දෙරණ කියන්නේ අපේ කළා ලෝකයට නිතර නිතර අලුත් මුහුණු එකතුකරන නාලිකාවක්. ඉතින් ඒ විදියට හැමෝගෙම ආදරේ ඉන්න චරිතයක් තමයි හංසිනී විම­ල්සිරි කියන්නේ. මේ දිනවල විකාශනය වන ‘සංගීතේ’ ටෙලිනාට්‍ය නිසා ඇය ගොඩක් ජනප්‍රියයි. හංසිනී කළා ලොවට පය තබන්නේ ගායන ශිල්පිනියක් විදියට. ඒ දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් හරහා. පසුව ඇය සංගීතේ ටෙලිනාට්‍යට සම්බන්ද වෙනවා ඒ මහී ගේ ලොකු අක්කා නිශානි කියන චරිතය හරහායි. ඉතින් හංසිනී සංගීතෙ ටෙලිනාට්‍ය පිලිබඳ පවසන්නේ මේ වගේ කතාවක් ”සංගීතේ කියන්නේ මගේ පළමු මෙගා ටෙලිනාට්‍යය. සංගීතේ නිසා තමයි හැමෝම මාව හඳුනාගත්තේ, නමුත් මම මීට පෙර දෙරණ නාලිකාවෙම විකාශය කළ පෝය ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. ඒ ටෙලි චිත්‍රපටවලින් ලබපු අත්දැකීම නිසා සංගීතේ ටෙලිනාට්‍යයේ රඟපාන්න මට ගොඩක් පහසුවුණා.” කියලයි.

හංසිනී විම­ල්සිරි කියන්නේ දුටුවන් වශීකරගන්න පුළුවන් ගොඩක් සුන්දර රුවකර හිමිකම් කියන කාන්තාවක්, ඉතින් මේ සුන්දරත්වය නිසාම ඇයට ආදර යෝජනා ගොඩක් ගලාගෙන එනවලු, කොහොම වුනත් දැන් ඇය විවාහකයි. ඇය විවාහ වෙලා ඉන්නේ නවීන් දිල්ෂාන් සමග ඔහුත් දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් හරහා කළා ක්‍ෂේත්‍රයට පැමිණි තරුණයෙක් ඒ වගේම නවීන් සංගීතේ ටෙලිනාට්‍යයේ තිසංක කියන චරිතයට පන පොවනවා. ඉතින් තිරයේ වගේම සැබෑ ජීවිතයේත් අඹු සැමියන් වුන මේ දෙදෙනාගේ ඉදිරි දිවිය සුබ වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා, ඔයාලා හැමෝම ආදරේ කරන සංගීතේ නිශානි ටීචගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.