‘දිල්කි එක්ක මගේ කිසිම සම්බන්දයක් නෑ’ තරුණියන් පෝලිමේ පස්සෙන් යන ස්මොකියෝ කියන කතාව

ලංකාවේ තරුණ තරුණියන් බොහොමයක් ආස කරන ගීත කලාවක් තමයි රැප් කියන්නේ. ගොඩක් තරුණයන් සහ තරුණියන් මේ ගීත කලාවට ගොඩක් නැඹුරුයි. ඒ වගේම මේ ගීතවල රිද්මයන් වලට ඔවුන් ගොඩක් ආසයි. කොහොම වුනත් ලංකාවේ ප්‍රවීණ ගායකයෝ රැසක් මේ ගීත කලාවට වැඩිය කැමැත්තක් නෑ. ඉතින් ඒ කතාව කොහොම වුනත් මේ රැප් කියන කලාව පිලිබඳ කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි කෙවින් ස්මොකියෝ කියන්නේ. ’44 කල්ලිය’ කියන සංගීත කණ්ඩායම හරහා ගායන ලොවට පිවිසෙන ස්මොකියෝ ‘දෙවිවරු’ ‘මුඩුක්කුවෙන් එලියට’ වගේ ජනප්‍රිය ගීත රැසක් ගායනාකල ස්මොකියෝ කාලයක් ගතකලේ අහිතකර ජීවන රටාවක්. කොහොම වුනත් මේ වනවිට ඔහු එම වැරදි සියල්ලටම සමුදීලා.

ඉතින් දැන් ස්මොකියෝ කියන්නේ යහපත් පුරවැසියෙක්. ස්මොකියෝ වගේම ඔහුගේ සහෝදරයත් ගීත ගායනයට ගොඩක් දක්ෂයි, මේ දෙදෙනාම එකතුවෙලා ‘කාමිනී’ කියලා ගීතයක් එළිදැක්වූවා. එම ගීතය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම පසුගිය කාලයේ ස්මොකියෝ සහ ජනප්‍රිය ගායිකාවක වන දිල්කි උරේෂා සමග ගීතයක් එළිදැක්වූවා. මේ ගීතයෙන් පස්සේ ස්මොකියෝ සහ දිල්කි අතර ප්‍රේම සම්බන්දයක් තියෙනවා කියලා කට කතාවක් පැතිරුනා. ඉතින් ඒ සම්බන්දව ස්මොකියෝ කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම දිල්කි නංගි එක්ක සින්දුවක් කළා. එච්චරයි අපි අතර එහෙම එෆයා එකක් නෑ. අපි හොද යාළුවො. ඒ වගේම අපි එකතු වෙලා තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ජනප්‍රිය රැප් ගායකයෙක් වන ස්මොකියෝගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.