දිනකට එක දෙළුම් ගෙඩියක් ආහාරයට ගත්තොත් ඔබට ලැබෙන වාසී 06ක් මෙන්න

දෙළුම් ගසේ සම්භවය ඉරානය අශ්‍රිත මධ්‍යම ආසියානු කලාපයේ සිදුවී ඇති බව සඳහන් වේ. පූනිකේසියේ (punicacea) ශාක කුලයට අයත් දෙළුම් වල විද්‍යාත්මක නාමය වන්නේ පූනිකා ග්‍රැනටම් යන්නයි (punica granatum).අතීතයේ සිටම වටිනා පලතුරක් ලෙසත් ඖෂධිය ගුණ සහිත ශාකයක් ලෙසත් දෙළුම් හඳුන්වනු ලබනවා.දෙළුම් ග්‍රෑම් 100 ක අඩංගු ජලය ප්‍රමාණය ග්‍රෑම් 78 ක් ලෙසත් ශක්ති අගය කිලෝකැලරි 65 ක් ලෙසත් දැක්වේ.

කාබෝහයිඩ්‍රේට්,ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, යකඩ, පොස්පරස්, විටමින් C පදාර්ථ වැනි ඉහළ පෝෂක ගුණ වලින් සමන්විතය. එමෙන්ම දෙළුම් වල ප්‍රති-ඔක්සිකාරග ගුණ බහුලව අඩංගුය. සිරුරේ ප්‍රදාහයන් සහ වේදනාවන එතිවීම වළකා සිරුර රෝග පීඩා වලින් ආරක්ෂා කිරීමේ හැකියාව දෙළුම් වල ඇති ඖෂධීය ගුණ වල පවතියි. විද්‍යාඥයින් විසින් තහවුරු කරන ලද දෙළුම් පරිභෝජනයෙන් සිරුරට ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ 6 ක් ගැනයි මේ.

01. කලින් කලට පැතිරෙන වෛරස් සහ වෛරස් උණ රෝග වලින් සිරුර ආරක්ෂා කරයි

දෙළුම් ශාකයේ සෑම කොටසක ඉහළ ඖෂධීය ගුණ පවතින බව සඳහන් වේ. දෙළුම් යුෂ , දෙළුම් ඇට, සහ දෙළුම් ගෙඩියේ පොතු වල ගුණ මඟින් සිරුර ලෙඩකරවන රෝගකාරක විෂබීජ වලින් සිරුර ආරක්ෂා කරයි.මුඛ කුහර ආරක්ෂා කරමින් වෛරස් ආසාදිත ආහාර වලින් වෛරසය ශරීරගත වීමෙන් ආරක්ෂා කිරීමේ හැකියාව දෙළුම් යුෂ වල අඩංගු වේ. දෙළුම් සාරයේ අඩංගු විටමින් C ගුණ මඟින් උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි අසනීප තත්වයන් වැලඳීමට එරෙහිව සිරුර ආරක්ෂා කරයි.

02. අධි රුධිර පීඩනය අවම කරයි

දෙළුම් වල අඩංගු ප්‍රති-ඔක්සිකාරක ගුණ මඟින් සාර්ථකව හයිපර්ටෙන්ෂන් (ආධ්‍යාතතිය) සහ අධි රුධිර පීඩනය වැනි තත්වයන් ඇතිවිම අවම කරන බව පර්යේෂණ වලින් පවා ඔප්පු වී ඇති කරුණකි. එවැනි තත්වයන්ගෙන් පිඩාවිඳි පිරිසට මෙම ප්‍රතිඵල ලබාගැනිම සඳහා දිනකට සීනි නොයෙදූ 100% ස්වභාවික දෙළුම් යුෂ  මි.ලී.240 ක පමණ ප්‍රමාණයක් පානය කිරීමට සිදුවූ බව එම අධ්‍යයනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අධි රුධිර පීඩනය පාලනය සඳහා දෙළුම් වල අඩ්ංගු පොටෑසියම් ගුණ බොහෝ සෙයින් ඉවහල් වේ. දෙළුම් ග්‍රෑම් 100 අඩංගු පොටෑසියම් අගය ග්‍රෑම් 236 ක් ලෙස දැක්වේ. පොටෑසියම් පෝෂණය අපේ සිරුරේ අස්ථි වල නිරෝගිබව සඳහා මෙන්ම හෘදයේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වය සඳහා ද ඉතා වැදගත් වේ.

03. ආහාර ජීර්ණ පද්ධතිය ගැටලු දුරු කරමින් එහි ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව වැඩිදියුණු කරවයි.

බඩවැල් රෝගි වීමෙන් හටගන්නා තත්වයක් වන ක්‍රෝන්ස් රෝගයෙන් (Crohn’s disease) පෙළෙන පුද්ගලයින් හට නිතර උදරාබාධ තත්වයන් ඇතිවෙන අතර ආහාර රුචිය අඩුවීම, බර අඩුවීම වැනි අතුරු බලපෑම් ද ඉන් ඇතිවේ. මෙම තත්වයට හේතුවන්නේ ආමාශය තුල බැක්ටිරියා අධි වර්ධනය වීම නිසා බරපතල ප්‍රදාහය තත්වයක් හටගැනීමයි. අධ්‍යයනයන් මඟින් පෙන්වාදෙන්නේ ආමාශයේ හටගන්නා මෙම ගැටලුවට ප්‍රතිකර්මයක් ලෙස දෙළුම් පරිභෝජනයට ගැනීම සුදුසු බවයි. වේදනාව ඇතිකරවන බැක්ටීරියාවන් විනාශ කරමින් පීඩාකාරි බව සමනය කිරීමේ ගුණය දෙළුම් සාරයේ අන්තර්ගත වී තිබෙන බව එහි සඳහන් වේ.

04. මතක ශක්තිය වැඩිකරවයි (විශේෂයෙන්ම ඇල්සයිමර්ස් රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ).

වෛද්‍ය හාර්ස්මන් ගේ අධ්‍යයන වල සඳහන් වන ආකාරයට ඔහු විසින් හදවත් සැත්කම් වලට භාජනය වීමට නියමිත රෝගීන් සඳහා දෙළුම් වලින් සැකසූ ඖෂධ පෙති ලබාදීමට කටයුතු කල බවයි. පළමු පෙත්ත සැත්කමට සතියකට පෙර ලබාදුන් බවත් දෙවන පෙත්ත සැත්කමට පසු සති හයකින් අනතුරුව ලබාදුන් බවත් එහි සඳහන් වේ. නිගමනයට අනුව පෙති ලබාගත් රෝගින් සැත්කමට පසුත් 100% හොඳ මතක ශක්තියකින් යුතුව පසුවන බව අනාවරණය වි ඇත. කෙසේවෙතත්, ඇල්සයිමර්ස් රෝගයේ ස්වභාවය පරිදි සැත්කමට පසු පෙති ලබා නොගත් රෝගීන් තුල අපේක්ෂිත ලෙස මතක ශක්තිය අහිමිවී තිබූ බව ද එහි සඳහන් වේ.

වෛද්‍යවරයා විශ්වාසය කරන ආකාරයට දෙලුම් පෙති මඟින් මොලයේ වැඩි වශයෙන් නියුරෝන නිර්මාණය වීමට දායක වූ බව ඔහු සතුව සාක්ෂි පවතින බවයි. නමුත්, ඔහුගේ සොයාගැනීමෙන් අදහස් වන්නේ ඔහු ඇල්සයිමර්ස් රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගත් බව නම් නොවේ. කෙසේවෙතත්, ඉන් බොහෝ දුරට ප්‍රත්‍යක්ෂ වන්නේ තරුණ අවධියේ සිටම  දෙළුම්  ආහාරයට ගැනීමට හුරුවී සිටීමෙන් ඔබේ සිරුරට ඉතා හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිවෙනු ඇති බවයි.

05. දියවැඩියාවේ බලපෑම් පාලනය කරයි

දිනාපතා දෙළුම් ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝග තත්වය හා සම්බන්ධ රුධිරයේ ඉහළ සීනි මට්ටම් පාලනයකට ලක්කල හැකි බව පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ. දියවැඩියාව වැලඳීමට බලපාන ප්‍රධාන සාධකයක් වන ඔක්සිකාර ආතතිය අවම කිරිමේ හැකියාව දෙළුම් වල අඩංගු වේ. එමෙන්ම සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් ඇතිවීම අවම කරන අතර රුධිරයේ සීනි මට්ටම අවම ප්‍රමාණයකින් පවත්වාගැනීමට ද දායක වේ.

කෙසේවෙතත්, දියවැඩියා රෝගීන් දිනපතා දෙළුම් ආහාරයට ගැනීමේදි වඩාත් සැලකිලිමත් විය යුතුය. දෙළුම් වල දියවැඩියා රෝගීන් විසින් පරිභෝජනය සීමා කල යුතු “සීනී” අඩංගුවීම ඊට හේතුවයි.

06. අස්ථි වල ශක්තිමත් බව වැඩිදියුණු කරවයි- ආතරයිටීස් වැනි තත්වයන් නිස හටගන්නා කැක්කුම්-වේදනා සමනය කරවයි.

 2011 වසරේ සිදුකල එක්තරා අධ්‍යයනයක දැක්වෙන පරිදි දෙළුම් ඇට තෙල් මඟින් සන්ධි වල මොලොක් බව දුරුකරවන බවයි.එමෙන්ම විද්‍යාඥයින් විසින් සාර්ථකව සාක්ෂි සමඟ ඔප්පු කර ඇති පරිදි දෙළුම් වල අඩංගු ඉහළ ප්‍රති-ඔක්සිකාරක ගුණ මඟින් ආතරයිටීස් වැනි තත්වයන් සුවපත් කිරීමට දායක වේ. අස්ථි වල ශක්තිමත් බව සහ නීරෝගි ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරගැනීමට දෙළුම් ආහාරයට ගැනීම හොඳ ප්‍රතිඵල ලබාදේ.