දිගින් දිගටම මැච් පරදින නිසා දුකෙන් ඉන්න දිනිතේ වල්ගමගේ

කාලයක් හැමෝගෙම ආදරේ දිනාගෙන තිබ්බ ටෙලිනාට්‍යක් තමයි ‘හාරකෝටිය’ කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත් චරිතයක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ, ‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයෙන් පස්සේ ඇය ‘සිල්ලර සමනල්ලු කියන ටෙලිනාට්‍ය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගත්තා. පසුව නිරුපිකාවක ලෙස හැමෝගෙම ආදරේ දිනාගෙන සිටි ඇය පසුගිය කාලයේ නිවේදිකාවක ලෙස කටයුතු කළා. දිනිති රංගනයට එන්නේ ටිකක් අහම්බෙන් ඉතින් ඇය ඒ කතාව අපිට කිවුවේ මේ වගේ කතාවක් ” මම කළා ක්‍ෂේත්‍රයට එන්නේ කැමැත්තෙන් නෙවෙයි, මගේ අයියගේ යාලුවෙක් ඉන්නවා චාමර සමරවික්‍රම කියලා එයා මගෙන් රඟපාන්න කැමැතිද කියා කිහිප අවස්ථාවක්ම ඇහුවා. ඒත් මම කැමැති වුණේ නෑ. ඊටපස්සේ ‘හාරකෝටිය‘ කියලා අලුත් ටෙලි ඩ්‍රාමා එකක් පටන්ගන්නවා ඔක්කොම හොඳ නළු නිළියෝ එනවද කියල ඇහුවා. මම අදිමදි කරලා තමයි හා කිවුවේ” කියලයි,

ඉතින් ඒ විදියට කලාවට ආව ඇය මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙනවා. ඉතින් දිනිති ඇයගේ ඉදිරි බලාපොරොත්තු පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තටම මම බලාපොරොත්තුවුන සේරම මේ වන විට සපුරාගෙන අවසන්. මගේ බලාපොරොත්තු විතරක් නෙවෙයි මම මවුපියන්ගෙ බලාපොරොත්තුව ඉටුකළා. මම කලාවට පය තියල මාස පහෙන් රයිගම් සම්මාන සඳහාත් නිර්දේශ වුණා” කියලයි. ඒ වගේම දිනිති ක්‍රිකට් වලටත් ටිකක් ආසයි කියලා ආරංචියක් ආවා කොහොම වුනත් ඇය ක්‍රිකට් ජර්සි එකක් ඇඳගෙන ඉන්ස්ටග්‍රෑම් එකටත් පින්තූර කිහිපයක් එකතු කරලා තිබ්බා. ඒ වගේම අපිට දැනගනන් ලැබුනේ මේ දවස්වල අපේ ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාද වීම නිසා දිනිති ටිකක් දුකෙන් ඉන්නේ කියලා අපිට පොඩි ආරංචියක් ආවා. කොහොම වුනත් ලංකා කණ්ඩායමේ මේ පරාජයන් පිලිබඳ අපිටත් ටිකක් දුකයි. ඉතින් ඔයාලා හැමෝම වගේ ගොඩක් ආදරේ කරන දිනිතිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.