‘දික්කසාද වුන එකම පිරිමියා මම නෙවෙයිනේ’ මේනකාගෙන් වෙන්වුන රනිල් කියන කතාව

ලංකාවේ හැමෝගෙම වගේ ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි රනිල් කුලසිංහ කියන්නේ. රංගන ශිල්පියෙක් ලෙස ජනප්‍රිය වුනත් රනිල් කියන්නේ දක්ෂ අධ්‍යක්ෂක වරයෙක්. ඒ වගේම රනිල් විසින් අධ්‍යක්ෂණය කළ ‘පානාමංකඩ’ සහ ‘වළවේට්ටුවා’ කියන ටෙලි නාට්‍ය දෙකම විකාශයට සියලු කටයුතු සූදානම් කරලාලු තියෙන්නේ. රනිල්ගේ තියෙන විශේෂත්වය තමයි ඔහු අධ්‍යක්ෂණය කරණ නාට්‍යවල ඔහු චරිත රඟපාන්නේ නෑ ලූ. ඒ පිලිබඳ රනිල් අපිට කිවුවේ මෙහෙමයි, ”මෙතෙක් කාලයක මම අධ්‍යක්ෂණය කළ කිසිම ටෙලි නාට්‍යයක සුළු චරිතයක්වත් මම රඟපාලා නැහැ. ඒ වගේම ඉදිරියේදීත් මගේ නිර්මාණවල රඟපාන්න අදහසක් නැහැ. අධ්‍යක්ෂණය කියන්නෙ ලොකු වගකීමක්. මං කැමතියි කරන දේ හරියට කරන්න. ඒ නිසා මම රංගනය හා අධ්‍යක්ෂණය කියන දෙකම එකට කරන්නෙ නැහැ. ගොඩක් අය කියනවා මම රංගනයෙන් ඉවත්වෙලා කියලා, මම රඟපෑමෙන් ඉවත් වෙලා නැහැ ඉරේෂ් ලොකුබණ්ඩාරගෙ ‘බිඳුණු හසරැල්’ ටෙලි නාට්‍යයේ ශලනි තාරකා සහ මේනක රාජපක්ෂ සමග මම ප්‍රධාන චරිත රඟපෑවා. මම අධ්‍යක්ෂණයට ටිකක් වැඩිපුර අවධානය දීලා ඉන්නේ” කියලයි.

රනිල් විවාහ වුනේ මේනකා පීරිස් සමග, ඔවුන් කාලයක් ගොඩක් සුන්දර යුග දිවියක් ගතකලා. නමුත් දැන් නම් මේ දෙදෙනා දික්කසාද වෙලා. රනිල් ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ඔව් මේ වෙද්දි මම විවාහයෙන් අයින් වෙලා ඉන්නේ. අපේ දික්කසාදය පිලිබඳ මෙච්චර කතාකරන්න මේ ලෝකේ විවාහයකින් අයින් වුණ පළමු කෙනා මම නෙවෙයිනේ. බෞද්ධයෙක් විදිහට අපේ ජීවිතවල යම් යම් දේවල් සිද්ධ වෙන්නෙ පින, පව අනුව කියලා විශ්වාස කරනවා. ඕනම කෙනෙක්ට තමන්ගෙ ජීවිතය ගැන ඕනම තීරණයක් ගන්න නිදහසක් තියෙනවා. ඒ තීරණ හරිද වැරදිද කියලා කාලයක් යද්දි මටත් දැනෙයි, තව කෙනෙක්ටත් දැනෙයි. දෙයක් වුණාම අපි තරහකාරයෝ වෙලා කාටවත් වෛර කරන්න ඕන නැහැ.” කියලයි, ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කල රනිල්ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.