‘දැන් මාව වට්ටන්න කාටවත් බෑ’ ජනප්‍රිය නිලි ඕෂදී කියන කතාව

නිරූපණය හරහා රංගන ජිවිතයට අඩිය තියන ඇය ඕෂධී හිමාෂා. වර්තමාන සිනමාවට කෝඩුකාරියක් වන ඇය සමඟයි මේ සොදුර කතාබහ. 1992 ගාල්ල ප්‍රදේශයේ උපත ලබන ඕෂධී නිරූපණයට උපන් හැකියාවකින් සහිත දුටුවන් වශී කරවන සුන්දර හිමිකම් කියන. ඇය නිරූපණයට දස්කම් පෙන්නු නිසාම රංගනයට ඇයට දොර විවර වෙන්නේ ඇයවත් නොසිතු ලෙසට. ඕෂධි සිනමාවට අලුත් වෙද්දි ඔබේ මංගල චිත්‍රපටය ගැන කිවොත්, “නිරූපිකාවක් වුන මගේ කුළුදුල් චිත්‍රපටය වෙන්නේ වස්සානයේ සඳ කියන චිත්‍රපටය. 2016 වසරේ තමයි මේ සිනමාපටය රූගත කරන්න පටන්ගත්තේ. 2018 වසරේදි ප්‍රක්ෂේකයන්ට නරඹන්න හැකි වුනා. අවුරුදු විසි හතරේදි සිනමාවට එන්න මගේ මංගල චිත්‍රපටය වුනේ ඒක.”

සිනමාව එක්කම ගැටුන ඔබ සිනමාව ගැන හිතන්නේ කොහොමද. “ඇත්තටම ඉගෙන ගත්ත දේට වඩා ඉගෙන ගන්න තියෙන කලාවක්. මේක පුළුල් පරාසයක ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙන දෙයක්. මම සිනමාවට ගොඩක ආසයි. ගොඩක් ආදරෙයි ඒ නිසාම සිනමාව එක්ක ජිවත් වෙනවා. සිනමාව එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.”

කුළුදුල් නිර්මාණයට පසු ඔබ නිර්මාණ වලට සම්බන්ධ වුනේ අඩුවෙන්ද, “එහෙම නෑ මට නිර්මාණ ආවොත් මම පිළිගන්නවා. මම තවත් නිර්මාණයක වැඩ ඉවර කළා. ඒ හර්ෂ උඩකන්ද මහතාගේ ‘Face to Face’ කියන චිත්‍රපටය. ඒ වගේම මම වැඩිපුරම ජනප්‍රිය වුනේ ‘ආශාවරී’ ගීතය හරහා. ඊට පස්සෙත් මම නිර්මාණ ගොඩකට දායක වුනා”

ඕෂධි ජිවිතේ වැටුන තැන් ගැන කතාකලොත් “ජිවිතේ වැටුන තැන් අනන්තයි. හැබැයි ඒ වැටුන හැම තැනකම අලුත් බලාපොරොත්තුවක් එක්ක නැගිටින්න මම පුරුදු වුනා. මොකද මම වැටෙන තැන වල තනියම අඩලා තනියම විදවලා මගේ හිත හදාගත්ත කෙනෙක්. ඒ නිසා මම වැටුන තැනින් නැගිටින්න දන්නවා. මේ සමාජේ එක්ක ඉඳලම දැන් මට පුළුවන් කෙනෙක් හැරෙද්දී මෙයා එන්නේ මොකටද කියලා කියන්න ඒනිසා මම ආයේ වට්ටන්න ටිකක් අමාරුයි” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ඕෂදීගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.