‘දැන් දැක්කත් මට එයා එක්ක හිනාවෙලා කතා කරන්න පුළුවන්’ උමාලි තිලකරත්න පරණ සැමියා පිලිබඳ කියන කතාව

ගායනයෙන්,රංගනයෙන් බොහෝ දෙනෙකුගේ හදවත ස්පර්ශ කළ සොදුරු නිහතමානි චරිතයක් ලෙස බොහෝ දෙනෙක් ඇලුම් කරන කලාකාරියක ලෙස උමාලි තිලකරත්න අපිට හදුන්වන්න පුළුවන්. ජීවිතේ කුඩා කල සිටම මනෝවිද්‍යා වෛද්‍යවරියක වෙන්නට ඇලුම් කළ ඇය අද වන විට ඒ හිනයෙන් ඈත්ව සිය ජිවිතය වෙනම පැතිකඩකට ගෙන යනවා. ඉන්දියාවට පවා ⁣යමින් මනෝවෛද්‍ය විද්‍යාව ඇය හැදැරුවත් කලා කටයුතු සමඟම ඒ කටයුතු මඟ හැරුන බව විටෙක ඇය කියා සිටියා. සැබවින්ම ඇය දක්ෂ බවට උපහැරණ අවැසි නොවන්නේ ඇය සම්මාන රැසකින් පවා පිදුම් ලබා ඇති නිසා.

උමාලි බොහෝ දෙනෙකුගේ කතාවට ලක් වෙන්නේ ආදරයෙන් පරාජිත චරිතයක් ලෙසයි. ඒත් ඇය ආදරය මෙන්ම ඇගේ ⁣ජිවිතය ගැන කියා සිටියේ මෙවැනි දෙයක්. “මම දකින්නේ ජිවිතේ සුන්දරම කාලය මේ මොහොත. මොකද ගෙවුන කාලය අපෙන් ගෙවිලා ඉවරයි. ඒක අතිතයට අයිති දෙයක්. මම මේ මොහොත මේ කාලය විදිනවා. අනික මම ආදරයෙන් පරාජිත නෑ. මොකද ආදරය කියන වචනය ඇතුලේ ජය පරාජය කියන වචන නෑ. අනිත් කෙනාගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන්නම් සැබවින්ම එතනයි ආදරය. අපිට ආදරය අයිති වෙන්න ඕනිමයි කියලා කොතනකවත් නෑ. ආදරය කියන්නේ ලබා ගැනිමම නෙවෙයි. අහිමි වුනත් සතුටක් දකින්න පුළුවන් එකට. මාව දාලා ගියපු කෙනෙක් මගේ ජිවිතේ හමු වුනත් මට හිනා වෙලා කතා කරන්න තරම් හැකියාවක් තියෙනවා. මොකද මගේ හිතේ වෛරයක් තරහක් පළිගැනිමක් කියන ⁣කිසි දෙයක් නෑ. මම කිසි දවසක ආදරය කියන දේ බලෙන් මම ලග තියාගෙන හිටියේ නෑ. අන්න ඒ නිසාම මගේ හිතට අහිමි විම් කියන දේ දැනෙන්නේ නෑ. මගේ ජිවිතේ ආදරයට ඉඩක් වෙන් කරලා තියෙන්නේ මම. හැබැයි මම වෙන් කලේ මම වෙනුවෙන් කාලයක්. මොකද තමන් මුලින් තමන්⁣ට ආදරේ කරන්න ඕනි. මේ මොහොත ගැන පමණක් හිතලා ජිවිතේ මේ මොහොත විදිය යුතුයි. මම හිතන්නේ ජිවිතේට අවශ්‍ය හොද තේරුමක් ගැනිමක්.” ඇය අවසාන වශයෙක් ඇය ගැන,ඇගේ හිත ගැන,කියු සෑම වචනයක්ම සෑම කෙනෙකුටම හිතන්න දෙයක් තියෙන බවට සැකයක් නැහැ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.